IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වට්ටක්කා ගොවීහු කබලෙන් ලිපට

   (හිරාන් ප්‍රියංකර ජයසිංහ)              

නවගත්තේගම වට්ටක්කා ගොවීහු  සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අසරණභාවයට පත්ව සිටිති. වට්ටක්කා කිලෝවක් මේ දින වල අලෙවි වන්නේ රුපියල් 07-08 ප්‍රමාණයකට බව ඔවුහු පවසති.

මේ හේතුවෙන්  වට්ටක්කා කිලෝ ලක්ෂ ගණනක් වටිනා අස්වැන්න අත්හැර  දමා  ඇති අතර ඇතැම් ගොවීහු වනසතුන්ට ආහාරය පිණිස සිය අස්වැන්න  වගා භූමියේම අතහැර තිබේ.

නවගත්තේගම,  කොන්කඩවල හා ගාමිණිපුර ගම්මානවල වගාකරුවෝ  වි ගොවිතැන් සඳහා ජලය ප්‍රමාණවත් නොවිම නිසා වට්ටක්කා වගා කිරීමට ගොවීහු පෙළඹුණ බවත්  මේ වන විට වගාවන් සඳහා  සිදු වු ණය  ගෙවා ගැනීමටවත් නොහැකිවී ඇතැයි ඔවුහු පවසති.

  වගා කරුවන් 60 කට ආසන්න පිරිසකගේ  වට්ටක්කා කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් මෙසේ විනාශ  වෙමින් පවති.  රජයේ සහ කිසිදු වගකිව යුතු අංශයක් සිය  වගාව මිලදි ගැනිමට මේ වන විටත් ඉදිරිපත් ව නැයිද ඔවුහු කියති.



අදහස් (24)

වට්ටක්කා ගොවීහු කබලෙන් ලිපට

sarath Monday, 30 April 2018 11:16 AM

පවු මේ ගොවියෝ. අතරමැදියෝ හූරන් කනවා එදත් එහෙමයි අදත් එහෙමයි.

:       3       222

chaminda Monday, 30 April 2018 11:56 AM

ලොරියක් කුලියට අරගන , වට්ටක්ක ටික පටවගන , තරාදියකුත් අරගන , පාර දිගේ කොළඹ පැත්තට ආව නම් , පාර අයිනේ තියන එළවලු කඩ වලට , එකකට කිලෝ දහය ගනනේ දැම්මත් , පොල්ගහවෙල දිහාට එද්දී වට්ටක්ක ටිකත් ඉවර කරගෙන.

:       1       314

nisar Monday, 30 April 2018 12:01 PM

ඔවා මිලට ගන්න මිනිස්සුන්ගේ දේපලවලට ගිනි තිබ්බහම කොහොම මිලට ගන්නද.?

:       1256       578

Raveendra Monday, 30 April 2018 12:51 PM

අනේ මේ අපේම අහිංසක පුරවැසියන් තමන්ගේ අස්වනු විකුනාගැනීමට නොහැකිව විදින වදය. අප රටේ ඉන්නවා යයි කියා ගන්නා ආර්ථික ඔස්තර්ලාට මෙම විපත නොපෙනෙන්නේ මන්ද ?

:       17       25

Pradeep Monday, 30 April 2018 01:09 PM

ගොවියන් තම වගාවන් ආරක්ෂා කර ගන්නේ සාත්තු කරන්නේ හරියට දෙමව්පියන් දරුවන් රැකබලා ගන්නවා වගෙයි. එහෙම කැපකිරීම් කරලා බලාපොරොත්තු තියාගෙන හදන වගාවේ අස්වැන්නට ඉල්ලුමක් නැතිවෙනකොට ඔවුන් මොනතරම් අසරණ වෙනවද? රටේ මුල් පුරවැසියා සහ කෘෂිකර්ම ඇමති රජරට කෘෂිකාර්මික ප්‍රදේශයක සිටින අය... එහෙමත් වෙලා ගොවින් මේ තරම් අසරණ වෙනවා නම් ඔවුන්ට කාගේ පිහිටක්ද? රටේ එක්තරා සීමිත පිරිසක් සුර සැප විඳින අතරේ බහුතරයක් දෙනාගේ තත්වය මේක නම් තව වසර කීපයකදී අපේ රටේ අනාගතය? තවත් හයිටියක්, සෝමාලියාවක්, උගන්ඩාවක් විය නොහැකිද? මමත් ගොවි පවුලක ඉපදුණු කෙනෙක්.... වගාවන් වල නිරතවුණු කෙනෙක්... (අපේ කෘෂිකර්ම ඇමතිවරයාගේම ප්‍රදේශයේ) නමුත් මේ සිදුවෙන දේවල් නිසා වගාවන් අතහැර දැමුවෙක්...

