IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වට්ටක්කා තම්බාගෙන තමන්ටම කන්න වෙලා

(උපුල් තම්මිට)
 
වට්ටක්කා අස්වැන්න රජය විසින් මිලදී ගැනීමට තීරණය කළද ඒ සඳහා ලැබෙන මිල ප්‍රමාණවත් නොවන හෙයින් වට්ටක්කා කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 45 ක මුදලක් ලබා දෙන ලෙස ගො මහවිලච්චිය ව්‍යාපාරයේ ගොවීහු පවසති.
 
මිලදී ගන්නා සෑම වට්ටක්කා කිලෝවක් සඳහා රජය විසින් රුපියල් 35 සිට 40 හ දක්වා මුදලක් ලබාදෙන බව මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී.සී.චන්ද්‍රදාස මහත්මිය සඳහන් කළාය.
 
මේ වනවිටත් වට්ටක්කා කිලෝග්‍රෑම් 30,000 මිලදී ගෙන ඇති බව ප්‍රාදේශීය ලේකම්වරයි පැවසුවාය.
 
මහවිලච්චියයේ මෙවර මාස්කන්නයේ අක්කර 500 ක වට්ටක්කා වගාකළ අතර මේවනවිට වට්ටක්කා කිලෝග්‍රෑම් දෙලක්ෂ හැටපන්දහසක පමණ අස්වැන්නක් ගොවින් සතුව පවතින බව ගොවීහු පැවසූහ.
 
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීම හේතුවෙන් තම් අස්වනු අලෙවිකර ගැනීමට නොහැකි අවස්ථාවක රජය මැදිහත්ව තම අස්වනු මිලදී ගැනීමට ඉදිරිපත්වීම අගය කරන බව ගොවීහු සඳහන් කළහ



අදහස් (13)

වට්ටක්කා තම්බාගෙන තමන්ටම කන්න වෙලා

Pradeep Tuesday, 14 April 2020 09:30 AM

මේ අවස්ථාවේ පලතුරු බීම නිෂ්පාදකයින්ටත් මේවා මිලදී ගත හැකියිනේ.. බොහොමයක් පලතුරු බීම වල ප්‍රධානම පිරවුම් කාරකය වට්ටක්කා.

:       0       22

ravi Tuesday, 14 April 2020 12:21 PM

රජය , ගොවීන්ගෙන් පලදාව මිලට ගන්නවයි කියන කතාව බොරුවක්ද ..?

:       0       0

saman Tuesday, 14 April 2020 01:04 PM

මේ වෙලාවේ රජයත් කටයුතු කරන්නේ අපහසුතා ගොඩක් මැද. ඒකනිසා සියලු දෙනාගේ යහපත සඳහා මේ ව්‍යවසන අවස්ථාවේ යම් කැපකිරීමක් කර රජයට සහය දෙන්න. මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න දඟලන අන්තවාදී පක්ෂවල කපටින්ට අහුවුනොත් අවසානයේ අමාරුවේ වැටෙන්නේ ගොවිජනතාවමයි..

:       0       0

saman Tuesday, 14 April 2020 01:04 PM

මේ වෙලාවේ රජයත් කටයුතු කරන්නේ අපහසුතා ගොඩක් මැද. ඒකනිසා සියලු දෙනාගේ යහපත සඳහා මේ ව්‍යවසන අවස්ථාවේ යම් කැපකිරීමක් කර රජයට සහාය දෙන්න. මේ වෙලාවේ බොරදියේ මාළු බාන්න දඟලන අන්තවාදී පක්ෂවල කපටින්ට අහුවුනොත් අවසානයේ අමාරුවේ වැටෙන්නේ ගොවිජනතාවමයි...

:       0       0

menna Tuesday, 14 April 2020 01:20 PM

හොඳ ඵලදාවක්. විනාශ නොවී පාරිභෝගිකයාට ළඟා වුණොත් හොඳයි...

:       0       0

ලාල් Tuesday, 14 April 2020 01:51 PM

මිනිසුන්ට නිවසේදී වට්ටක්කා පිටි, කුඩු සෑදිය හැකිය. හිරු එළියේ එය වියළා අඹරන්න. රසවත් පාන්, පෑන්කේක්, කුකීස්, කේක් ආදිය සෑදිය හැකිය. එළවළු විජලනය කිරීමට ජනතාවට ඉගැන්වීමේ වැඩපිළිවෙළක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තිබිය යුතුයි.

