IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වෙනුසියුලාවට අත නොතබනු සම්මන්ත්‍රණය මරදානේදී

වෙනිසියුලානු  කොමියුනිස්ට්  තරුණ  සංගමය   සහ  මෙරට  සමාජවාදී   තරුණ සංගමය   අතර   මිත්‍රත්ව  වැඩසටහනට   සමගාමීව   "වෙනුසියුලාවට  එරෙහිව අධිරාජ්‍යවාදී  මැදිහත්වීම්   වහා  නවත්වනු "  මැයෙන්   සම්මන්ත්‍රණයනක්    මරදාන   සමාජීය   හා  සාමයික   කේන්ද්‍රයේ දී අද  (01) පැවැත්විය.

මෙම  අවස්ථාවට   ශ්‍රී ලංකාවේ  කියුබානු  තානාපති  ජුවානා  එලේනා රාමෝස් , වෙනුසියුලානු කොමියුනිස්ට් තරුණ සංගමයේ  ප්‍රධාන   ලේකම්  හෙක්ටර්   අලේජෝ ,  එහි    ජාත්‍යන්තර සබදතා  කටයුතු   ලේකම්  ජෝදාන්   ගේබියෙල්  ,ප්‍රවීන   මාධ්‍යවේදී    මහින්ද  හත්තක  ,  සමාජවාදී තරුණ සංගමයේ  ජාත්‍යන්තර  කටයුතු  පිළිබඳ   ලේකම්  අංජන  සම්පත් , එහි  ජාතික  සංවිධායක   එරංග  ගුණසේකර   යන  මහත්ම  මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.  

ඡායාරූප - චතුර එස් .කොඩිකාර

 



අදහස් (38)

වෙනුසියුලාවට අත නොතබනු සම්මන්ත්‍රණය මරදානේදී

සචිත් පී ලියනගේ Friday, 01 June 2018 02:18 PM

විල්පත්තුවට අත නොතබනු කියන්ඩ බැරිද? ලෝකේ අනිත් පැත්තේ රටකට කෙසේ වෙතත් තම රට ගැන පළමුව සිතන්න.

:       38       360

බද්රානි Friday, 01 June 2018 02:40 PM

අනුන්ගේ රටවල් ගැන කතා කරන්න කලින්, මේ වැටිලා ඉන්න අපායෙන් ගොඩ යන්න බලන්න ...

:       19       240

Raveendra Friday, 01 June 2018 03:52 PM

සචිත් පී ලියනගේ මයා වෙත, ඔබ ඉතාමත්ම නිවැරදිය.

:       7       180

ධනුෂ්කSunday, 03 June 2018 06:18 PM

ජ.වි.පෙ කියන්නේ සම්ගම් මූලික පක්ෂයක්. මේක අැවිත් එහි ශිෂ්ය සංගමය. ඊට අදාල කාර්ය භාර්ය තියනවා පරිසරය ගැන වෙනම කතා කරනවා. ඔබලා නියෝජන කරන අාණ්ඩු දෙක තියන කාලේ තමා විල්පත්තු විනාශය පටන් ගත්තේ. කරගෙන යන්නේ. ජ.වි.පෙ රටේ හැම ගැටලුවකදීම එ් වෙනුවෙන් කතා කරනවා. අපදා අවස්ථාවල බැහැලම වැඩ කරනවා. හැබැයි හැම දේම මාධ්‍ය තුලින් පල වෙන්නේ නෑ. ගාල්ල බස් නැවතුම කවුද හැදුවේ කියලා බලන්න. රට තුල මෙන්ම ජ්‍යත්යන්තර කටයුතු කිරීම ඉතා වැදගත්. අහලා නැද්ද. දෙවන ජ්‍යත්යන්තර , තෙවන ජ්‍යත්යන්තර ගැන එහෙම. මම හිතන්නේ දේශපාලය විද්‍යාව ඉගෙනගෙන කතා කරන එක හොඳයි නොදැන කතා කරනවට වඩා.

:       0       0

asankaMonday, 04 June 2018 09:38 AM

එතකොට අර විශ්ව විද්‍යාලවල තියෙන ශිෂ්‍ය සංගමයේ කාර්යභාරය වන්නේ සිසුන් මහපාරට අැද දමා විරෝධතා කිරීම සහ නවකවදය සංවිධානය කිරීමද?