:       0       54

de silva berlin Monday, 30 April 2018 01:17 PM

ඔය ප්‍රදේශයේ ඕනේ තරම් ලොරි කොළඹ එනවා බඩු ගෙනියන්න. එහෙම ලොරියක් අඩු හයර් එකකට කතාකරගෙන 4-5 දෙනෙක් එක්ක ලොරියේ නැගලා තරාදි ටිකකුත් අරගෙන ඇවිත් කොළඹ කිට්ටු කරලා 4 -5 පොලක ඔය වට්ටක්කා ටික බාගෙන එතන ඉඳන්ම කිලෝ එක රුපියල් 40-50කට වික්කානම් මිනිස්සු පෝලිමේ එනවා ගෙනියන්න. වට්ටක්ක කියන්නේ එක වරම නරක් වෙන දෙයක් නෙවේනේ.. එක දවසෙන් බැරිවුනොත් දවස් 2-3 පුළුවන් විකුණා ගන්න. මේ වැඩේට පුරුදු වුණාම සතියකට වරක්, දෙවරක් ප්‍රදේශයේ තිබෙන කෘෂි නිෂ්පාදන ගෙන එන්න පුළුවන් විකුණගන්න. එම ස්ථානවලට අවට ඉන්න පාරිභෝගිකයෝ සහ කොළඹ අවට පොඩි තොග වෙළෙන්දෝ පුරුදු වෙනවා බඩු ගන්න එන්න. එතකොට ඔය ආර්ථික මධ්‍යස්ථානේ ඉන්න කාක්කන්ගේ නිකම්ම ගණන් බස්සන්න පුළුවන්.

:       0       5

gallage Monday, 30 April 2018 01:55 PM

පත් කරගත්ත ආණ්ඩුව. දුකයි අහිංසක මිනිස්සු ගැන...

:       1       0

ROSHAN Monday, 30 April 2018 03:52 PM

මට මේ පින්තූරය හැම තිස්සේම මගේ මතකයට එනවා. ගොවි මහත්වරුන් දැනගන්න ඕනේ රටේ පාලකයන්ගේ තරම... ඔය එළවලු වාහනයක දමාගෙන කොළඹ පැත්තට ගෙනෙන්න.

:       0       1

de silva Monday, 30 April 2018 09:22 PM

ඉස්සර දකුණේ මනුස්සයෙක් හිටිය වට්ටක්ක සරත් කියල මිනිහත් මුලින්ම කලේ හේන් ගොවිතැන් මිනිහ වවපු වට්ටක්ක කොලඹින් බඩු ගෙන යන්න එන යකඩ බඩු කඩේ ලොරියේ පටවාගෙන එනවා , මුහුදු බඩ මාර්ගයේ නගරවල තිබෙන පොඩි එළවලු කඩවලට තොග මිලට වට්ටක්ක විකුනනවා , ඉතුරු වෙන ඒවා කොළඹට කිට්ටුව ගාලු පර අයිනේ තිබෙන අදුනන කෙනෙකුගේ ඉඩමකට බාල එතැන් තියාගෙන සිල්ලරට විකුණුව , වට්ටක්ක ඉකමනට නරක නොවෙන එළවළුවක් නිසා දවස් 2-3 පර අයිනේ ගොඩගහගෙන විකුණුව , මෙතනට මිනිස්සු වට්ටක්ක ගන්න එන්න පුරුදු වුන , පස්සේ සතියකට ලොරි 2-3 ගෝලයෝ දමල විකුණුව , පස්සසේ මිනිහත් ලොරියක් ගත්ත , පාපැදියෙන් ගමන් බිමන් ගිය මනුස්සය අන්තිමට ගමන් කලේ බි එම් ඩබ්ලිවු කාර් එකේ , ඉතින් ඔය ගොවිමහතුන්ටත් එම ක්‍රමයම අනුගමනය කලානම් වට්ටක්ක ටික විකුණා ගන්න තිබුන

:       3       45

dasun Monday, 30 April 2018 11:55 PM

අලුත් විදිහකට හිතන්න. චමින්ද කිව්වා වගේ ඔගොල්ලන්ම විකුනන්න. නැත්නම් ඕව තම්බල, බේක් කරලා මොනවහරි කරලා විකුනන්න. ඔන්න වෙලාව දෙයක් කරන්න. දුක් වෙලා බැහැ හිත තද කරන වැඩේ කරන්න.

