(කාංචන කුමාර ආරියදාස )
වයස අවුරුදු 75 ක මනාලයාත් වයස අවුරුදු 65 ක මනාලියත් ඇතුළු තවත් ජෝඩු 10 ක් පමණ එකවර විවාහ වීමේ අවස්ථාවක් ගල් නැව නැගම්පහ අලිවංගුව ගමේදී දැකගත හැකිවිණි.
මෙසේ ජිවිතයේ සැඳෑ සමයේ නීතියෙන් විවාහ වුයේ දරුවන් පස් දෙනකු ගේ මව්පියන් වූ අලිවංගුව ගමේ පදිංචි ඩී .ජනා (75)සහ එච් .ඒ .සෝමාවතී (65) දෙන්නා ඇතුළු මේ ගමේ විවහා නොවී නමුත් අඹු සැමියන් ලෙසින් එකට ජීවත්වූ පිරිසකි.
ගල්නෑව නෑගම්පහ අලිවංගුව ගමේ ජිවත්වන පවුල් 30 කට අයත් ජනතාව පොදු පහසුකම් හෝ දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොමැතිව මෙන්ම ආහාර හිගයකින් පෙළෙන බවද පසුගියදා මාධ්‍ය මගින් හෙළිදරව් කෙරිණි .
මෙම ගම යාචක පවුල් පදිංචි වී නිර්මාණය වුවකි. යාචක පවුලකින් පැවත එන ශාන්ත කුමාර නමැති අයකු විසින් මේ ගම්මානය නිර්මාණය කරගෙන සිටී. මේ පිළිබඳ අවධානය යොමු කළ නිවාස ඇමැති සජිත් පේමදාස මහතා ගේ උපදෙස් පරිදි සියලු දරුවන් පාසල් යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර ගමේ පදිංචි පවුල් 30කට ස්වයං රැකියා වැඩපිළිවලක් ආරම්භ කර දී තිබේ.
විවාහ නොවී එකට සිටින පිරිස් විවාහ කරදීම, හැඳුනුම්පත් උප්පැන්න සහතික ආදී අත්‍යවශ්‍ය ලියකියවිලි ලබාදීමේ ජංගම සේවාවක්ද ක්‍රියාත්මක කෙරිණි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
වැඩිහිටි මවුපියෝ විවාහ වෙති
abaraa Tuesday, 04 April 2017 08:33 AM
අපේ විට්ටර් අන්කල් විවාහ උනාද? විවාහ කෙරෙව්වද? කියල අපි දැනගන්නේ කොහොමෙයි?
kumar (galf) Tuesday, 04 April 2017 09:13 AM
එදා කටවචනෙට විවාහ ගිවිසගෙන අවුරුදු ගාණක් වයසට යනතුරු නොවෙනස්ව විවාහ ජීවිත් ගතකළ සදාචාරාත්ත්මක ජාතියක් දැන් පරාදීන වෙලා, බන්දලා මාස ගාණෙන් උසාවි. දික්කසාද නඩු ලක්ෂ ගණන් උසාවියේ පල්වෙනවා.
මිගාර. Tuesday, 04 April 2017 09:14 AM
පුංචි ප්‍රේමදාසගෙ හොද වෑඩක්.
chaminda Tuesday, 04 April 2017 09:30 AM
ඉතාමත් හොද වැඩක්