IMG-LOGO

2025 පෙබරවාරි මස 11 වන අඟහරුවාදා


රෝහල් සේවකයෝ මහ පාරේ:රෝගීහු කොරිඩෝවේ

(ඩයනා උදයංගනී)

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෛද්‍ය සහ පරිපූරක සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කර ඇති වැඩවර්ජනය නිසා ප්‍රතිකාර ගැනීමට පැමිණි අසාධ්‍ය රෝගීන් රෝහල් කොරිඩෝව තුළ දැඩි අපසුතාවයෙන් සිටිනු එහි ගිය අපට දැක ගත හැකියි. 

ෙරෝහල් සේවකයන්ගේ වර්ජනයට අදට (14) ට සතියක් සම්පූර්ණ වේ.

මෙම වෘත්තීය සමිති විසින් ඉකුත් 7 වැනිදා උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩාල වී රෝගීහු දැඩි පීඩාවට පත්වූහ.

වැටුප් විෂමතා ඉවත්කිරීම, ඖෂධ මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල්කරගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.

හෙද හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, විද්‍යුත් ඛන්තු රේඛන ශිල්පීන්, දන්ත කාර්මික ශිල්පීන්, ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවා 18 ක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති.

එසේ වුවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය නියෝජනය ‍කරන හෙද හෙදියන් සුපුරුදු පරිදි රාජකාරී කටයුතුවල නිරතව සිටිනු ද දක්නට ලැබිණි.

රෝහල්වල බාහිර රෝගී අංශවලින් හා සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්ට වෛද්‍යවරුන් විසින් ඖෂධ නියම කළත් ඖෂධවේදීන් විසින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රෝගීන් දැඩි පීඩාවකට පත්ව සිටි අතර රාජ්‍ය ඔසුසල්වලින් ඔවුන් වෙනුවෙන් නොමිලයේ ඖෂධ නිකුත් කෙරේ.

ඒ හේතුවෙන් ඔසුසල් ඉදිරිපිට දැඩි පෝලිම් තිබෙනු ද දක්නට ලැබිණි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


ඔසුසල ඉදිරිපිට



අදහස් (3)

රෝහල් සේවකයෝ මහ පාරේ:රෝගීහු කොරිඩෝවේ

suboda Monday, 14 February 2022 03:58 PM

ඉල්ලන්නේ නැතුව නිකන් රුපියල් 5000 වැඩි කරලා ආණ්ඩුව ඉල්ලන් කනවා.. හොඳ වැඩේ. මේ වෙලාවට තමයි ප්‍රේමදාස මහත්තයා හරි.. ජයවර්ධන මහත්තයාගේ හරි අගේ තේරෙන්නේ..

:       0       6

බද්රානි Monday, 14 February 2022 04:30 PM

ලෝකයේ හොඳම, උසස්ම ප්‍රමිතිගත සෞඛ්‍ය සේවයක් තියෙන්නේ අපේ මේ සිරි ලංකාවේ කියලානේ කියන්නේ? ඉතින් මේ ප්‍රදර්ශනය වන්නේ එහි ගුණාත්මක භාවය නොවේද? මෙවැනි ගුණාත්මක සෞඛ්‍ය සේවයක් රැකගන්න නේන්නම් අපේ රටේ ලෙඩ්ඩු එදා සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයට එරෙහිව සටන් කරලා එය විනාශ කළේ... එවැනි පෞද්ගලික අධ්‍යාපන ආයතන විනාශ කරලා මෙන්න මේ වගේ දිනයක පෞද්ගලික රෝහලකින් මුදල් ගෙවා බෙහෙත් ටිකක් අරගෙන බීපුවාම, ඇඟට දැනෙන සනීපය, සුවය හා සතුට නම් ඉතින්, කියලා නිම කරන්න බැහැ.

:       0       3

chathu Monday, 14 February 2022 04:54 PM

දියුණු රටවල් සෞක්‍ය නිකන් දෙන්නේ නැහැ. ඒ සඳහා හැමෝටම රක්ෂණ ක්‍රමයක් තියෙනවා. 30%ක් තමනුත් 70%ක් රක්ෂණ ආයතනෙනුත් ගෙවනවා. ඒක නිසා සෑම රෝහලකටම සල්ලි තියෙනවා. අලුත් උපකරණ ගන්න, ඉන්න සේවකයින්ට ප්‍රමාණවත් වැටුපක් ගෙවන්ඩ පුළුවන්... උද්ගෝෂණ කරන්න ඕනෑ වෙන්නේ නැහැ. නිකන් බෙහෙත් සහ අධ්‍යාපනය දෙනවා කියලා මිනිස්සු ලංකාවේ ඉන්නේ නැහැ. අසාවෙන් ගෙවලා ජීවත් වෙන්න ඕනි රටවල් වලට යනවා. දුප්පත් මිනිස්සුන්ට ගෙවන්න බැහැ කියලා... පුළුවන් අයත් ගෙවන්නෙත් නැහැ. හැමදාම නිකන් බෙහෙත් අරගන්නවා. ලංකාව කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ ඒක නිසා... දුප්පත් අයට කිසියම් ක්‍රමවේදයක් සහ අනිත් හැමෝටම සාධාරණ ගාස්තුවක් අයකරා නම් ලංකාව දියුණු රටක් වේවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 105 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6638 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7689 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18354 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1317 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 87 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 123 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 887 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site