:       0       2

vidya Friday, 01 June 2018 04:07 PM

කොමිස්ට් වාදය රුසියාවෙත් චීනයෙවත් හරි ගියේ නැහැ. පුටින් තමයි ලෝකයේම ඉන්න ධනවතා. මිනිසුන් ඝා තනය කරමින් , හිංසා වද පමුණුවමින් රුසියාව බලෙන් පාලනය කරන්නේ. චීනයත් එහෙමයි. කියුබාවත් දුප්පත් රටක්. මිනිසුනේ අපේ රටට ගැලපෙන ක්‍රමයක් ඇති කිරීමට උදව් කරන්න. තරුණ තරුණියනි ඔය කාලය විනාශ කරන වෙලාවේ වතුර ගලන පෙදෙස් වලට ගිහින් උදව් කරන්න.

:       603       833

BamunuarachchiFriday, 01 June 2018 09:42 PM

අසව් අසව් දවසේ කියමන

:       39       153

Sanath KandySaturday, 02 June 2018 07:54 AM

ඔබ දන්නේ නැතුව ඇති. මේ ජවිපෙ තරුණ සංගමය. මෙයාලා හැම ගං වතුරකදිම වෙන හැමෝටම වඩා කැපවීමෙන් ජනතාවට උදව් කරනවා. සුනාමිය ආව වෙලාවෙත් ලොකුම සේවය කලේ මේ අය. ඒත් ජනතාව කවදාවත් ඒවාට කලගුණ සලකන්නේ නෑ.

:       93       215

tommySunday, 03 June 2018 12:00 AM

රටේ ආපදා තත්වයකදී ඔවුන් ජනතාවට උදව් කරන එක ඇත්ත. නමුත් මා සිතන හැටියට, බොහෝ මැතිවරණ වලදී ජවිපෙට මහජන සහයෝගයක් නොලැබෙන්නේ ඔවුන් 88/89 සමයේදී හැසිරුණ ආකාරය නිසයි.

:       112       162

කුමාර Monday, 04 June 2018 04:42 AM

ජවිපෙ ඔවුන්ට කිසිදා ලංකාවේ ඡන්ද දිනිය නොහැක. පක්ෂ ප්‍රතිපත්ති මෙන්ම නායකයන්ද වෙනස් කල යුතුය.

:       0       36

ධනුෂ්කSunday, 03 June 2018 06:36 PM

අපේ ධනවාදය තිබ්බා කියලා අපට දැන් හරි ගිහින්ද තියෙන්නේ. ඉතා දුප්පත් රටක් විදියට තිබ්බ රුසියාව ලෝක බලවතෙක් වුන විදියත්. චීනය අාර්ථික බලවතෙක් වීමට අදාල අඩිතාලම දාගත්තෙත් කොහොම ද කියලත් ටිකක් හොයලා බලන්න. සමාජය කියන්නේ ගලාගෙන යන දෙයක්. පවතින අවස්ථාවේ හැටියට වෙනස් වෙනවා. එ් රටවල් සමාජවාදය හරහා යමක් කරගත්තා පස්සේ අතැරියා. හැබැයි අද ධනවාදී අැමරිකාව තව අවුරුදු 100කින් සමාජවාදී වෙන්න පුලුවන්. මේ ලෝක වෙනස් නොවන එකම දේ තමා "වෙනස් වීම"

:       0       0

udaya Friday, 01 June 2018 06:35 PM

ඉස්සරත් ඔය වගේ අය ලංකාවේ හිටියා. එයාලා කැමති අනික් රටවල් වලට අත දාන්න. තමාගේ රටේ මොක වුනත් කමක් නැ. එක දවසක් ඔය සහෝදරයෙක් පොස්ටර් එකක් අලව අලවා හිටියා. එකේ තිබ්බේ "චිලියට අත නොතබව්" කියලා. මම එයාගෙන් ඇහැව්වා චිලිය කොහෙද තියෙන්නේ කියලා. ඒ පාර මෙන්න මට මේ මනුස්සය බනින්න ගත්තා. ඔන්න ඔහොම තමයි එයාලගේ වැඩ.

:       0       81

maheshika Friday, 01 June 2018 06:39 PM

වෙනිසුලවට කලින් අපේ රට ගැන හිතන්න. මෙයාල ලංකාවේ ජීවත්වෙන කට්ටිය නෙමේද?

:       15       93

Sanath Kandy Friday, 01 June 2018 07:16 PM

බද්රානි, අපේ රටවල වහල්ලුන්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. අවුරුදු 70ක් තිස්සේ මාරුවෙන් මාරුවට හොරුන්ටම තමා බලය දෙන්නේ.

