ඡායාරූප - ශාන්ත රත්නායක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වැනි සංවත්සරය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් අද (14) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා නිදහස් වෘත්තීයවේදීන්ගේසංවිධනය විසින් සංවිධනය කෙරිණි.
එහිදී නිදහස් පක්ෂ කාර්යාලයේ සේවකයන් ඇතුළු යුද හමුදාවේ නිලධාරීන් විශාල පිරිසක් එයට සහභාගී වුහ.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රිලනිප 67 වැනි සැමරුම වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
abiya Friday, 14 September 2018 08:41 AM
ඒකටත් හමුදාව දාගෙන සිවිල් අය ඇත්තෙම නැද්ද?
sirimal Friday, 14 September 2018 09:04 AM
"ලේ දන් දෙන එක" කොහොම වෙතත් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන "පක්ෂයේ ලේ උරා බොන්න" උත්සාහ කරන කට්ටියගෙන් පක්ෂය බේරා ගන්න වැඩපිළිවෙලක් යුහුසුළුව ක්‍රියාත්මක කළොත් තමයි වටින්නේ.
sam Friday, 14 September 2018 10:11 AM
ලේ දෙන්න තරම් බරපතල තත්වයකද දැන් ශ්රීලනිපය ඉන්නේ?
Hafeel Friday, 14 September 2018 04:03 PM
ලේ දෙන්නේ හමුදාව. නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
RaveendraSaturday, 15 September 2018 02:44 AM
හෆීල් මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. ලේ දන්දීම ඉතාමත්ම හොඳ පුණ්‍යකර්මයක්... කුමන ආගමක හෝ එය එසේ පිළිගන්නා බව අප කවුරුත් දන්නා කරුණකි. එවන් පිං කිරීමට (කිනම් හෝ) පක්ෂයක සංවත්සරය එන තෙක් එනතෙක් බලා සිටිය යුතුද? කෙසේ වෙතත් මේ මහා පුණ්‍යකර්මයට දායක වූ සියලුම දෙනාට ඒ මහා පිං රැස්කරගැනීමට පුළුවන. මෙහි ගැටලුව මේ එක එක පක්ෂ ගාවාගෙන එවන් සත් ක්‍රියාවක් කිරීම හොඳද නරකද යන්න අපි අපිම තීරණය කල යුතුයි. අනිත් වැදගත් කරුණ වන්නේ මෙවන් පුණ්‍ය කර්මයක් කිරීම සඳහා පක්ෂයක් සම්බන්ධ කරගැනීමට යෝජනා කළ ගවයන් කිනම් පට්ටියකද යන්න සොයා බැලීමයි. එවන් ගවයින්ට අරළු කුඩු එකතුකළ පුන්නක්කු දීම වඩාත් යෝග්‍ය වන බවයෝජනා කරන්නෙමු. අනිත් හිඟන පක්ෂවලටත් මෙය ආදර්ශයක් වේවා...!!!
OMG Saturday, 15 September 2018 04:57 AM
හැම හොඳ වැඩකටම යුද හමුදාව ඉදිරියෙන්... මොවුන්ගේ පපුව උණු වෙන තරමට දේශපාලකයින්ගේ පපුව උණු වෙන්නේ නැත්තේ පපුවක් නැති නිසා. ලේ දන්දීමේ වැඩසටහන් කරන සාමාන්‍ය ස්වෙච්ඡා සංවිධාන වලට කරන කාරුණික ආයාචනාව නම් කිසිම දේශපාලකයෙක් මෙවන් වැඩසටනකට ගාවගන්න එපා. ඔවුන්ගේ ලේ වල කපටිකම, මුදල් පසු පස හඹායාම හා අනිකුත් දුරාචාර තිබෙන බැවින් ඒ ලේ නරක් වෙලා. පාවිච්චියට නොසුදුසු ලේබලය අලවාගෙන ඉන්නේ...