IMG-LOGO

2025 පෙබරවාරි මස 10 වන සඳුදා


රට පුරාම පෝලිම් තව දිග්ගැස්සෙයි

(සුජිත් හේවාජුලිගේ )

රටපුරා ඉන්ධන සහ ගෑස් පෝලිම් පසුගිය දිනවල තරමක් අඩුවී තිබුණත් අද (28) දිනයේ  වාහන  පෝලිම් යළිත් වැඩිවී තිබෙනු දැකගත හැකිවූ අතර ඉන්ධන ලබා ගැනීමට  පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් මේ  පෝලිම් හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්වූහ.

ඉන්ධන පිරවුම්හල්වල   පෝලිම්  හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රධාන මාර්ගවලද අධික රථවාහන තදබදයක් ඇතිවිය.

බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල අද වැඩිපුරම දක්නට ලැබුණේ  ඩීසල්  සඳහාවූ පෝලිම්ය.

පැට්‍රල් සඳහාවූ පෝලිම්ද  සමහර ස්ථානවල  දැකගත හැකිවිය.

සමහර ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් සඳහාවූ වාහන   පෝලිම් මීටර් සියය දෙසීය  දක්වා  දිගුවී  තිබූ අතර  පොදු ප්‍රවාහන බස් රථ, කන්ටේනර් රථ  සහ පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් රථද ඒවායේ  සුලභව දක්නට ලැබුණු බව අප වාර්තාකරුවෝ පැවසූහ.

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් රැසක් අද වසා තිබෙනුද  දැකගත හැකිවිය.

ඉන්ධන ප්‍රශ්නය නිසා කොළඹ සහ ඒ අවට ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල  යම් යම් නොසන්සුන්කාරි සිද්ධීන්ද ඇතිවූ බව වාර්තාවිය.

මේ අතර කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ  ජාඇල කපුවත්ත හන්දිය ප්‍රදේශය හරස් කරමින් පිරිසක් අද විරෝධතාවක නිරත වූහ.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලකට රැගෙන ආ ඉන්ධන  එහි සේවකයන් ලබා නොදෙන බවට චෝදනා කරමින් ඔවුහු මෙසේ   විරෝධතාවයේ   නියැළුණහ.

මේ හේතුවෙන් කොළඹ මීගමුව  ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද  අද  පෙරවරුවේ ඇතිවිය.

බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා තිබීම, ප්‍රමාණවත් ඉන්ධන තොග ඉන්ධන පිරවුම්හල් වලට නොපැමිණීම සහ  බැරල් වලට ඉන්ධන නිකුත් නොකිරීම   යනාදී හේතූ ඉන්ධන පෝලිම් වැඩිවීමට  බලපා තිබූ බව  අප කළ සොයා බැලීම්වලදී  තොරතුරු අනාවරණය විය.

රටපුරා බොහෝ ස්ථානවල ගෑස් පෝලිම්  දක්නට ලැබුණු අතර  ගෑස් ලබාගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් මේ නිසා දැඩි දුෂ්කරතාවයට  පත්වූහ.

ගෑස් පෝලිම්  වැඩි වශයෙන් දක්නට ලැබුණේ   කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවලය.

මේ සම්බන්ධයෙන් අප ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ වෙළෙඳපොළට ප්‍රමාණවත් පරිදි  ඉන්ධන තොග නිකුත් කර ඇති බවයි.

රටේ ඉන්ධන අර්බුදය එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු පහව යනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

පිරිපහදුවට තෙල් ඇනවුම් කරගෙන යන බවත් පිරිපහදුවේ ඉන්ධන  මෙට්‍රික් ටොන් දෙලක්ෂ පහළොස්  දහසක්  ගබඩා කළ හැකි බවත්  ඔහු සඳහන් කළේය.

එවිට තාප බලාගාරවලට  ඉන්ධන සැපයීමටද  ගැටලුවක් ඇති නොවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (1)

රට පුරාම පෝලිම් තව දිග්ගැස්සෙයි

බද්රානි Tuesday, 29 March 2022 08:18 PM

පහුගිය කාලේ උඩ පැනපු අයගේ හුළං බැහැලා වගෙයි දැන්... ඇයි ඔබලාට දරවලින් උයාගන්න බැරිද? ලාම්පු කුප්පියක් දල්වාගෙන රාත්‍රිය ගත කරන්න බැරිද? පිටරට කිරිපිටි වෙනුවට දියර ටින්කිරි ටිකක් බීලා දේශීය සංස්කෘතිය තුළ ලෙස ජීවත් වෙන්න බැරිද? ඉතින් එහෙම වුණාම ඩොලර් පිටරටට ගලා යන්නෙත් නැහැ. ලංකාවේ ඉඳගෙන සුද්දන්ට බනින්න ඕනත් නැහැ. එතකොට ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරලා සුද්දෝ. ලංකාව අල්ලගන්න එන එකකුත් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 105 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6637 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7689 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18354 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1317 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 78 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 119 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 875 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site