IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රන් අස්වනු නෙළන පොඩි ගොවිරාළලා

(ඡායාරූප - එම්. සුසිල්  ප්‍රියන්ත)

(ඡායාරූප - ජේ.ඉඳුරුවගේ)
       
වසර 23ක් පුරන්ව තිබූ කුඹුරක, වල් නෙළා, පොහොර යොදා අස්වද්දා, අස්වනු නෙළීමේ උත්සවයක් අද(06) කරන්දෙණියේදී පැවැත්විණි.
 
කරන්දෙණිය බන්දුල සේනාධීර මහ විද්‍යාලයේ සිසු සිසුවියෝ, ගොවි ගෙවිලියන් ලෙස සැරසී අස්වනු නෙළීමට එක්වූහ.
  
බන්දුල සේනාධීර විද්‍යාලයේ චිත්‍ර විෂය භාර ආචාර්ය මාලක විජේසේකර මහතාගේ මග පෙන්වීම යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසු සිසුවියෝ මීට සහභාගී වූහ.
          
බුදු දහමට හා හෙළ සිරිතට අනුව පාරම්පරික  ක්‍රමයට මුල්තැන දෙමින් චාරිත්‍ර ඉටුකරමින් ඔවුන් අස්වනු නෙළනු දැකිය හැකි විය.



අදහස් (14)

රන් අස්වනු නෙළන පොඩි ගොවිරාළලා

sirimal Friday, 06 March 2020 09:55 AM

වටිනා ආදර්ශයක්. සියලුම දරුවන්ටත් ගුරු භවතුන්ටත් ජයවේවා.

:       1       286

kamal Friday, 06 March 2020 10:00 AM

ගොනාට ඇන්දවීම පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරන්න ඕනෑ. නැත්නම මේගොල්ල ලොකු වෙනකොට මොලේ ඇති දැනුම් තේරුම් ඇති අය වුනොත් අපේ බේබිලාගේ ජනාධිපති වීමේ සිහිනය සබෑ කර ගන්න බැරි වෙනවා.

:       2000       1688

Ran AswanuFriday, 06 March 2020 04:24 PM

තමන්ගේ නොවන පක්ෂයක් රජය කරනකොට රටේ සිදුවන සියලුම දේ නරක ලෙස දැකීම මානසික රෝගයකි. පුරන් කුඹුරක් අස්වැද්දීම වැනි උසස්ම ගණයේ ක්‍රියාවක් පවා දේශපාලන මනසිකත්වයෙන් බැලිය හැක්කේ ඔවුන්ටය. සාමාන්‍යයෙන් රටක සියයට තුනක් පමණ දැකගත හැකිය...

:       61       409

sajithFriday, 06 March 2020 09:42 PM

අර කිව්වා වගේ ගොනාට ඇන්දවීම ඇඟට දැනෙන්නේ නැතිව පොඩි කාලේ ඉඳන්ම ටිකටික දෙන්න ඕනේ.... එතකොට ලොකු වුණාම වැවයි, දාගබයි කිව්ව ගමන් හරක් රැල දක්කන්න පුළුවන් ඕනෑම දිහාවකට...

:       20       2

sigithi Friday, 06 March 2020 10:31 AM

අනේ වාසනාවන් පොඩි ගොවිරලලා ටික. දැකීමත් සතුටුයි. තෙරුවන් සරණයි ඔබලා සැමටම. ජයවේවා.!

:       1       679

gune Friday, 06 March 2020 12:08 PM

කොළඹ රෝයල් කොලිජියේ බේබිලා කට්ටියකුත් බිග් මැච් කියලා බුදු දහමට හා හෙළ සිරිතට අනුව පාරම්පරික ක්‍රමයට මුල්තැන දෙමින් චාරිත්‍ර ඉටුකරමින් උත්සවයක් කරනවා අපි දැක්කා. ගමේ එවුන් මඩේ... කොළඹ බේබිලා ගොඩ...

:       12       147

Pradeep Friday, 06 March 2020 01:55 PM

හේනේ, කුඹුරේ තෙම්පරාදු වී ඒ ගමන්ම අධ්‍යාපනයත් නිසිලෙස කරගත් දරුවන් කවදාවත් සමාජයේ අතරමං වෙන්නේ නෑ. ඔවුන් හරියට වතුර වගේ. වතුර ඕනෑම භාජනයකට දමන්න පුළුවන් වගේම මේ දරුවොත් ඕනෑම පරිසරයකට හුරු වෙනවා. ඒ වගේම ප්‍රායෝගිකයි.

