IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍යවරුන්ට පොලිස් නිලධාරීහු ආචාර දක්වති

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍ය සේවකයන් පිරිසකට පොලිස් නිලධාරීන් ආචාර කරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ප්‍රංශ පුවත් සේවය අද (18) ප්‍රසිද්ධියට පත් කළේය.

කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට හුබෙයි පළාතේ වූහාන් නගරයට ගිය වෛද්‍ය සේවකයෝ ඊයේ (17) එම නගරයෙන් පිටත්වීම ආරම්භ කළහ.

(ඡායාරූපය - ප්‍රංශ පුවත් සේවය)



අදහස් (23)

වූහාන් නගරයෙන් නික්ම යන වෛද්‍යවරුන්ට පොලිස් නිලධාරීහු ආචාර දක්වති

සෙනෙවිරත්න Wednesday, 18 March 2020 02:38 PM

අපිද ආචාර කරමු...

:       4       1064

Vajira Wednesday, 18 March 2020 04:33 PM

චීන කොමියුනිස්ට් රජයේ නිවැරදි ක්‍රියාමාර්ග හා ජනතාවගේ එකමුතුකම නිසා ඔවුන් මේ ව්‍යවසනයෙන් ගැලවුණා. එ්කට අපි කිසිම වගකීමක් නැතුව අපේ මිනිස්සු හැසිරෙන විදිහයි, සමාජ මාධ්‍යවල පලකරන දේවලුයි දැක්කාම අපේ රට ගැන පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ.

:       26       951

ranganaThursday, 19 March 2020 12:54 AM

ඔබ හරි මිතුර...

:       1       172

Walter WhiteThursday, 19 March 2020 03:10 AM

චීනය කියන්නේ අස්වාභාවික පාලන ක්‍රමයක් තියෙන රටක්, එළිමහන් සිර කඳවුරක්, එකමුතුකමක් නොවේ... තියෙන්නේ තමන්ගේ රෑන්ක් එකට වඩා ඉහළින් ඕඩර් එනකොට අවනත වෙන හමුදා පන්නයේ සිස්ටම් එකක්..., ඊට වඩා හොඳයි සවුත්තු වුණත් ලංකාවේ වගේ තියෙන ක්‍රමය, මිනිස්සු ස්වභාවයෙන්ම ආත්මාර්ථකාමීයි, සමූහයක් විදිහට මෝඩයි.. ඉවක් බවක් නැතිව හැසිරෙනවා. ඒවා රෝග පාලනයට අසීරු ගති තමයි. නමුත් එ්ක තමයි ස්වභාවික මනුෂ්‍ය ගතිය, මීට වඩා අමාරු දරුණු වසංගත වලදීත් මනුෂ්‍යයෝ හැසිරුනේ මෙහෙම, ඒවායින් අපේ මුතුන් මිත්තන් ගැලවිලා ආවා. මෙතෙන්දීත් ඒ දෙයමයි වෙන්නේ... චීනයේ හොංකොංවල පාලනයට විරුද්ධව කැරලි ඇති වෙමින් තිබුණා. මිනිස්සු තද දරදඬු පාලනවලට කැමති නැහැ. සමහරවිට මේ රෝගය ඔවුන්ගේ පාලනයේ හොඳ පෙන්වන්න. කැරලි මර්දනය යටපත් කරන්න ඔවුන්ගේම ප්ලෑන් එකක් වෙන්න බැරි නැහැ.

:       3871       3312

Warnakulasuriya Thursday, 19 March 2020 05:49 AM

අස්වාභාවික පාලනයක් ඇති රටකින් ණයට කන එකත් ස්වභාවික පාලනයක් ඇති අපට නම්බුවකි. දැනට තියෙන අපේ ක්‍රමය නම් පීඩිත පන්තිය බඩට නොකා, තවත් කොටසක් විදේශ වහල්කමේ යෙදෙමින් පාලක පංතිය සහ ධනපති පන්තියට සැප සම්පත් ලබාදීමකි. පොදු දේපොළ පාලකයින්ට රිසිසේ වංචා කිරීමටද අපේ නිදහස ඉඩදී ඇත. සුදුවෑන් සංස්කෘතියක වගේම ක්‍රි.ව.1971සහ 88/89 වගේම අවු.30ක යුද්ධයද අපට අමතකයි. අපේ රටට එන චීන සංචාරකයින් බලන විටත් ලෝකයේ ඔවුන් ව්‍යාප්තවීමත්, රටක් වශයෙන් ඔවුන්ගේ බලවත් වීමත්, වැඩිම ජනගහනයක් පාලනය වෙන ආකාරයත් බලනවිට ඔවුන්ගේ ක්‍රමයේ වරදක් දැකිය නොහැකියි. ණයට කන සහ බාගෙට කන බහුතරයක් සිටින, විදේශ රටවල්වල වහල්කමේ යෙදෙන ජනතාවක් සිටින රටක, කෙනෙක් තියෙන ක්‍රමයේ හොඳ දැකීම තේරුම්ගත නොහැකියි.

