(ඡායාරූප - ගයාන් අමරසේකර)
සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරන වැඩවර්ජනය අතරතුර කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.
එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටී.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වෛද්‍ය වර්ජනයේ මානුෂික මුහුණුවර
Susil Friday, 07 April 2017 06:26 AM
ඔබ වැනි වෛද්‍යවරුන්ට බුදුන්ගේ දෙවියන්ගේ ජේසු සමිදාගේ සර්වබලධාරී අල්හා දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
mahee Friday, 07 April 2017 06:53 AM
ඔබට පින්. හැබැයි, කට්ටිය ඔබව සංගමේ සාමාජිකත්වයෙන් ඉවත් කරයි.
gayan Friday, 07 April 2017 07:14 AM
වෛද්‍ය වර්ජනයේ වගකීම බාර ගත යුත්තේ මෛත්‍රීපාල සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාය. වෛද්‍යවරු කර ගෙන යන මෙම වැඩ වර්ජනය අතිශයින්ම සධාරණ හා යුක්ති සහගත වේ.
SusilFriday, 07 April 2017 01:58 PM
මේක පටන් ගත්තේ ඒ දෙන්නද ? නෑ හිටපු ජනාධිපතිතුමා. කවුරු කරත් මේක හොද වැඩක් අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු.
roshanSunday, 09 April 2017 09:34 AM
දොස්තර මහත්වරුන්ගෙ වැඩ ගැන නම් සතුටුදායක නැත.. මොනව වුණත් අසරණ වෙන්නෙ ලෙඩ්ඩුය.....
ප්‍රීති Friday, 07 April 2017 07:22 AM
එතකොට, ඔබ තුමියට අර මාෆියා සංගම් කාරයින්ගෙන් ප්‍රශ්නයක් උනේ නැද්ද? බලාගෙන, රසායනික මොළ වලින් හෙබි එවුන් ඔබ තුමියට මොනවා කරයිද දන්නේ නැහැ???? ප්‍රීති
eranda Friday, 07 April 2017 09:36 AM
ඔබ වැනි අය දුප්පත් අපිට දෙවිවරු වැනිය
අශෝක Friday, 07 April 2017 10:08 AM
ඔබතුමියට දේව ආශීර්වාද.
ravin Friday, 07 April 2017 11:23 AM
තවමත් මනුස්ස කම ලංකාවේ තියෙනවා. ඔබ වැනි කාරුණික වෛද්‍යවරියන් මේ රටට පහල වේවා ! අර මාෆියා වෛද්‍යවරුන්ට ඔබතුමිය දුන් ආදර්ශය ගොඩක් උතුම්. ඔබට ගොඩක් පින්.
තිලක් ගාලේවත්ත Friday, 07 April 2017 11:51 AM
ඔවුන් දෙදෙනා දන්නවා ඇති යුතුකම..තමන්ට ඉගෙන ගන්න වියදම් කලේ පඩි ගෙවන්නේ මේ රෝගී ජනතාවගේ බදු මුදලින් බව
mangala Friday, 07 April 2017 04:18 PM
මේ දොස්තර දෙපල වැඩ කරන්නේ ADMISSION DEPARTMENT එකේ. ADMISSION DEPARTMENT එකේ ස්ට්‍රයික් නැහැ. ඒක කලින්ම දැනුම් දුන්න නේද.
shafeek Saturday, 08 April 2017 04:31 AM
ඔබ වැනි කාරුණික වෛද්‍යවරියන් මේ රටට පහල වේවා !
රොමේෂ් Sunday, 09 April 2017 06:21 AM
මෙතන රෝගීන් වෙනුවෙන් කඳුලුසලන ගොඩක් කිඹුල්හාමිලා ජාතික රෝහලේ තියා තමන්ගේ ගමේ ඉස්පිරිතාලේ O .P .D එකටවත් ගිහින් නැහැ. නමුත් මෙතන රඟන්නේ වාට්ටුවේ නේවාසිකව ඉන්න රෝගීන් වගේ. දොස්තරලා වර්ජනය කලේ තමන්ගේ පුද්ගලික ඉල්ලීමක් මුල්කරගෙන නෙමෙයි. සමස්ත ජනතාවගේම අනාගත සෞඛ්‍යය වෙනුවෙන්. සයිටම් එකට කඩේ යන්න ඕනනම් වෙන විදිහකට කඩේ ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ නමුත් බොරුවට කිඹුල් කඳුළු සලන්න එපා. කොටි විසින් දෙමල ජනතාව පලිහක් කරන් යුද්ධ කෙරුව වගේ මේ ආණ්ඩුව තමන්ගේම රෝගී ජනතාව පලිහක් කරන් ඒ ජනතාවටම පහරදෙන එකනම් ඉතාමත් පිළිකුල්සහගතයි.
ලහිරු Sunday, 09 April 2017 08:15 AM
රොමේෂ් දැන් එතකොට රෝගීන් පලිහක් කරගෙන ඉන්නෙ ආණ්ඩුවද? රටේ මිනිස්සු වෙනුවෙන්ලු වර්ජනය කරන්නේ, මේ රෝගීන් අපේ රටේ නෙමේ වෙන්ඩැති...