:       1       250

chinthana Saturday, 07 March 2020 03:59 AM

කොළ වැඩ කරද්දී ගෑනු, පිරිමි කවුරුත් අත්දිගට අඳින්න ඕනෑ. පාරම්පරික සිරිත කියලා අත්කොටට අඳින්න ඕනෑ නෑ. ගොයම් කපපු ගමන් වේලෙන්න පෙර කමතට අදින එක සම්ප්‍රදාය නෙවෙයි. ඒක යන්ත්‍රවලින් කොළ මඩින කාලේ ඇති වූ ක්‍රමයක්. කුණු ගෑවෙන නිසා කුඹුරු වැඩට සුදු අඳින්නේ නෑ. සාම්ප්‍රදායික සිරිත් කළාට ප්‍රායෝගික පහසුව තකා වර්තමානයේ වෙනස් වී ඇති ක්‍රමය නොකර ඉන්න ඕනෑ නෑ...

:       3       54

Champa Saturday, 07 March 2020 02:17 PM

රටේ අනිත් පළාත්වල වැඩිහිටියන්ගේ ඇස ඇරිය යුතු හොඳ වැඩක්... සිංහල සිරිතට විරිතට සමච්චල් කරන සමාජයක පැරණි සිරිත් විරිත් අනුව කරපු ගොයම් කැපීම හුඟක් අගය කරනවා. ජාතියක අනන්‍යතාවය රැකිලා තියෙන්නේ ඒ ජාතියේ සංස්කෘතික ලක්ෂණ අනුව. අපේ සිංහල ශිෂ්ඨාචාරය කෘෂිකර්මය සහ බුදු දහම මත පදනම් වුනු ඉතා පැරණි ශිෂ්ඨාචාරයක්. කාලගුණය ගැන කිව්වොත් අව්රශ්මිය ගැන අනිත් වතාවේ ටිකක් සැලකිලිමත් වෙන්න. මේ උතුම් කාර්යය සංවිධානය කල ගුරුවරයාටත් පාසල් දරුවන්ටත් දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරනවා.

:       0       0

Kumar Saturday, 07 March 2020 03:18 PM

දැන් ලංකාවේ ගොයම් කපන යන්ත්‍රයක් තිබෙනවා නේද ? පසුගිය වසරේ ලංකාවට ගිය අවස්ථාවේ මේ යන්ත්‍රය ක්‍රියා කරනවා දැක්කා. කලින් වගේ ඔය සේරුවල ඉන්න තරම් සෙනග ගොයම් කපන්න සොයාගන්න හැකියාවක් නැහැ. දැන් ලංකාවේ ගැහැණු රෙදි අඳිනවද නැහැනේ. දැන් අදින්නේ උතුරු පළාතේ වගේ දිග සායවල්.

:       0       0

sara goyya Sunday, 08 March 2020 10:34 AM

වසර 23ක් පුරන් උන කුඹුරක් අස්වදනවා කියන්නේ ලොකු වැඩක්. ප්‍රතිඵල දැක දැකත් මේක අගය කරන්න බැරිනම් ජාතකයේ වරදක්.

:       1       14

KumarSunday, 08 March 2020 05:09 PM

සරා ගොයියෝ, කුඹුරු පුරන්වෙලා තිබෙන්නේ කරන්න බැරි නිසයි නැතුව ජාතකයේ වරදක් නිසා නොවේ. තමන්ට කරන්න බැරි නිසා වෙන කෙනෙකුට දුන්නොත් ඒක ගොවිපනත යටවෙලා තමන්ට අහිමිවෙනවා. දැන් දන්නවා නේද සමහර කුඹුරු අත හැර දමලා තිබෙන හේතුව. මමත් ගොයම් මිටි හිසේ තබාගෙන කමතට ගෙනගොසින් තිබෙනවා. ඒ දවස්වලත් ගොයම් පෑගුවේ යන්ත්‍රයකින්..

:       0       1

sara goyyaMonday, 09 March 2020 03:15 AM

පැහැදිලි කරදීම ගැන ඔබට ස්තුතියි..

:       0       1

sara goyya Sunday, 08 March 2020 10:49 AM

කියන්න අමතක වුණා. සම්බන්ධ වුණු හැමෝටම හද බැඳි උත්තමාචාරය පුදමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25306 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23399 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site