නිමල් ජයරත්න
පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව නගරයේ පෞද්ගලික වී වෙළඳසැලකට රාත‍්‍රියෙදි ඇතුළු වූ වන අලියෙකු එහි කිසිවකට හානි නොකර වී උරයක් පමණක් හිමින් සීරුවේ කන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන් වීමේ ප‍්‍රවෘත්තියක් වාර්තා වී තිබේ.
පසුගිය වෙසක් පොහොය දා අලූයම 4.30ට පමණ එම වන අලියා ඇතුළු වී ඇත්තේ පොළොන්නරුම මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ කඩවතමඩුව නගරයේ යාබද තිබූ කේ.වී.එම්. කෑරගල මහතාගේ වී වෙළඳසැලටය.
විනාඩි 40 කට ආසන්න කාලයක් වී ගබඩාවේ රැඳී සිටි එම අලියා වී උරයකට පමණක් හානිකර ඇති බවත් කෑරගල මහතා කීය.
තවත් වී උර කිහිපයක් එම අලියාට පසුදින ආහාරයටද කෑරගල මහතා තබා තිබෙන අතර ඔහු පවසන්නේ පැමිණි වන අලියා සාධාරණ අලියෙකු බවයි.
තවද ඔහු පැවසුවේ ගබඩාවේ ප‍්‍රවාහනය සඳහා පටවා තිබු වී ලොරිය අසළ සිට මෙතෙක් වෙලා සිටියත් ලොරියට හෝ එහි වී ගෝනි වලට කිසිදු හානියක් නොකර අසොළ තිබු බිම් තරාදියටද කිසිදු අලාභයක් නොකර ගබඩාව පිටුපස දොරින් ගොස් ඇති බවයි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වෙළඳසැලට හානි නොකර වී කෑ සාධාරණ අලියා
රට වැසියා Saturday, 09 May 2020 09:49 AM
කාරුනික මහත්මයෙක් සහ සාදාරන අලියෙක්...
රවින් Saturday, 09 May 2020 09:50 AM
ගන්නකො මේ සි සි වී කැමරා පටිය. පලකරන්න ප්‍රසිද්දියේ සතාවුවත් තම අවශ්‍යතාවය පමණක් බුක්තිවිඳ ඉතිරි කරපු හැටි. මෙරට සියලුදෙනාටම පාඩමක්. විශේෂයෙන් ඉහගෙන කන දේශපාලුවන්ට.
Samitha Senaka Aluthgamage. (Japura University) Saturday, 09 May 2020 10:15 AM
පෝදා රැයේ බඩගිනිවී තිබුණෙ මට ... කාටත් හොරෙන් පැමිණියේ වී මෝලකට ... මල්ලක් ඇතිය කියලා සිතුනා මෙමට ... කරදරයක් නොකොට මම ගියෙ වනයකට ...
Aris Saturday, 09 May 2020 10:30 AM
වරදක් කලත් සිතකින් නොවෙයි මම් පොඩ්ඩක් කාල බඩගින්න නිවා ගන්න ඕන. එහෙම හිතන්න ඇති.
Raveendra Saturday, 09 May 2020 10:52 AM
කොහොමත් මොලේ නැති උනත් වනසතුන් හරිම සාධාරණයි. ඒ අතරින් කකුල් හතරේ අලින් හරිම සාධාරණයි. එකට බලන්න එපැය කකුල් දෙකේ මීහරක් අලි ඔය හැමතැනම පාට පාට කැට ඉදිරියට ඇවිත් කියන කෙප්ප...
ධනූ Saturday, 09 May 2020 11:02 AM
ඇත්තෙන්ම ඉස්සර සතුන්ට කන්න වෙන්කර තැබීමක් තිබුණා. මේ නිසා සතුන් ගේ ප්‍රචන්ඩත්වය අඩුවෙනවා. මිනිසුන්ට වගේ තන්හාවක් උන්ට නෑ. ඔය සතාට වෙන්කරපු එකටත් තව මිනිහෙක්ම ඇවිල්ලා හොරකං කලොත්ම තමා.
Hafeel Saturday, 09 May 2020 11:03 AM
බලනකොට රනිල්ට වඩා හොඳ ගතිගුණ තියන්නේ මේ අලියාට....
RaveendraSaturday, 09 May 2020 05:37 PM
ඔබ අදහස් කලේ අලියා නමැති ඒ ගාම්භීර සත්වයාටත් අපහස කරමින් එම සතාගේ නට්ටටවත් සමාන කල නොහැකි බඩගෝස්තරය ගැනම හිතන කකුල් දෙකේ ගොන් රැල ගැන වියහැකිය..
prasad Saturday, 09 May 2020 02:56 PM
හොඳ අලියෙක්. මහබැංකුවෙත් ඔක්කොම කන්නේ නැතුව ටිකක් ඉතුරු කලානේ දුප්පත් අපිට..
chandrasiriSaturday, 09 May 2020 04:45 PM
2005-2014 මහ බැංකු වාර්තාව දැකලා නැහැ වගේ නේද ගොයියෝ... ගණන් වලින් කොච්චර වැඩිද කියලා බැලුවොත් කොයි අලියත් එකයි කියලාවත් තේරෙයි... ඉතුරුවා පස්සේ තේරෙයි.. චන්දෙන් පස්සේ...