IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


ලංකාව මෝටර් රථයක් නිපදවයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් හිදී අද (10) මුල් වරට වෙළෙඳපොලට හඳුන්වා දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ. 

මෙම අවස්ථාව දේශීය වශයෙන් රථ වාහන එකලස් කිරීමේ සහ වාහන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

මෝටර් රථය හදුන්වා දීමෙි අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන් ජින් ජියොන්ග් (Santhush Woonjin JEONG), ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, අබාන්ස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් වන සරොෂි ඩුබාෂ් සහ රුසි පෙස්ටොන්ජී යන මහත්ම මහත්මීහු  ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (33)

ලංකාව මෝටර් රථයක් නිපදවයි

ANURA ROME Friday, 10 February 2023 07:53 PM

මේවා දැක්කාම අපත ජෙප්පන්ගේ ඇස්වලට කටු අනින්න වගේ ඇති... රටේ දියුණුව දකින්නම අකැමැති කාලකණ්ණි ටිකක් තමයි මේ... !

:       20       16

සමන් Friday, 10 February 2023 07:54 PM

ලංකාව පළමු වරට මෝටර් රථයක් එකලස් කරපු එකයි වුණේ. පිට රැටියො ඇවිත් මෙහෙ කාර් එකලස් කරන එක මේ ගෝත්‍රික සමාජයට ලොකු ජයග්‍රහණයක්....

:       14       11

SUNIL MILANO Friday, 10 February 2023 07:57 PM

හරිම ආඩම්බරයි... තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවායි මගේ එකම පැතුමයි...

:       2       13

gamsabaa Friday, 10 February 2023 08:17 PM

වොක්ස්වැගන් රනිල්ගේ තවත් මැතිවරණ ගුණ්ඩුවක්...

:       6       10

පිටිගල මිලානෝ Friday, 10 February 2023 08:29 PM

ඔයිට වැඩිය ලොකු වාහන එකලස් කරන වැඩ්ඩන් ලංකාවේ අපේ ගමේත් ඉන්නවා. වැදගත් වන්නේ එකලස් කිරීම නෙවෙයි අපේ රටේ නිෂ්පාදනය කරපු අමතර කොටස් සොච්චමක් වත් මේ රථයේ අඩංගුද යන්නයි.

:       4       14

driver Friday, 10 February 2023 08:35 PM

පොඩි එකෙක්ව සෙල්ලම් කාර් එකකින් තිබ්බා වගේ...

:       10       12

G.A..S.K.පෙරේරා Friday, 10 February 2023 08:41 PM

සුබපැතුම්! කාලීන අවශ්‍යතාවක් ඉටුවීමක්...

:       5       13

සමන්ත Friday, 10 February 2023 08:43 PM

එකලස් කිරීමයි, නිෂ්පාදනයයි කියන්නේ එකක් නෙමේ දෙකක් හොඳේ. කොහොම වුණත් වැඩේ හොඳයි...

:       2       17

Kapila Friday, 10 February 2023 09:16 PM

රනිල් මුලින්ම පැදෙව්වා කියන්නේ දෙවියන්ගේ පිහිටයි. බස් මෑන්ට දුන්නා නම් කොහොමද? හර්ෂ කියයි... මේ කාර්එක හොඳට පදවපු නිසා රට පාලනයට සුදුසුයි කියලා....

:       4       13

JSP Leader Friday, 10 February 2023 11:25 PM

ඇත්තෙන්ම මේක හොඳ ප්‍රවණතාවයක්... අපි ගරු කළයුතුයි. දිරිමත් කළ යුතුයි ඔවුන්ව...

:       2       13

[email protected] Friday, 10 February 2023 11:26 PM

ගොඩක් හොඳයි...!

:       3       11

Perera Saturday, 11 February 2023 01:36 AM

වාහන එකලස් කිරීමයි, නිපදවීමයි ලොකු වෙනසක් තියෙනවා. 1970 ඉඳලා ලංකාවේ වාහන එකලස් කරනවා. නමුත් තවම නිපදවන්න බැරිවෙලා තියෙනවා.

:       2       15

නලින් Saturday, 11 February 2023 01:46 AM

මේ ප්‍රවෘත්තිය බලපු ප්‍රමාණය දැක්කාම හිතෙනවා වාහන සිහිනය සැබෑ කරගන්න කී දෙනෙක් බලාගෙන ඉන්නවාද කියලා. මේ ප්‍රවෘත්තියේ වාහනයේ මිල සඳහන් කරලා නැති වුණාට, මේකේ හඳුන්වාදීමේ මිල ලංකාවේ රුපියල්වලින් ලක්ෂ අසූ තුනක් වෙනවා. මේ වගේ සමාගම් වලට, ඉතා අඩු මුදලට හෝ නොමිලේ ඉඩම් ලබා දීලා, බදු සහනත් දීලා ඇති. එහෙම වාසිත් අරගෙන මේක විකුණන මිල නම් කිසිම සාධාරණයක් නැහැ. ආණ්ඩුව වගේම තමයි.