:       406       609

NissankaThursday, 19 March 2020 11:56 AM

චීනයේ ආර්ථිකය බිද දැමීම සදහා ඇමෙරිකාව විසින් මේ වෛරසය චීනය තුල පතුරුවා හරිය බව දැන් ඔප්පු වී තිබෙනවා. ඇමරිකාව දැන් ඔවුන් කලින්ම නිපදවා තිබු එන්නත අධික මිලකට වෙළදපොලට දාන්න ලැස්ති. මේක මානව වර්ගයාට එරෙහිව කල බරපතල අපරාධයක්.

:       3       222

Walter WhiteFriday, 20 March 2020 04:40 AM

ලෝකේ කොහෙවත් මේකට එන්නත් නැහැ, ක්ලිනිකල් ට්‍රයල් කරනවා කියන බෙහෙත් ඒ ට්‍රයල් වලින් පාස් වුනත් මිනිස්සුන්ට දෙන්න මාස 18ක් යනවා කියලා තියෙනවා. මානව වර්ගයාට එරෙහිව අපරාධ නොකළේ කවුද? මේ ලෝකේ එහෙම රටක් නැහැ, ඕන නම් ඇමසන් වනයේ ඉන්න අන්තිම අහිංසක ගෝත්‍රයකට තමයි කියාගන්න පුළුවන්,

:       0       0

samThursday, 19 March 2020 06:02 AM

වජිර, චීන කොමියුනිස්ට් රජයේ "නිවැරදි ක්‍රියාමාර්ග" නොවෙයි, "දරදඬු ක්‍රියාමාර්ග" නිසා ඔවුන් මේ ව්‍යවසනයෙන් ගැලවුණා කීම තමයි හරි. මේ වෛරසය පැතිරෙන බව මුලින්ම සොයාගෙන ඒ පිළිබඳව අනතුරු ඇඟවූ දොස්තර පොලිස් අත්අඩංගුවට අරගත් රටේ, නිවැරදි ක්‍රියාමාර්ග ගැන කතා කිරීම විහිළුවක්. ඒ හැරත්, ඔවුන් මේ ව්‍යවසනයේ සත්‍ය පුවත්, ඡායාරුප, වීඩියෝ දර්ශන පිටවීම ඉතාම දරදඬු ලෙස වළක්වා, දැන් මේ වැනි පුවත් ප්‍රසිද්ධ කිරීමෙන් පමණක් ඔවුන් ලෝකයට සත්‍ය හෙළිදරව් කරනවා කියා මම නම් විශ්වාස කරන්නේ නැහැ.

:       515       539

NalakaThursday, 19 March 2020 08:27 AM

ඔබ විහිලු කරනවා. අපි එංගලන්තයේ තාමත් වැඩ. අදත් වැඩ කරනවා. පුදුම බයක් තියෙන්නේ. මෙහෙ අගමැති කිව්වේ, සැමදෙනාටම නැත්තම් අඩුම තරමින් 90% කොරෝනා සැදියයුතු බව. ඔබ දන්නවද? මේ ධනපති පාලකයන් කොපමණ අමානුෂිකද බව? බොරිස් ජොන්සන් ජනතාව අමතා කිව්වේ, මිලියන ගණනක් හිතවතුන් සහ නෑදෑයන් මියයන බව ජනතාව බලාපොරොත්තුවිය යුතු බව. තාමත් පාසල් විවුර්තයි. ඔවුන් බලන්නේ ධනපතියන්ගේ ලාභය ඒ අයුරින්ම පවත්වාගැනීම. එ අතින් චීන කොමියුනිස්ට් පක්ෂය කොපමණ නිවැරදිද! ඔවුන්, අතින් ඉතා කුඩා වරදක් සිදුවුවා, එය ඕනෙම රටක සිදුවේ, මන්ද රෝගයේ ව්‍යාප්තිය පිලිබඳ කිසිවක් නොදන්නා නිසා. ඔවුන්, අනතුරු ඇඟවූ වෛද්‍යවරයාගෙන් සමාවද ඉල්ලුව පමණක් නොව, ඉතා ඉක්මන් ක්‍රියාමාර්ග ගත්තා. ඔබ දන්නවද, ඇමෙරිකාවේ ට්‍රුම්ප් කිවේ කොරෝන වයිරසය බොරුවක් බව.