රොමේෂ් Sunday, 09 April 2017 01:47 PM
මහත්තයෝ, රෝගීන්ව ඉස්සරහට දාගෙන මේ සයිටම් කියන නාඩගම නටන්නේ ආණ්ඩුව මිසක් දොස්තරලා නෙමෙයි කියන දේ වටහාගන්න මොලයක් තියෙන කෙනෙකුට පුළුවන්. ආණ්ඩුව සයිටම් කියන හොර උපාධිකඩේ වහනවානම් දොස්තරලා වර්ජනය කරන්නේ නැහැ නේද? දොස්තරලා වර්ජනය කරලා ආණ්ඩුවට දැන්වුවෙ නැතිනම් සයිටම් හොර උපාධි කඩෙන් හොර දොස්තරලා බිහිවෙන එක නවත්ත ගන්නත් නැහැනේද? අපේ රටේ බහුතරයට මේ යතාර්ථය අවබෝධවෙලා ඉවරයි. නමුත් තමන්ගේ දේශපාලන මුග්ධභාවය විසින් තමන් තේරුම්ගත් දේ තමන් විසින්ම ප්‍රතික්ෂේප කරන්න තරම් අසරණ කරනවා.
ලහිරුMonday, 10 April 2017 02:05 AM
රොමේෂ් , එතකොට සීමාවාසික වෛදෘ වරුන්ගෙ පශ්නෙට වර්ජනය කලේ මොකද? හෙදියන්ට පුහුණුව දෙනකොට වර්ජනය කලේ මොකද? සුපිරි පාසල් ඉල්ලලා වර්ජනය කලේ කවුද? වාහන පර්මිට් ඉල්ලලා වර්ජනය කලේ කවුද? එවා ඔක්කොම සාධාරණ ඉල්ලීම්ද? මේ වර්ජනය සාධාරණයි කියන්න කරුණු කෝ? දැන්වත් වහල් මානසිකත්වයෙන් මිදිලා පශ්න දිහා බලන්න පුරුදු වෙන්න...
රොමේෂ්Monday, 10 April 2017 05:20 AM
මම පැහැදිලි කරපු විදිහටම ඔබතුමාට ඔබතුමාගේ හිත ඇතුලේ දෝංකාරදෙන සත්‍ය ප්‍රකාශ කරන්න බැරිතරම් අසරණවෙලා තියෙන්නේ. කව්රුත් කිව්වද? ඒ අසාධාරණ ඉල්ලීම් සමග එකඟයි කියලා. ඒවාට කව්රුත් විරුද්ධයි. නමුත් මෙතන තියෙන ප්රශ්නයයි, ඔබලා විරුද්ධවෙන කරුණයි ඉතාමත්ම ප්‍රතිලෝමයි. දේශපාලනය පොඩ්ඩකට ඉවත්කරලා බැලුවොත් පෙනෙයි මේ සටන ඉතාමත් සාධාරණ සටනක් බව. මේ සටන තුළ වුනත් සමහරෙකුට පුද්ගලික අරමුණක් තියෙන්න ඉඩ තියෙනවා. නමුත් අවසාන ප්‍රතිඵලය, මුළු මහත් සමාජයටම පොදු යහපතක් ගෙනෙනවා. ඒ නිසයි මේ සටනට සහය දැක්විය යුත්තේ.
ලහිරු Monday, 10 April 2017 07:04 AM
අනේ රොමේෂ් විහිලු කාරයෙක් වෙන්න එපා. කලින් කරපු වර්ජන අසාධාරණයි නම් එ කුහක මිනිස්සුම කරන මේ වර්ජනය සාධාරණයි කියන්නෙ කොහොමද? එ් කරපු වර්ජනයයි මේ වර්ජනයයි අතර වෙනසක් නෑ. ඔක්කොම කරන්නෙ තමන්ගෙ පන්තිය රැක ගන්න. මේ වෛද්‍යවරිය කරන දේට හොඳයි කියන්න ඔබතුමා සමාජය යහපත් කරන හැටි උගන්නන්න එන්න එපා මහත්තයෝ....
ලහිරුMonday, 10 April 2017 10:46 AM
ඔහොම කියලවත් ගැලවෙන්න බලන්න නැත්නම් අහන එවාට උත්තර නෑනේ....
රොමේෂ් Monday, 10 April 2017 10:01 AM
"ඔක්කොම කරන්නෙ තමන්ගෙ පන්තිය රැක ගන්න" කියන ඔයා තාම එකේ පන්තියෙන් දෙකේ පන්තියට ගිහිල්ලත් නැති හැඩයි. කියමනක් තියෙනවා අශ්වයෙක්ව වතුර තියෙන තැනට එක්කන් යන්න පුළුවන් නමුත් ඌට පොවන්න බැහැ කියලා. ඒක තුන වසරේදී තමයි උගන්වන්නේ.
nirmala Monday, 10 April 2017 02:16 AM
මේ හැමෝම සයිටම් එකේ එල්ලිලා. ඒ අතරේ රනිල් අපේ රට ඉන්දියාවට විකුණනවෝ අපට රටක් ඉතුරු වෙන්නේ නැහැ මෙහෙම පිකටින් යනවට වඩා නරකද ඒ ගැන හොයල බලන්න වෙහෙස වුනොතින් .
kalpa Monday, 10 April 2017 03:43 AM
රෝගීන්ට උපස්ථාන කිරීම මට කරන උපස්ථානයට සමානයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කලේ මෙම වෛද්‍ය දෙපල කරන්නේ එම අදහස ක්‍රියාත්මක කරන එක