:       2       11

siri Saturday, 11 February 2023 02:12 AM

මා දන්නා තරමට නම් ලංකාවේදී එකලස් කර නිෂ්පාදනයවූ මුල්ම මෝටර් රථය වන්නේ උපාලි විජේවර්ධන මහතා 1970 දී හෝමාගම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කල " උපාලි මැස්ඩා" මෝටර් රථයයි. ඒකාලයේ මෙම කර්මාන්ත ශාලාවේ වාහන 500 ක් නිෂ්පාදනය කරනු ලැබුවා. පසුව එම කර්මාන්ත ශාලාවේදීම " උපාලි ෆියට් 128" වාහනයද නිෂ්පාදනය කරනු ලැබුවා. උපාලි විජේවර්ධන මහතා කොළඹ ගංගාරාමය විහාරස්ථානයට පුජා කල උපාලි ෆියට් 128 මෝටර් වාහනය අදත් එහිදී දැකගන්නට පුළුවන්. ඒ මහතා අකාලයේ රටට අහිමි කිරීම නිසා විශාල සේවයක් අපේ රටට අහිමි උනා.

:       0       4

chandima Saturday, 11 February 2023 02:17 AM

හොරෙකුට අහු නොවුණා නම් ලංකාවේ හදපු වොක්ස්වැගන් වාහනේකත් ඔය විදිහටම වාඩිවෙලා හිනාවෙලා පින්තූරයක් ගන්න තිබුණනේ... නේද?

:       6       17

තරංග Saturday, 11 February 2023 07:34 AM

හරියටම කිව්වොත් පිටරටින් ඔක්කොම කෑලි ටික ගෙනැල්ලා ලංකාවේදි මූට්ටු කරනවා.

:       14       30

ganegodaSaturday, 11 February 2023 05:40 PM

මූට්ටු? මැතිවරණ පූට්ටුවක්...

:       6       12

Jagath Saturday, 11 February 2023 08:55 AM

මෙයා හිතාගෙන ඇති මෙයා කරපු දෙයක් කියලා. අන්න මිට්සුබිෂි සමාගම ලංකාවේ තත්වය ඉතාමත් නරක නිසා රට දාලා යනවා. මේ පින් ජනාධිපතියා මිනිසුන්ව රවට්ටමින් සිටිනවා.

:       17       37

senaSaturday, 11 February 2023 12:35 PM

ඒ කතාව ඇත්ත... බලන්නකෝ මුහුණේ තියෙන මිස්ටර් බීන් ලුක් එක..

:       8       32

ලුම්බිණි Saturday, 11 February 2023 09:35 AM

එතකොට කෝ අර වොක්ස්වැගන් එක...?

:       11       31

ජුනයිඩ් නානා Saturday, 11 February 2023 10:34 AM

මයික්‍රෝ කම්පැණිය අනාදිමත් කාලෙක ඉඳලා මෝටර් රථ එකළස් කරනවා. කවුරුවත් උදව් කරන්නෙත් නෑ. ඒ ගැන කතා කරන්නෙත් නෑ. ලෝරන්ස් ප්‍රනාන්දු මහත්තයා කොමිස් හා අල්ලස් නොදෙන හින්දාද මන්දා... මයික්‍රෝ පැන්ඩා පොඩි නිසා පේන්නේ නැතුවද? සුඛෝපබෝගී සංචාරක බස් කොච්චර පාරෙ දුවනවාද? ඒවා ගැන කතා නෑ. පෙස්ටොන්ජිලාට දෙන සප් එක ලෝරන්ස් මහත්තයාට දුන්නා නං මෙලහට ලංකාවෙ කාර් අලුතෙන්ම හදනවා. අනුන්ගේ ලබු එකලස් කරන්නේ නැතුව.

:       8       54

ErangaSaturday, 11 February 2023 10:09 PM

ලෝරන්ස් කියන්නෙත් තවත් පට්ට ලෝක හොරෙක්..නොදන්න දේවල් කියවන්න කලින් හොයලා බලන්න නානා..