:       157       105

champaSaturday, 02 June 2018 10:00 AM

සනත්, මේ ටොපික් එක අපේ රටේ ප්‍රශ්න දිහා බලන්නේ නැතුව අනුන්ගේ ඒවා ගැන කතාකරන අය ගැනයි. ඔයාගේ අදහස පොඩ්ඩක් කොහෙද යන්නේ මල්ලේ පොල්.

:       0       30

K PereraSaturday, 02 June 2018 07:00 PM

ඉතින් ඔයාට කියන්න බැරිද හොරු නැති පක්ෂය මොකද්ද කියලා, එතකොට අපිට පුළුවන් ලබන මැතිවරණයේදී එයාලට ඡන්දය දෙන්න

:       0       55

Perera Friday, 01 June 2018 08:38 PM

ලෝකේ උතුම්ම රට ලංකාවනේ, ඉතින් ලංකාවෙන් කියන දෙයකට ඇමෙරිකාව වුනත් අවනත වෙයි නේද????

:       0       23

Kumar Friday, 01 June 2018 09:30 PM

මෙයාලට වෙන වැඩක් නැහැ.

:       1       26

Bamunuarachchi Friday, 01 June 2018 09:40 PM

මේගොල්ලෝ මේ දඟලන්නේ වෙනිසියුලාව කොහෙද තිබෙන්නේ කියාවත් දන්නේ නැතුව ඇති.

:       51       88

රජින්ද Friday, 01 June 2018 10:46 PM

තමන්ගේ රටේ තියෙන ප්‍රශ්න විසදගන්න පිටරටවල් වල ඔත්තු සේවා එනවා.. ඒවා ගැන මෙලෝ දෙයක් නොදන්නවා වගේ වෙනිසියුලාවට අත තියන්න එපා කියනවා. එක්කෙනෙක් න්‍යෂ්ටික බලයක් සහ ස්වයං පෝෂිත රටක් වෙච්ච උතුරු කොරියාවට මෙහෙ ඉදන් තර්ජනය කරනවා දැන් මේ රට ලෝකෙටම විහිලු සපයන ප්‍රධාන මධ්‍යස්ථය වෙලා.

:       149       12

කුමාර් (ගල්ෆ්)Saturday, 02 June 2018 04:23 PM

උතුරු කොරියාවේ ස්වයං පෝෂණය කාණු දිගේ දොරේ ගලනවා, 80% ගේ බඩ පිටේ ඇලිලා කන්න නෑ අදින්න නෑ, පාරේ රජ පෙලපාලි යනවා මිනීමරු ඒකාධිපතියෙකුට අත්පුඩි ගහ ගහ.

:       66       157

ධනුෂ්කSunday, 03 June 2018 06:46 PM

කුමාර් උතුරු කොරියාව ඔබ කියන තරම්නම් නරක නෑ අපට වඩා හොඳයි. ගූගල් මැප් එක අරන් පොඩ්ඩක් බලන්නකො එයාලගේ නගර සැලසුම්. යටිතල පහසුකම්. නිවාස අදිය එහෙම. පහු ගිය කාලේක නියගයක් අැවිත් ගැටලු මතු වුනා. එ්ත් හැබැයි අර න්‍යෂ්ඨික අවි තියාගෙන අනික් රට වලට වැදි බණ කියන අැමරිකාව දාපු සම්බාද නිසා. නැත්තන් ඔවුන් අද ගොඩක් දුර ගිහින්. කියුබාවත් එහෙමයි.

:       0       0

ලුම්බිණි Saturday, 02 June 2018 12:44 AM

ඉස්සර කට්ටියක් ඔය වගේම "චිලියට අත නොතබනු" කියල සම්මන්ත්‍රණයක් කළා. මොකද වුනේ?

:       6       11

gallage Saturday, 02 June 2018 03:00 AM

අපේ රටේ පොඩි ළමයි දුෂණය වෙනවා, වනාන්තර ටික කැපෙනවා, මිනිස්සු බෙල්ලේ වැල දාගන්නවා කන්න නැතිව, පොඩි තැන ඉදල පගා ගහනවා, රටේ බැංකු හොරකම් කරනවා, පොඩි දේටත් වෙඩි තියල මරනවා, වෙනුසියුලාව.. මොකක් කිව්වා.....

:       23       147

ධනුෂ්කSunday, 03 June 2018 06:24 PM

ඉතින් ඔබ තුමා එන්නකෝ කට්ටිය එකතු කරන් මේවට විරුද්ධව කතා කරන්න. මෙතනත් ඉන්නේ ඔබටම ගැලපෙන තව කට්ටිය. මේ අැවිත් ජ.වි. පෙ ශිෂ්‍ය සංගමය මෙයලා හැම දේ වෙනුවෙන්ම කතා කරනවා වගේම බැහැල වැඩත් කරනවා. මහ බැංකු කොල්ලය පිලිබඳව එහෙම මුල මතක නෑ වගේ කට්ටියට.

