(ඩයනා උදයංගනී)
දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපයේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව ඇත.
බදුල්ලට ඇද හැලුණු තද වැසි හේතුවෙන් බදුලු ඔය පිටාර ගලා ඇති අතර එක් මරණයක් ද වාර්තා වී තිබේ.
අයහපත් කාලගුණය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කයේ නිවාස 210 කට පමණ හානි සිදුවීමෙන් පවුල් රැසක් පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෙසෙල්ගමු ඔයද පිටාර ගලා පහත් බිම් ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.
ඉහළ කොත්මලේ, ලක්ෂපාන සහ දැදුරු ඔය ජලාශ පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් ඒවායේ වාන් දොරටු විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවතින තද වැසි හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නායයෑමේ අවදානමක් ද මතුවිය හැකි බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ උතුරු, උතුරු මැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඉදිරියේදීත් තද වැසි ඇතිවිය හැකි බවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි බැවිම් ධීවර කටයුතු කිරීමේදී විමසිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
(සමන් පාලිත නානායක්කාර)
(ප්‍රසන්න පද්මසිරි)
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැස්සෙන් බදුල්ලට බරපතල හානි
kapila Saturday, 30 October 2021 11:36 PM
රටේ පාලකයින් අධාර්මික වනවිට මෙවැනි විපත් එනවා. රාජා භවතු ධම්මිකෝ