:       8       3

ජුනයිඩ් නානාSunday, 12 February 2023 10:54 PM

ඔබේ කොමෙන්ටුට අදාල වන්නේ ඔබට පමණමයි Eranga ළමයෝ... ලෝරන්ස් ප්‍රනාන්දු නියම මහත්මයෙක්. ඔබ නොදන්නා බව පෙනේ. ඊර්ශ්‍යා කිරීමෙන් ඔබට ඔබේ සිත පමණක් රවටා ගත හැකියි. ලෝරන්ස් මහතා දොල පිදේනි නොදුන් නිසා අදටත් එතුමාගේ කකුළෙන් අදින බව පමණක් කියනු කැමැත්තෙමි.

:       1       3

ෆොක්ස් වැගන් Saturday, 11 February 2023 10:42 AM

එතකොට මේකෙන් බදුල්ලේ ඉස්පිරිතාලේ ලෙඩ්ඩුන්ට බෙහෙත් ටික ලැබෙනවාද? අනුරාධපුරේ බඩගින්නේ ඉස්කෝලේ යන ළමුන්ට කන්න ටික ලැබෙනවාද? මෝඩ චූන් එපා රනිලෝ... හදලා ගෙනාවත් ඩොලර් යනවා. හදන්න කෑලි ටික ගෙනාවත් ඩොලර් ටික යනවා. කිරෙන් බාල වුණු එවුන්ගේ ආතල් මේවා...!!!

:       25       35

Rata Perata Saturday, 11 February 2023 01:41 PM

වැරැදි පින් බතෙක් ඉස්සරවෙලාම එළවන්න අරගෙන තියෙන්නේ. දැන් ඉතින් පිරිත් වතුර ටිකක්වත් දාලා ආයෙත් පටන් ගන්න. නැතිනම් ඔක්කොම කාබාසිනියා වෙලා යයි ...

:       9       7

surasena Tuesday, 14 February 2023 12:31 PM

ඔව් ... දැන් ඉන්දනත් නැතිනිසා " පිරිත් වතුර " තමයි ගහන්න වෙන්නෙ !

:       1       0

ජයේ Saturday, 11 February 2023 02:46 PM

මේක බද්ද / බද්ධ වගේ නේද? උපාලි ෆියට්, උපාලි මැස්ඩා අමතකද? පුතේ! යුනික් රේඩියෝ?

:       4       14

siri Saturday, 11 February 2023 03:39 PM

මා දන්නා තරමට නම් ලංකාවේදී එකලස් කර නිෂ්පාදනය වූ මුල්ම මෝටර් රථය වන්නේ උපාලි විජේවර්ධන මහතා 1970 දී හෝමාගම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කල " උපාලි මැස්ඩා" මෝටර් රථයයි. ඒ කාලයේ මෙම කර්මාන්ත ශාලාවේ වාහන 500 ක් නිෂ්පාදනය කරනු ලැබුවා. පසුව එම කර්මාන්ත ශාලාවේදීම " උපාලි ෆියට් 128" වාහනයද නිෂ්පාදනය කරනු ලැබුවා. උපාලි විජේවර්ධන මහතා කොළඹ ගංගාරාමය විහාරස්ථානයට පූජා කළ උපාලි ෆියට් 128 මෝටර් වාහනය අදත් එහිදී දැකගන්නට පුළුවන්. ඒ මහතා අකාලයේ රටට අහිමි කිරීම නිසා රටට අහිමිවූ දේ අප්‍රමාණයි.

:       1       33

Piyasingha Saturday, 11 February 2023 03:41 PM

ඔය කැකිරි පැලෙන ලස්සන හිනාව දැක්කාම මිනිස්සුන්ගේ ප්‍රශ්න සියල්ලම අමතක වෙනවා.

:       6       9

Banda Saturday, 11 February 2023 05:04 PM

හොඳ දෙයක්වත් අගය කරපල්ලා. හැමදාම කෙඳිරි ගගා ඉන්නේ නැතුව ජෙප්පන් වගේ...

:       23       23

Lalla Saturday, 11 February 2023 11:05 PM

කරුණාකර මයික්‍රෝ ආයතනය දිරිගන්වලා එකලස් කිරීම අගය එකතුකරන මොඩලයටවත් යවන්න. අනික වේගා රථය. උදව් කරන්න ඕනෑ ව්‍යාපෘති...

:       1       9

තොප්පියා Sunday, 12 February 2023 03:50 PM

බයිසිකලේට හුළං ගහන්න පොම්පයක් හදාගන්න බැරි නුඹලා කොහොමද මෝටර් රථයක් නිෂ්පාදනය කරන්නේ ?

:       4       9

maheshMonday, 13 February 2023 12:54 PM

අනුන්ට බනින්නේ නැතිව හදන්නකෝ... ජෙප්පෙක් වගේ කොකු දාන්නේ නැතිව...

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 104 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6637 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6274 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7689 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18354 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1316 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 39 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 841 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site