(ඩයනා උදයංගනී)
සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෙද, අතුරුවෙද්‍ය සහ පරිපූරක සේවාවන්ට අයත් වෘත්තීය සමිති 18ක් එක්ව අද (7) උදෑසන සිට ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රෝහල්වල කටයුතු අඩාල වී රෝගීහු දැඩි පීඩාවට පත්වූහ.
වැටුප් විෂමතා ඉවත්කිරීම, ඖෂධ මිල අඩුකිරීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල්කරගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.
හෙද හෙදියන්, ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, විද්‍යුත් ඛන්තු රේඛන ශිල්පීන්, දන්ත කාර්මික ශිල්පීන්, ඇතුළු සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සේවා 18 ක් මෙම වැඩවර්ජනයට එක්ව සිටිති.
මේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශවලින් හා සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන්ට වෛද්‍යවරුන් විසින් ඖෂධ නියම කළත් ඖෂධවේදීන් විසින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රෝගීන් දැඩි පීඩාවකට පත්ව සිටිනු දක්නට ලැබිණි.
රෝහල්වල ඖෂධ නිකුත් නොකිරීම හේතුවෙන් ඔසුසල් ඇතුළු ඖෂධ අලෙවිසැල්වල දැඩි පෝලිම් තිබෙනු ද දක්නට ලැබිණි.
රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, කාසල් වීදිය, ද සොයිසා, කේතුමතී, මහමෝදර යන කාන්තා රෝහල්, අයි.ඩී.එඩ් රෝහල, මධ්‍යම ලේ බැංකුව, මාළිගාවත්ත හා පොළොන්නරුව වකුගඩු රෝහල් යන ස්ථාන 10 හි මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවේ.
වර්ජනය ක්‍රියාත්මක වුවත් අසාධ්‍ය රෝගීන් හා හදිසි රෝගී සත්කාරක සේවා හා ජීවිතාරක්‍ෂක සේවා පවත්වාගෙන යන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සම කැඳවුම්කරු, සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
රටපුරා රෝහල්වල 65,000ක් පමණ මෙම වර්ජනයට සම්බන්ධ වී සිටින බව ද ඔහු සඳහන් කළේය.
රජයෙව් ස්ථිර විසඳුමක් නොලැබුණහොත් දැනට වර්ජනය නොපවතින රෝහල් ද යම් මොහොතක වැඩවර්ජනයට ඇතුළත් කරගැනීමට සිදුවනු ඇතැයි හෙතෙම කීවේය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සෞඛ්‍ය සේවක වැඩවර්ජනය නිසා රෝගීන්ට දැඩි පීඩා
බද්රානි Tuesday, 08 February 2022 02:54 PM
ලංකාවේ සෑම ක්ෂේශ්ත්‍රයකම පාහේ තියන ප්‍රශ්න විසඳා ගැනීමට මම නම් ඉතාම සරල ක්‍රමයයි යෝජනා කරන්නේ..නුඹලා එකට එකතුවී එකිනෙකාව මරා ගනිල්ලා..අන්න එතකොට, මේ භුමිය අරක්ගෙන සිටින තුච්ජ, මිලේච්ජ, විෂඝෝර ජාතිය මේ භූමියෙන් වඳවී, යහපත් ජාතියකට මේ පින් බිම අයිති වේවි!! තම වර්ගයාගෙන්ම පළි ගන්නා අමනොඥ ජාතිය නුඹලාට මේ ලෝකයේ පැවැත්මක් නැත!!