:       0       0

ලාල් Tuesday, 14 April 2020 02:31 PM

වට්ටක්කා පිටි, තිරිඟු පිටිවලට වඩා සෞඛ්‍ය සම්පන්නයි. ග්ලූටන් රහිත, තඹ, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස් සහ මැග්නීසියම් වැනි ඛනිජ ලවණ වලින් පොහොසත් ආහාර ප්‍රභවයක්. හෘද සෞඛ්‍යයට සහ මාංශ පේශි යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඇත. එය පහසුවෙන් ජීර්ණය කළ හැකිය. විටමින්, ඛනිජ සහ බීටා-කැරොටින් ප්‍රභවයකි. එසේම වට්ටක්කා පිටි වල විටමින් A සහ විටමින් සී ඇත. අන්තර්ගතය වට්ටක්කා ප්‍රභේදය මත වෙනස් වේ.

:       0       0

ධම්ම Tuesday, 14 April 2020 03:31 PM

එළවළු කල්තබාගන්නා පහසුකම් වැඩි දියුණු කල යුතුයි.

:       0       0

Kumar Tuesday, 14 April 2020 03:56 PM

සෑම වසරේම වට්ටක්කා ඕනවට වඩා වවනවා. රජයට සෑම වට්ටක්කා ගෙඩියම මිලදී ගන්න වත්කමක් නැහැ. ලබන වසරේවත් වැඩිය වට්ටක්කා වවන්න එපා. අපේ ගෙවත්තෙත් එක වැලෙන් ගෙඩි අටක් පමණ ලැබුණා.

:       0       0

Champa Tuesday, 14 April 2020 04:37 PM

මේ එළවලුද ඇතුළුව රටේ එළවලු අස්වැන්න සාධාරණ මිලකට ගොවීන්ගෙන් කෙලින්ම මිලට ගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායට පුළුවන්නේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට මුදල් නිකුත් කරන්න. කොරෝනා අරමුදලක් තියෙන්නේ ඒක හංගගෙන ඡන්දෙට වියදම් කරන්න තියා ගන්න නෙමෙයි මේ වගේ ජනතාවට සහන දෙන්න වියදම් කරන්නත් එක්ක. ඒ ගන්න එළවලු ආණ්ඩුවට පුළුවන් අදාළ ප්‍රදේශයේ අඩු ආදායම් පවුල් අතරේ නොමිලේ බෙදන්න සහ වෙනත් පළාත් එක්ක සම්බන්ධීකරණයක් හදාගෙන වැඩ කරන්න. උදාහරණයක් විදිහට අඩු ආදායම්ලාභින්ට බෙදලා අතිරේක අස්වැන්නක් තියෙනවා නම් වට්ටක්කා නැති අනිත් පළාත් වලට දෙන්න පුළුවන්. පන්සල් වලට දෙන්න පුළුවන්. පෞද්ගලික ආයතනවලට විකුණන්න පුළුවන්. මේ වගේ අනිත් පළාත්වලත් තියෙන අස්වැන්න මේ අර්බුද අවස්ථාවේ රජය මිලට ගන්න ඕනේ. ගොවින් තමන් සතු සේසතම වගාවට වියදම් කරලා, ණයත් වෙලා ඉන්න වෙලාවේ මේ ඉල්ලන රුපියල් 45 ට වට්ටක්කා කිලෝවක් ආණ්ඩුව ගන්න ඕනේ. කොරෝනා අරමුදල කොටස් 3 කට බෙදලා එක කොටසක්, සෞඛ්‍යයට එක කොටසක් මේ ආදී සහන වලට වෙන් කළා නම් වැඩේ ලේසියි.

:       0       0

අැඩ්ඩින් Wednesday, 15 April 2020 03:52 AM

ප්‍රදීප්... මේ වෙලාවේ නිෂ්පාදනය සඳහා විවෘතව තියෙන පළතුරු බීම කම්හලක් කියන්නකෝ...? ගොවීන්ට ලොකු උදව්වක්...

:       0       0

Noah Yoo Wednesday, 15 April 2020 06:57 AM

තම්බලා කන්න.... වැඩි හරිය කල්තබා ගන්නා ක්‍රමයක් ගැන හිතලා තියාගන්න. මොනවා කරන්නද?

:       0       1

ජයවර්ධන Wednesday, 15 April 2020 08:32 AM

වට්ටක්කා කිලෝ එකක් රු. 45 කට ගත්තොත් ඒවා අප ගනිද්දි රු. 70ක් විතර වෙනවා. ඉස්සර වට්ටක්කා කියන්නෙ රු. 20 - 30 ගනිපු දෙයක්. අද අඩුම තරමේ පොල් ගෙඩියක්වත් විකුණගන්න බෑ අපිට ඒ ගානට.

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26970 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23515 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site