:       0       7

ධනුෂ්ක Tuesday, 01 May 2018 02:23 AM

රජය මේවා පිටරටවත් යවන්න අැති හැකියාව ගැන හොයලා බැලුවනම් හරි. අනික නලධාරීන් මේවට මදිහත් වී ගොවියා දැනුවත් කර ඔවුන් පෙළඹවිය යුතුයි ශෂ්ය මාරුවට වගා කිරීමට. එක් කන්නයක කෙනෙක් වගාවකින් ලොකු අාදායමක් ලබා ගත්තම ඊළඟ කන්නයේ ඔක්කොම එ් වගාව කරනවා. එතකොට මේ දේ වෙනවා කොහොමත්. මේ ගොවීන් 60 දෙනා බෝග දහයක් වගා කරානම් මේ ගැටලුව නෑ.

:       0       11

Senarath Tuesday, 01 May 2018 03:39 AM

මේවා රජයේ සහ නිලදාරීන්ගේ වරද . කිසිම සැලසුමක් නැහැ. නිලදාරීන් වගාකලයුතු දේ ගැන ගොවින් දැනුවත් කරලා තියන්න ඕනේ. එහෙම නොඋනම වෙන්නේ, හැමෝම එකම දේ වගා කරලා ලැබෙන පලදාව තුට්ටු දෙකට විකුනන්න වෙනවා. හැමෝම අමාරුවේ වැටෙනවා. ගොවීන්ට බැහැනේ, රටපුරා වගාකෙරෙන දේ ගැන සොයල අත්‍යවශ්‍ය දේ පමණක් වගාකරන්න. ඒවා කරන්න ඕනේ නිලදාරීන්. අනෙක දේශපාලකයෝ මේ වගාව මිලදී ගන්න ක්‍රමයක් හදන්න ඕනේ. පවු මේ අසරණ ගොවින් , දහසක් බලාපොරොත්තු ඇතිව ණයවෙලා වගාව කරලා , වනසතුන්ගෙන් එක බේරාගෙන , අන්තිමට වාහන වල පටවාගෙන ඇවිල්ල පාරට විසිකරලා යනවා.

:       13       603

janahitha Tuesday, 01 May 2018 04:04 AM

වට්ටක්කා ගොවීහු පමණක් නොවෙයි මුළු රටේ ජනතාවම කබලෙන් ලිපට දමා ඉවරයි. මේක තමා අපේ රටේ හැටි. වෙනත් රටවල කරන්නේ රජය මැදිහත් වෙලා මේවා අලෙවි කරගන්න උදවු කරනවා. ඒ වගේම මේ වගේ පලදාවන් කල් තිය ගන්න පහසුකම් සලසනවා. තව මස දෙකකින් මේ එළවුළු වල මිල කොපමණ ඉහලද කියල දැනගන්න පුළුවන්. තව මාසයක් ඊළඟ පසළොස්වක එනකන් තිය ගත්තොත් ජය ගත හැකියි.

:       55       115

himalTuesday, 01 May 2018 12:06 PM

අද මේ පුවත පළ වෙන මේ ලංකාදීප පුවත්පතේ තවත් තැනක වට්ටක්කා ඇසුරින් නව නිෂ්පාදන කරන්න ලංකා කාර්මික තාක්ෂණ ආයතනය සූදානම්ව ඉන්නවා. නිෂ්පාදකයන්ට ඉදිරිපත් වෙන්න කියලා තියෙනවා. කරුණාකර පත්තරය පරීක්ෂාකාරීව කියවන්න පුරුදු වෙන්න.

:       0       43

ruwan Tuesday, 01 May 2018 05:02 AM

මොන රටේද රජය මැදිහත් වෙලා එලවලු විකුනන්න පහසුකම් සලසන්නේ දන්නේ.............. නැති නිසයි ඇහැවුවේ...... ඕන් මිල වැඩි උනාමත් පවතින රජය වැරදියි ලාබ උනත් පවතින රජය වැරදියි පුලුම රටක් අපේ රට පුදුම විදිහට හිත්න පතන මිනිස්සු ඉන්න රටක්

:       141       43

Athula KTuesday, 01 May 2018 06:42 AM

ඔබ දන්නේ නැතිව ඇති 77 JR රජය වහල දාපු අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මාක්ෆෙඩ් වගේ ආයතන තිබුණ මේවා මිලදීගන්න. ඒවා වහල හදපු වෙළඳ එකාධිකාරිය තමයි හෙනේට හිටලා තියෙන්නේ.