:       0       0

kamal Thursday, 19 March 2020 02:18 AM

ලෝකයටම මේ විනාශය කළ චීන කොමියුනිස්ට් රජයෙන් ලෝකේ අනිත් සියලුම රටවල් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය හරහා මූල්‍ය වන්දි ඉල්ලිය යුතුයි.

:       478       566

Sugath GamahewaThursday, 19 March 2020 08:48 AM

මුල්ලේරියාවෙන්ද අාවේ...?

:       399       294

kamalFriday, 20 March 2020 07:32 AM

ආපු තැන නෙමේ වැදගත්, අන්තිමට යන්න වෙන තැනයි වැදගත්. මේකට වන්දි ගත්තේ නැතිනම් ආර්ථිකේ කඩා වැටුනට පස්සේ ඔක්කොටොම යන්න වෙන්නේ නම් මුල්ලේරියාවට තමයි.

:       0       0

MuhanFriday, 20 March 2020 11:28 AM

අහන්නේ කතාව හරියට දැනගෙනෙද ?

:       0       0

jayath Thursday, 19 March 2020 02:22 AM

හරිම සංවේදියි, අපිත් දෑත ඔසවලා ආචාර කරනවා. මෙන්න දෙවිවරු... ඒ හාදයින් ඉන්නේ කෝවිල් වලවත් දේවාල වලවත් නෙමෙයි... මිනිස් වෙසින් මහපොළවේ මෙන්න මේ වගේ. මෙතෙනදී තවදෙයක් කියන්න ඕනෑ අපේ ආරක්ෂක අංශත් වෛද්‍ය වෘත්තිකයිනුත් මේ වෙලාවේ සෑහෙන කැපවීමක් කරනවා.

:       1       345

MD Thursday, 19 March 2020 03:31 AM

චීනය වසල ජාතියක් නොවන බව ලොවටම පෙන්නුම් කර ඇත. ජයවේවා..!

:       301       259

Bandara Thursday, 19 March 2020 06:18 AM

අනේ මන්දා දැන් කට්ටියම චීන්නු වර්ණනා කරනවා.

:       180       32

nimal Thursday, 19 March 2020 06:49 AM

චීන ආණ්ඩුවේ වරදින් අද මුළු මානව සංහතියම අනතුරේ. මේ ලෝක අපරාදයට චීනය වග කිව යුතුයි, වන්දි ගෙවිය යුතුයි.

:       623       614

asitha Thursday, 19 March 2020 08:07 AM

ජනාධිපතිතුමා කොරෝනා උවදුරට සැමන් මිල අඩුකරේ ජාතිය අමතා කරන ලද කතාවකිනි. ලංකාවේ වසංගත තත්ත්වය පාලනය කරන්න තමයි මේක සිදුකරේ. ලංකාවේ මිනිස්සු තවම කෑම කන්නේ අතින්... එලෙස කරේ එතකොට අපේ මිනිස්සු අත සබන් දාල ‌හෝදන්න ‌වෙනවා. ඉතිං වයිරසේ නිකම්ම මැ‌රෙනවා.. බලහන්කෝ දැක්මක් තියෙන නායකයෙක්ගේ වටිනාකම. බලන්න මේවා කොයිතරම් ප්‍රායෝගික දේවල්ද කියලා. මේ මෝඩ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැනේ... දැන් පාර්ලිමේන්තුව විසුරවලා තියෙන නිසා ළඟදීම පාර්ලිමේන්තුව නිරෝධායනය මධ්‍යස්ථානයක් කරන්න යන්නේ... එතන නානකාමර, කුස්සි, වැසිකිළි, AC ආරක්ෂාව ඇතුළු හැමදෙයක්ම තියෙනවා. අනෙක ජනතාවට සේවය කරන්න තියෙන උතුම්ම තැනනේ...