:       0       0

ruchi Saturday, 02 June 2018 06:04 AM

මෙයාලා කිවුවම අත නොතබා ඉඳියි! නිකම් කාලය කා දමනවා. මේ වටිනා කාලය තමන්ගේ රටේ දියුණුවට යොදවන්න.

:       63       338

කුමාර් (ගල්ෆ්) Saturday, 02 June 2018 04:19 PM

මේකට තමා කියන්නේ කන්න ඕනා උනාම කබරා තලගොයා වෙනවා කියාලා, වෙනුසියුලාවේ මිනිසුන් නොමරා මරනවා, ලෙඩට බෙහෙත් නෑ, ළමයින්ට කිරිපිටි නෑ, මුළු රටේම හැමතැනම ආහාර පෝලිම්, නීතියක් නෑ, ඒ වුනාට ලංකාවේ අය වෙනුසියුලාවට කත් ඇදලා මෙහේ ගොඩ විප්ලව කරනවා

:       206       310

NuwanSaturday, 02 June 2018 09:09 PM

ඇත්ත කතාව. වෙනිසුවේලාව දැන් අපායක්. මේ ගොල්ලොත් ඒ අපා ක්‍රමයට සහය දක්වනවා කියන්නේ කවද හරි බලයට ආවොත් මේ රටත් කාබාසිනියා වෙනවා අනුමානයක් නෑ .

:       109       217

Dr. Vajira FernandoSunday, 03 June 2018 03:24 AM

බටහිර මාධ්‍ය කියන දේවල් වලින් වෙනුසියුලාවේ තත්වය තේරුම් ගන්න යන්න එපා. මේ ඡන්දෙදිත් ඒ රටේ මිනිස්සු සමාජවාදී පක්ෂයේ මදුරෝ නැවත වතාවක් ජනාධිපති කළා.

:       232       254

Maheshika Saturday, 02 June 2018 07:54 PM

මේ සම්මන්ත්‍රණය දැකලා ඩොනල්ඩ් ට්‍රම්ප් බයවෙලා කියලා ආරංචි.

:       7       1

milinda lakshan Sunday, 03 June 2018 01:41 AM

මේකෙ දාල තිබුන අදහස් දැක්කම මෙහෙම ලියන්න හිතුනෙ. සමාජවාදී තරුණ සංගමය කියන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය. මෙයාලට වැඩක් නෑ, වෙනිසියුලාව තියෙන තැන දන්නවද දන්නෑ, අපේ රටේ ප්‍රශ්න කතා කරන්නෑ වගේ පසුගාමී අදහස් දරපු අයට දෙන්න තියෙන උත්තරේ තමයි ඒ අදහස් වැරදියි කියන එක. ජවිපෙ තරුණ සංගමය විදිහට විශාල වැඩ පිලිවෙලක් තියෙයි. විල්පත්තුව විතරක් නෙවෙයි රටේ සමස්ථ පරිසර පද්ධති විනාශයට එරෙහිව කතාකලෙත් ඒකට සාධනීය වැඩපිලිවෙලක් ඉදිරිපත් කලෙත් ජවිපෙ. මාධ්‍යට ඒව ජනතාවට කියන්න වගකීමක් තියෙයි. ඒ වගේම පස්ස ගහ ගහ ඉන්නැතුව ජාත්‍යන්තරය එක්ක ශක්තිමත්ම බැදීම තියෙන්නෙ තරුණ සංගමයක් විදිහට ජවිපෙ තරුණ සංගමයට විතරයි. ඒ වගේම ශිෂ්‍ය සංගමයත් ජාත්‍යන්තර කටයුතු එක්ක සම්බන්ධයි. ඒක අපේ රටේ ප්‍රගතිශීලී පැත්තක්.

:       34       109

ramaniSunday, 03 June 2018 05:28 AM

මිලින්ද, එතකොට ඒ අයත් එක්ක සම්බන්ධ අනිත් ජාත්‍යන්තර ශිෂ්‍ය සංගම් ලංකාවට අත තියන්න එපා කියලා මේ වගේ සම්මන්ත්‍රණ සහ උද්ඝෝෂණ කරනවද. ඒ ගැන විස්තර දැනගන්න කැමතියි.

