අමල් වික්‍රමරත්න
ඉන්දියාවේ ගෝව නැව් තටාංකාංගණයේ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද දෙවන අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව නිල වශයෙන් භාර දීම එම නැව් තටාංකාංගණයේ දී සිදු කෙරිණි.
මෙම සුවිශේෂි අවස්ථාවේදී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාංගනී වාගිෂ්වර සහ ගෝව නැව් තටාංකාංගණයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ශේකර් මිතල් මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා වෙත නිල වශයෙන් නෞකාව භාර දෙන ලදී.
මෙම අධිතාක්ෂණික නෞකාව නිෂ්පාදනය කිරීමේ කටයුතු 2014 වසරේදි ගෝව නැව් තටාකාංගණයේදී ආරම්භ කරන ලද අතර, එමඟින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මුර සංචාර සිදු කිරීම, සෝදිසි මෙහෙයුම්, මානුෂිය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දුෂණ වැලැක්වීමේ මෙහෙයුම් සිදු කිරීමට නියමිතව ඇත.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශ්‍රී ලංකා නාවික හමුදාවට තවත් අධිතාක්ෂණික නෞකාවක්
maaraya Friday, 23 March 2018 03:48 PM
ජී.පී.එස් ට්‍රැකින්... සවුන්ඩ් රේකොඩින්, ස්පයි, මේ ඔක්කොම ෆික්ස් කරලා ඇත්තේ. අපේ අයත් ඉතින් උඩදාළා ගන්නේ. චීන්නු දුන්නු ඇමතිලාට ලැප්, කට්ටිය මේල් ගහනවා ඇති ඔක්කොම ට්‍රැක් වෙනවා ඇති අගේට...
upaliSaturday, 24 March 2018 05:10 AM
ඇත්ත තමයි. සහතිකමයි. ඔන්න පැණි බොනවාලු..
appuhamy Friday, 23 March 2018 09:36 PM
ඉන්දියාවට ජයවේවා !!! ජය හේ! ජය හේ!! ජය හේ!!! ශ්‍රී ලංකා.
lal Saturday, 24 March 2018 02:00 AM
මිලදී ගත්තාද? ඉන්දියානු ත්‍යාගයක්ද?
janatha anura Saturday, 24 March 2018 03:29 AM
මාරයා එහෙම නම් තමුන්ගේ නිෂ්පාදනයක් කරන්න වේවි... නමුත් අහල තියෙන විදියට නම් මේ රටේ මිනිස්සු අැල්පෙනෙත්තත් පිට රටින් ගේනවලු, කකුලෙන් අදිනවලු, අනුන් හදන ඒවායේ වැරදි විතරක් කතා කරන්න හපනුන්ලු
sampath Saturday, 24 March 2018 05:38 AM
මේක කොළඹ ඩොක් යාර්ඩ් එකේ හදන්න බැරිද? අනෙක් ඩොක් යාර්ඩ් එකේ ජපන් තාක්ෂණය යොදා ගෙන නැව් හදන්නේ... එයාලා තමයි වේග ප්‍රහාරක යාත්‍රාව හැදුවෙත්... අලියා බෝට්ටු කියන ටුග් බෝට්ටුව හැදුවෙත්..
casmir Saturday, 24 March 2018 07:56 AM
ලැබෙන කොමිස් වැඩිනම් අපේ මිනිස්සු ඔය කිසිම දෙයක් ගැන හිතන්නේ නැ.. වැඩියෙන්ම රට විකුණන්නේ ලංකාවේ විශ්ව විද්‍යාලවලින් නිදහස් අධ්‍යාපනය ලබලා ආණ්ඩුවේ තනතුරු වල ඉන්න කට්ටිය... හැබැයි වැඩියෙන්ම කන්නේ දේශපාලකයින් ... අපරාදේ රට ඉවරියි.. රට විකුණලා හරි කමක් නැහැ. හම්බ කරගෙන වෙන රටකට ගිහින් ලොකු කතා කියනවා ..
imesh Saturday, 24 March 2018 07:37 AM
නිකන් ද මේවා දෙන්නේ? සල්ලි වලට ගත්තම මෙච්චර නටන්න ඕනෑද?
tikiri Sunday, 25 March 2018 11:11 AM
අද යුද්ධයකුත් ලංකාවේ නැතිව මේවා මොකටද? අවුරුදු 40ක් පරණ නැව්වලින් කිලෝමීටර දහස් ගණන් ගිහින් කොටි නැව් විනාශ කළ අපේ නාවික හමුදාවට එදා වත් මේවා අවශ්‍ය වුනේ නැහැ...
Bamunuarachchi Wednesday, 28 March 2018 01:06 AM
ඉන්දියාවෙන් අධි තාක්ෂණ නැවක්? එතකොට ඇමරිකන්, ජර්මන්, රුසියානු නැව්? ලෝකෙට බුද්දාගම හැරෙන්නට වටිනා කිසිම දෙයක් ඉන්දියාවෙන් ලැබුනේ නැත.