:       243       110

නාලක Thursday, 19 March 2020 08:17 AM

චීනයේ වියාප්ත වූ කොරෝනා වයිරසය මඩපැවැත්වීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් අද චීනය කොරෝනා වයිරසය මර්දනය කිරීමට හැකිවී ඇත. එම ජයග්‍රහණය වඩා වැදගත් වන්නේ, ලෝක ධනවතුන් යයි කියන ඇමෙරිකාවේ ජනගහනයෙන් අඩකට අාසන්න ප්‍රමාණයකට සෞඛ්‍ය රක්ෂණ නොමැති අතර, රක්ෂණ ඇති අයගෙන් පමණක් කොරෝනා රෝගය වැළඳී ඇද්දැයි සෙවීමට රෝගියෙකුගෙන් ඩොලර් 3000 අයකරන කාලයකයි. මිට අමතරව, චීනය, ICU රෝගීන් සඳහා ventilator 1000, කොරෝනා පර්යේෂණ කට්ටල දහස් ගණනක් සහ කියුබානු විශේෂඥයින් රැසක් ඉතාලියටද, එවැනිම කණ්ඩායමක්, ඉරානයටද, සර්බියාවටද ළඟාවිය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මේ උපකාරයන් වැදගත් වෙන්නේ යුරෝපා සංගමය විසින් කොරෝන හෝ ප්‍රතිජීවක ඉන්පිටත කිසිඳු රටකට අපනයනය කිරීම සපුරා තහනම් කොට ඇති අවධියකයි. කොරෝනා ජයගත් චීන ජනතාවට සහ කොමියුනිස්ට් පක්ෂයට උපහාරය...

:       102       912

GuneThursday, 19 March 2020 09:37 AM

ලෝකයට කොරෝනා දායාද කල චීන ජනතාවට සහ කොමියුනිස්ට් පක්ෂයට අපෙත් උපහාරය. ජයවේවා, තව එකක් දීපන්...

:       0       0

Prashan Thursday, 19 March 2020 09:30 AM

චීන්නු ක්‍රියාවෙන්ම පෙන්නනව තමන්ව බේරගන්න දගලන මිනිසුන්ට කොච්චර කෘතගුණ දක්වනවද කියලා. ඒකට අපේ. 30 වසරක යුද්ධයක් කරල රට බෙර ගත්තු, නිදිමරාගෙන නිරෝදාන මධ්‍යස්තාන හදපු ත්‍රිවිද හමුදාවේ කොල්ලන්ට ජිවිත පරිත්‍යාගයෙන් තමන්ගෙ ගෙවල්වල යන්නෙ නැතුව දරු පැටව් වත් බලන්න යන්නෙ නැතුව උදේ රෑ වෙහෙසෙන දොස්තරවරුන්ට හෙදියන්ට කාර්ය මණ්ඩලයන්ට පල නොකිය පලා බෙදනවා. මුළු ලෝකෙම ආර්ථිකය වැටීගෙන යද්දි අපේ ආර්ථිය ගොඩ ගන්න දගලන මිනිස්සු පුංචි මනුස්සයට සහනයක් දෙන්න ඕනේ කියල අත්‍යවශ්‍ය බඩු කීපයක හරි ගණන් අඩු කරද්දි ඒකෙත් වැරද්දක් දකිනව. තමන්ගෙ බඩ ගැන විතරක් හිතන, අනිත් එකාට හෙන ගැහුවත් තමන් ගොඩ යන්න ඕන කියල විතරක් හිතන, තමන්ට ලෙඩක් හැදුනහම ඒක අනිත් එකාටත් බෝ කරන්න ඕනෙ කියල හිතල ලෙඩෙත් එක්ක රට පුරා ඇවිදින ගුවන් තොටුපළවල් වල මුක ආවරණයක් වත් නැතුව අනිත් මිනිස්සු ඉන්න තැන් වල ඉදන් කෑ ගහන, රුපියල් 300 විෂබීජ නාශක දියර රුපියල් 600ට විකුණන සිංහල දෙමල මුස්ලිම් මැලේ බර්ගර් කියන ඔක්කොම එවුන් මේ කියන දේවල් කරන කොට රටට මොන සෙතක්ද?

:       0       0

cavin Thursday, 19 March 2020 09:51 AM

හරි දේ හරියට දකින්න පුළුවන් වෙන්න ඕන. චීනුන්ගේ අතින් විශාල වරදක් උනේ . එකේ අපහු කතා දෙකක් නැහැ . නමුත් උන් එකෙන් ගොඩ අපු විදිහෙන් අපිට ඉගන ගන්න ගොඩක් දේවල් තියෙනවා .එක කොමිනිස්ට් වේවා ,වෙන මොකක් හරි වේවා ,ඒක හරි ගියා.. අපෙත් අර ඉතාලි ඉඳල ඇවිල්ලා ඔය ලෙඩේ බෝවෙන්න හේතුවක් උනේ අපේ නීති ලිහිල් කම.

:       0       1

wimal Saturday, 21 March 2020 03:30 AM

මොන නීති තිබ්බත්, මොන විදියේ පාලනයක් තිබ්බත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය අතීවිශිෂ්ඨයි....

:       0       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25355 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23403 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 388 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site