හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට මීට සුළු මොහොතකට පෙර රැගෙන එනු ලැබීය.
බලපත්‍ර නොමැතිව පිස්තෝලයක ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවසේදී ඊයේ(04) ඔහුව අත්අඩංගුවට ගැනිණි.
(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රන්ජන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට
Vasantha de Mel Sunday, 05 January 2020 12:51 PM
ඇති යාන්තන්, හිතට සතුටක්.
ධම්ම Sunday, 05 January 2020 04:44 PM
දැන් ඉතින් නීති උපාධි අවශ්‍ය නැහැ. ලංකාවේ දේශපාලකයින්ට මාංචු කුට්ටම උපාධියක් වගේ. මේ ෆොටෝ එක රාමුකරලා බිත්තියේ එල්ලගන්න.
Siri Sunday, 05 January 2020 06:03 PM
පිස්තෝල අල්ලන්න කියලා එවල තියෙන්නේ තාජුදීන්ගේ ලිපිගොනුව ගන්න. කාගේ වැඩක්ද කියලා පේනවනේ...
abaran Monday, 06 January 2020 05:49 AM
මල්ලිට කියන්න මල්ලි අපි ඔක්කොම යාළුවො මල්ලි... අපිට අබමල් රේණුවක තරම්වත් හානියක් වෙන්නේ නෑ මල්ලි... මල්ලිලා මොනවා හරි චූටි වරදක් කලොත් මල්ලි බඩුම තමයි මල්ලි...
sirima Monday, 06 January 2020 09:32 AM
මේ අලුත් තිර නාටකය පිටුපස ඇති ඇත්ත කතාව "ශානි අබේසේකරලා නිශාන්ත සිල්වලා වැන්නවුන් සමඟ රන්ජන් රාමනායක ඇතුළු තවත් දේශපාලකයන් සාකච්ඡා කර දැනට සිරගතවී ඉන්නා අහිංසක අයෙකු හිරේ දැමූ බවට සමාජ මතවාදයක් නිර්මාණය කර එම නඩුව නැවත ඇසීමට පාරක් කපා ගැනීම "කියලත්" ඒ සඳහා අවශ්‍ය සාක්ෂි වශයෙන් යොදාගත හැකි දුරකථන ඇමතුම් හොයන වැඩපිළිවෙලේ ආරම්භය තමයි මේක " කියලත් සමහරු කියන්නේ මොකද කියලයි අපි මේ කල්පනා කරන්නේ? ඊළඟට අත්අඩංගුවට පත්වෙන්නේ ඒ නඩුවට සම්බන්ධ මන්ත්‍රීවරියක් කියලත් කියනවා. එයාගේ දුරකථන ඇමතුම් නම් මේ වෙනකොට මකලා දාලා ඇති.
Ranga Monday, 06 January 2020 01:57 PM
කොහොමද රන්ජගේ ටෙලිෆෝන් රෙකෝඩින්ග් ටේප් ටික.. මල් හතයි ආ..." මට ඩ්‍රයිවර් කෙනෙක් නෑනේ රන්ජන්.. මම තමයි අපේ ගෙදර ඩ්‍රයිවර්.. ඉතුරු දෙන්නට දැනගන්න ඉඩතියන්න එපා. ඒ දෙන්නා තීන්දුව වෙනස් කරයි..." මල් හතයි ආ...
sirima Monday, 06 January 2020 03:44 PM
මම කීවේ නැද්ද? ඕක අර හිරේ ඉන්න කෙනෙක්ව එළියට ගන්න වැඩ පිළිවෙලේ කොටසක් කියලා? දැන් පේනවා නේද මාධ්‍යවලින් දෙන ප්‍රචාර? සමහරු කියන්නේ ඕක එක්තරා මාධ්‍ය ආයතනයක නිෂ්පාදනයක් කියලයි. අනේ මන්දා...
