IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට කප් සිටුවයි


රුහුණු කතරගම මහ දේවාලයේ 2017 වර්ෂයේ ඇසළ උත්සවය සඳහා කප් සිටවීම අද අලුයම 4.30 ට යෙදුනු සුභ මොහොතින් සිදු කෙරිණ. දුටුගැමුණු රජතුමා විසින්  නියම කරන ලද මෙම චාරිත්‍රය පෙර රජ දවසේ පටන්  අඛණ්ඩව  පවත්වාගෙන යනු ලබන දේව චාරිත්‍රයකි.


කතරගම දේවාලයේ  ඇසළ මංගල්‍යයේ  ප්‍රථම චාරිත්‍රය වන මෙම කප් සිටුවීමෙන් දින 45 ක්  ගිය පසු  පෙරහැර  මංගල්‍ය  කළ යුතුය. මෙවර කතරගම  ඇසළ  මංගල්‍යය ජුලි මස 24 වැනි දින  පෙරහැර මංගල්‍යයෙන් ආරම්භවීමට නියමිතය.


ජුලි 24 ඇරඹෙන  ඇසළ පෙරහැර  දින 15 ක්  පවත්වනු ලබයි. අගෝස්තු (07) වැනි  දින අවසන් මහ පෙරහැර පවත්වා  අගෝස්තු (08) වැනි දින මැණික් ගඟේ දිය කැපීමේ  මංගල්‍යයෙන් පෙරහැර  නිමාවට පත්වන  බව  කතරගම දේවාලයේ  බස්නායක  නිලමේ ඩී. පී. කුමාරගේ මහතා පැවසීිය. අද අලුයම  4 . 30 ට යෙදුනු  සුභ හෝරාවෙන්  කතරගම දේවාලයේ බස්නාායක  නිලමේ ඩී. පී. කුමාරගේ මහතා සහ පාරම්පරික කපුමහත්වරුන්  විසින් කප් සිටුවන ලදි. මෙම අවස්ථාව  දැක බලාගැනිම පිණිස හින්දු මෙන්ම බෞද්ධ බැතිමත්හු  රැසක්  පැමිණ සිටියහ.


මෙම කප්සිටු වීමෙන් සංඛේතවත් කෙරෙන්නේ කඳසුරිදුන් හා වල්ලී දෙවඟන අතර සිදු වන විවාහ මංගල්‍යය සඳහා දින කීපයකට පෙර මඟුල් මඩුව සැදීමට සුභ නැකතක් අනුව කනු සිටුවීම බව කතරගම දේවාලයේ ප්‍රධාන කපුධුරන්දර සොමිපාල ටී රත්නායක මහතා පවසා සිටියේය.

 

(සටහන සහ ඡායාරූප - කතරගම කේ. ඩී. දේවප්‍රිය)



අදහස් (1)

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට කප් සිටුවයි

gayan dedigama Monday, 12 June 2017 03:58 AM

රටටම කද සුරිඳු පිහිට ලැබේවා !!!

:       0       12

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33528 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23923 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 212 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site