(පී.එම්. රාජපක්ෂ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාව වාර්ෂිකව පවත්වනු ලබන සතර මහා මංගල්‍යයන්ගෙන් එකක් වන අලුත් සහල් මංගල්‍යය දුරුතු පුන් පොහෝ දිනය යෙදුණු අද (28) ශ්‍රී දළදා මාලිගාවේදී සිදුකෙරිණි.
අලුත් සහලින් පිසූ කිරිබත් දළදා සමිඳුන් අභියස දී පූජා කිරීමෙන් ගොවිතැන් කටයුතු සශ්‍රික වී රටට සෞභාග්‍ය උදාවේවායි ප්‍රාර්ථනා කිරීම අලුත් සහල් මංග්‍යය පැවත්වීමේ අරමුණ වේ.
මෙම පූජාව වෙනුවෙන් කෙත් වතුවලින් නෙළා ගත් සාරවත් වී අස්වැන්නේ සහලේ අග්‍ර කොටස ශ්‍රී දළදා මාලිගාව හා සිව් මහා දේවාලවල කොටස් ලෙස වෙන් කිරීම පුරාතන සිරිත් සම්මත චාරිත්‍රවලට අනුව කුණ්ඩසාලේ, පල්ලේකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගාවේ වී අටුව අසළ දී සිදු කෙරිණි.
ඉන්පසු වී අටුවේ සිට ශ්‍රී දළදා මාලිගාව වෙත ඇතුන් පිරිවරා ගත් පෙරහරින් සහල් රැගෙන ඒම සිදු කෙරිණි.
අස්ගිරි මල්වතු මහනාහිමියන්ගේ අනුශාසනා පරිදි තේවාව භාරව කටයුතු කරන මහා සංඝරත්නය සහ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගීත්වයෙන් කාරියකරවන කෝරාළ ඇතුළු සෙසු රාජකාරි නිරතවන්නන් අතින් මේ පුරාතන චාරිත්‍රය මෙවරත් ඉටු කෙරිණී.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී දළදා මාලිගාවේදී අලුත් සහල් මංගල්‍ය පවත්වයි