TharakaMonday, 06 January 2020 05:57 PM
ඉතින් සිරිමෝ ඔය පුංචි මොලේට තේරෙන්නේ නැද්ද ඒ හඬ පටවල තියන ඒවා කොච්චර බරපතලද කියල? ඒ වගේ නින්දිත විදිහට නීතිය අවභාවිත කරපු එවුන් වෙනුවෙන් මෙහෙම කඩේ යන්න හිරිකිත නැද්ද? මහාධිකරණ විනිසුරුවරියක් තමන්ගේ උසස්වීම ගන්න මේ පාර උසස් පෙළ ලියපු මන්ත්‍රී තුමාට අනේ සර් කියල පින්සෙන්ඩු වෙන එකද අධිකරණය ස්වාදීනය් කිව්වේ? ශානි අබේසේකර රන්ජගේ ගෙදර වැඩ කරන්න අහන එකද නීතිය ?
sirimaTuesday, 07 January 2020 09:42 AM
පොලිසිය භාරයේ තිබුන උසාවියට ඉදිරිපත් කළයුතු නඩු භාණ්ඩයක් ඊට කලින් මාධ්‍ය ප්‍රකාශකයින්ට සහ මාධ්‍ය ආයතනවලට ලැබුන එකෙන්ම තේරෙනවා මේ ජෝගියේ ඇත්ත අරමුණ මොකද්ද කියලා මහත්තයෝ. අනිත් එක හඬපට කපලා කොටලා අවශ්‍ය ආකාරයට සංස්කරණය කරන එක මේ නවීන තාක්ෂනය සහිත ලෝකයේ අරුම පුදුම දෙයක් නෙවේ. ඉස්සරහට තව මන්ත්‍රීවරියන් එහෙමත් අත් අඩංගුවට පත්වෙන්න පුළුවන්. දැන් අද ආරංචි උනා නේද සරණ ගුණවර්ධන මහත්තයට හිර දඬුවම් දීල හැරෙන්නත් කලින් ඇප දුන්න කතාව.
athuraTuesday, 07 January 2020 09:44 AM
හඩ පට නාටක පොහොට්ටුවේ නිෂ්පාදනයක්. පොහොට්ටුවෝ ඕවට හරි කැමැති. මතකනේ නාමල් කුමාර නාට්‍ය.
silavathi Tuesday, 07 January 2020 10:07 AM
ලැජ්ජාවක් කියල දෙයක් ගෑවිලාවත් නැහැ.මේ යකා මේ රටේ හිටියොත් පොඩි දරුවෙක්වත් හරියට හදා ගන්න බැරි වෙනවා .ඒ නිසා ජිවිත කාලයටම හිරේ තැබිය යුතු කෙනෙක් . පොඩි ළමයින්ට මෙයාව පෙන්නන්න නරකයි.
Nimal ... Wednesday, 08 January 2020 12:17 PM
බයවෙන්න එපා ඔය 225 ම හුණු කිල්ලෝටේ ඇද්දොත් ලංකාවේ අයට නෙමෙයි අපිටයි ඉන්න බැරිවෙන්නේ... බඩු මිල අහස උසට, ඒ මදිවට මැතිවරණයක් බලාපොරොත්තුවෙන් ඉතින් මහජනයා රවට්ටන්න මොන ගිනිවිජ්ජුම්බරයක් හරි දාන්න ඕනෑනේ. හැබැයි යහපාලන පොලීසියට වඩා මෙයාලා අජූතයි කියලා නම් මේකෙන් ඔප්පු වුණා. කමක් නෑ ආයෙත් රැවටියල්ලා මේ දෙගොල්ලෝ තුන්ගොල්ලන්ටම...
Dalu Banda Thursday, 09 January 2020 10:14 AM
මම කියන්නේ මෙතුමාට ගෞරව ශාස්ත්‍රපති (PHD ) උපාධියක් ප්රදානය කළොත් හොදයි කියලා. මෙම දුරකථන කතා එකතුව උපාධි ප්රබන්ධනයක් ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්. මෙයින් ඉදිරි පරම්පරාවට වටිනා යමක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙන්නේ.