(ළහිරු හර්ෂණ)
ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය සම්භාවනීය නාට්‍යකරුවෝ රැසකගේ සහභාගිත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ඊයේ (27) පැවැත්විණි.
1948 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානය පිහිටුවීමෙන් පසු,1961 වර්ෂයේ දී ජාත්‍යන්තර රංගකලා ආයතනය (International Theatre Institute) ලෝක නාට්‍ය දිනය සැමරිය යුතු බවට ගත් තීරණයකට අනුව මාර්තු මස 27 වැනි දිනය “ලෝක නාට්‍ය දිනය“ නමින් නම් කළ අතර, 1962 වර්ෂයේ සිට මේ දක්වා ලෝකය පුරා නාට්‍ය දිනය උත්සවාකාරයෙන් සමරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
ජාත්‍යන්තර රංගකලා ආයතනය විසින් සෑම වසරකම ජාත්‍යන්තර තලයේ නාට්‍යකරුවකු විසින් රචිත නාට්‍ය දින පණිවුඩයක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර එය සිය සමාජික රටවල් වෙත බෙදා හරී. මෙවර ලෝක නාට්‍ය දින පණිවුඩය ඉදිරිපත් කර ඇත්තේ, ඇමෙරිකා ජාතික “පීටර් සෙලර්ස්“ මහතා විසිනි.
නාට්‍යමය අවකාශයේ යථාර්තය යන මැයෙන් විශේෂ දේශනයක් ප්‍රවීණ නාට්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරි මහතා පවත්වනු ලැබු අතර, ටවර් හෝල් රගහල පදනම විසින් දෙමළ භාෂාවට පරිවර්තනය කර මුද්‍රණය කළ, ප්‍රවීණ නාට්‍යවේදිනී සෝමලතා සුබසිංහ මහත්මියගේ “පුංචි අපට දැන් තේරෙයි“ හා “තොප්පි වෙළෙන්දා” නාට්‍ය පිටපත් ද්විත්වය මෙම උත්සවයට සමගාමීව එළිදැක්විණි.
ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ති ජයසිංහ, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, ටවර් හෝල් රගහල පදනමේ භාරකාර මණ්ඩල සාමාජික හෂීම් ඕමාර්,ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්ම මහත්මිහු සහ ප්‍රවීණ නාට්‍යවේදීන්, කලාකරුවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලෝක නාට්‍ය දින සැමරුම් උත්සවය එල්ෆින්ස්ටන් රඟහලේ දී