:       0       2

ධනුෂ්කSunday, 03 June 2018 06:38 PM

දැන් කවුද ලංකාවට අත තියලා තියෙන්නේ. ඔයත් අර විමල්, කියන දේවල් අහන කෙනෙක්ද?

:       1       0

ලුම්බිණි Sunday, 03 June 2018 09:11 AM

වැනිසියුලාව කියන්නේ හොඳට තිබුන රටක්. හියුගෝ චවේෂ් කරපු දේවලින් තමයි අද ඔහොම උනේ. ඒ රටේ මිනිස්සු සමාජවාදී පක්ෂයේ මදුරෝ නැවත වතාවක් ජනාධිපති කළා තමයි. ඡන්දෙ තියපු හැටි කියන්න ඕන නැහැනේ.

:       103       1

gunarathnaMonday, 04 June 2018 01:01 AM

ලුම්බිණී, වෙනිසියුලාව කියන්නේ පෙට්‍රෝලියම් තියෙන රටවලින් හයවෙනි තැන. නමුත් රටේ මිනිස්සුන්ට කන්ට නැහැ. හැම තැනම හොරකම්. රටේ ලොකු උන් තමා හොරකම් කරන්නේ.

:       0       1

P. de. silva - Canada Sunday, 03 June 2018 04:03 PM

මේ මිනිසුන්ට ගෙදර දොරේ හෝ වෙන කිසියම් රාජකාරි වැඩ නැති නිකමුන් කොටසක් බවයි පෙනෙන්නේ. මොකද අපේ රටේ මිනිස්සු දක්ෂයිනේ ණයට කරන්න සහ ජාත්‍යන්තර මාධ්‍යවලින් පිටරටවල ප්‍රදර්ශනය වෙනවට, මෝඩකම්වලට බෙහෙත් තවම සොයා නැත. රටේ කප්පරක් ප්‍රශ්න තබාගෙන අනුන්ට කඩේ යන හැටි. රටේ ප්‍රශ්නවලට පාරවල් ගානේ වේලෙනවා මදි ඇති. අපි පොඩි කාලෙත් මෙවන් අය පෙළපාලිවල වේලී සීනි නැතුව තේ බොන්නම් වැනි දේ කියා හවස ගෙදර ගියපසු බිරිඳගෙන් බැනුම්. කීමට මෝඩකම් සහ බොළඳ ක්‍රියා පහවී නොගොස් වඩාත් වර්දනය වී ඇති බවයි. පළමුව තම රට පසුව පිටත ගැන දැන්වත් සිතන්න. පිට රැටියන් අප රට වෙනුවෙන් කිසිවක් නොකරයි .

:       0       0

ධනුෂ්ක Sunday, 03 June 2018 05:59 PM

උඩ අදහස් දාලා තියන විදිය දැක්කම මේ කතාව මතක් වුනා. දවසක් කාන්තාවක් බූරුවෙක්ගෙ පිටේ තියලා ස්වාමියා පයින් ගියාලු. මිනිස්සු බැන්නලු මිනිහා පයින් යවලා කාන්තාව බූරුවා පිටේ යනවා කියලා. පස්සේ ස්වාමියා බූරුවා පිටේ නැග්ගම අනිත්පැත්තට ස්වාමියාට බැන්නලු කාන්තාව පයින් යවනවා කියලා. පස්සේ දෙන්නම බූරුවා පිටේ නැග්ගම පව් අර බූරුවා කිව්වලු. පස්සේ දෙන්නම බැහැලා පයින් යද්දි මෝඩයෝ දෙන්නෙක් බූරුවෙක් තියාන පයින් යනවා කිව්වලු . බැරිම තැන දෙන්නා එකතු වෙලා බූරුවා කරේ තියාන ගියාලු. මට කියන්න තියෙන්නේ ඔබලා යන ගමන නිවැරදි. ඔබලා කරන දේවල් ඔක්කොම එක පොකුරට දැම්මනම් දොස් කියන එකක් නෑ. හුදකලා සිද්දියක් විදියට දැම්මම ඔහොම කියනවා. නමුත් දන්නෝ දනිති.

:       0       0

කුමාර Monday, 04 June 2018 04:38 AM

විල්පත්තුව, පුරාවිද්‍යා භූමි, වගේ දේවල් මේ අයගේ ශබ්දකෝෂයේ නැහැ. එක්කෝ පලස්තීනයට, කියුබාවට අත නොතබනු කියලා පෝස්ටර් ගසයි නැත්නම් ලිප්ටන් වටරවුමේ 10-15ක් එකතු කරන කෑගහයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20391 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18365 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 302 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site