:       53       45

SenarathTuesday, 01 May 2018 08:03 AM

අතුල තව වී අලෙවි මණ්ඩලය කියලා එකකුත් තිබුන. 1983 විතර වෙනකම් හොදින් ක්‍රියාත්මක උනා. ඒවයෙත් හිටිය සමහර නිලධාරීන් සහ එදා රජයේ වැරදි නිසා එහි ක්‍රියාකාරිත්වය ඉතාම අඩු උනා. දැන් නම් කොහොමද දන්නේ නැහැ.

:       0       17

උමේෂ් Tuesday, 01 May 2018 06:26 AM

ගොවි මහත්තයෝ, 1. ලගම තියෙන නගරෙට යන්න. 2. පාරේ වේලි වේලි ඉන්න ලොරි රියදුරු මහත්තයෙක් එක්කරගෙන හේනට යන්න. 3. වට්ටක්කා ටික ලොරියට දාගන්න. 4. දෙන්නත් එක්ක කඩයක් කඩයක් ගානේ යන්න. 5. හම්බෙන ගාන දෙකට බෙදා ගන්න. කට කියවන්න ලෙසියි. කරන්න අමාරුයි තමයි. මොකුත්ම නොකර ඉන්නවට වඩා උත්සහ කරල බලන එක වටිනවානේ.

:       0       31

Sanjeewa Tuesday, 01 May 2018 08:03 AM

අහල තියෙනවද වට්ටක්කා ඇට පෝෂණ ගුණයෙන් අනූන ලොකයේ ඉතාමත්ම ජනප්‍රිය ඇට වර්ගයක් කියලා. සුද්ද කරපු වට්ටක්කා ඇට කිලෝ එකක සිල්ලර මිල රුපියල් 4000ක් විතර වෙනවා. අපේ රටට එව්ව ගෙන්වන්නෙත් පිටරටින්. කවුරුවත් නැද්ද මේ අයට වට්ටක්කා ඇට අරගෙන පොතු ඇරලා වෙළදපොලට දාන්න උදව් කරන්න කෙනෙක්?

:       0       0

shantha Tuesday, 01 May 2018 02:43 PM

වට්ටක්කා කල්තියාගන්න පුළුවන් දෙයක් මිල වැඩි කාලෙට විකුනනන්න පුළුවන් ඒ වගේම වට්ටක්ක වලින් හදන කෑම වර්ග හඳුනා දෙන්න ඕන ජීවත් වෙන්න අමාරුයි කියන මිනිස්සු රුපියල් 500 විතර දීලා කුකුළු මස් ගන්න එත් රුපියල් 50 ක් දීලා වට්ටක්කා ගන්නේ නැහැ

:       0       0

sisira Tuesday, 01 May 2018 10:33 PM

අනේ අපේ දුප්පත් ගොවියන්ට යන කල දසාව. මේ අහිංසක මිනිස්සු තැනගේ දහදිය මහන්සියෙන් උපයපු අස්වැන්න විකුණගන්න බැරුව ලතවෙනවා, මහා දුකක් විඳිනවා. දියවන්නාවේ කෝටිගණන් වටිනා කාර් අපේ මිනිස්සුන්ගෙන්ම හොරකම් කරපු සල්ලිවලින් අරෙගෙන සුර සැප විඳිනවා.

:       0       0

ෂෆීක් Wednesday, 02 May 2018 04:30 AM

වට්ටක්කා ඇට වලට හොද වෙළදපොලක් තියෙනවා අරාබි කරයේ.

:       0       1

asiri Wednesday, 02 May 2018 04:39 AM

වට්ටක්ක ඇට වලට සුපිරි හෝටල් වල හොඳ ඉල්ලුමක් තියෙනවා. මේවා අහක නොදා ඒ වගේ දෙයකට යොමු කරන්න පුළුවන්

:       0       15

ROSHAN Wednesday, 02 May 2018 01:37 PM

වට්ටක්කා සුප් වලට, ඇට වලට ලෝකයේ හොද ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම කොමඩු වලටත් එහෙමයි. ගුණයෙන් ඉතා ඉහලයි. නමුත් ලංකාවේ වට්ටක්කා බාල එළවලු වර්ගයක් විදිහට තමයි ජනතාව සලකන්නේ. කැරට්, බෝංචි හයි ෆයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22035 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21850 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site