IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘සේනානායක ප්‍රතිපත්තිය අපි ඉදිරියට ගෙනවිත් තිබෙනවා’

ඡායාරූප - ඉෂාන් සංජීව

ඡායාරූප - ඩික්සන් වසන්ත

(මුදිතා දයානන්ද)

අපේ පරමාධිපත්‍යය තහවුරු කරලා අපි අපේ ක‍්‍රමයට කටයුතු කරන්න සූදානම් කියලා අපේ විදේශ ඇමැති ජීනීවා වලදී කරපු ප‍්‍රකාශයෙන් ඩී. එස්. සේනානායක ප‍්‍රතිපත්තිය අපි ඉදිරියට ගෙනවිත් තිබෙන බව තහවුරු වෙනවා යැයි  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (22) පැවසීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසූයේ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේ පැවති ඩී. එස්. සේනානායක 67 වැනි අනුස්මරණ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදි අගමැතිවරයා මෙසේද පැවසීය.

‘අපි ඉදිරියට ගෙන යන්නේ ඩී.එස්. සේනානායක ප‍්‍රතිපත්තියයි. ඒ බව ඊයෙත් අදත් ජීනිවා වලදී තහවුරු වී තිබෙනවා. අපේ රටේ මානව හිමිකම් කඩවීම් පිළිබඳව නඩු අහන්න ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍යයි කිව්වා. ඒත් අපේ විදේශ ඇමැති ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේදි ප‍්‍රකාශ කළා එහෙම අවශ්‍ය නැහැ. අපි ප‍්‍රජාතන්ත්‍රවාදී රටක්. අපේ රටේ ස්වාධීන අධිකරණයක් තිබෙනවා. ඒක ජාත්‍යන්තරයම පිළිඅරන් තිබෙනවා. ඒ නිසා අපිට මේ යෝජනාව පිළිගන්න බැහැ කියලා ඔහු කිව්වා. ඒ වගේම එතුමා මානව හිමිකම් කොමසාරිස්වරියට කිව්වා ඔබතුමියට හෝ වෙනත්  ඕනම කෙනෙකුට  ඕනම වෙලාවක අපේ රටට එන්න ඇවිත් බලන්න. ඒකට අපේ බාධාවක් නැහැ. නමුත් මේ ජාත්‍යන්තර අධිකරණ අපිට පිළිගන්න බැහැ කියලා. අපි ඒ පෙන්නුවේ අපේ ස්වාධීනත්වය. ඒක කොයිතරම් දුරට සාර්ථක වුණාද කියලා කියනවා නම් රටවල් කීපයක් ඉදිරිපත් කළ යෝජනාව නිතරයෙන් සම්මත වුණා.’

‘ඇයි මෙහෙම තත්ත්වයක් ඇති වුණේ? එදා ලංකා ආණ්ඩුව 2009 දී එක්සත් ජාතීන්ගේ මහලේකම් සමඟ ඇති කරගත් ගිවිසුම අනුවයි මේක සිද්ධ වුණේ. එදා එකඟ වුණා ජාත්‍යන්තර අධිකණයට යන්න. ඒක කරන්නේ කොහොමද කියලා එදා කල්පනා කළේ නැහැ. ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය වුණා නම් මානව හිමිකම් කඩවුණා  නම් ඒක අපේ රටේ ස්වාධීන අධිකරණයෙන් එය කළ හැකි බව අප අද පෙන්වා දී තිබෙනවා. රණවිරුවෙක් වුණත් ත‍්‍රස්තවාදියෙක් වුණත් මානව හිමිකම් කඩකර තිබෙනවා නම් අපිට පුළුවන් අපේ අධිකරණයෙන් ඒ ගැන නඩු අහලා අවශ්‍ය දඬුවම් දෙන්න.’



අදහස් (14)

‘සේනානායක ප්‍රතිපත්තිය අපි ඉදිරියට ගෙනවිත් තිබෙනවා’

Janahitha Friday, 22 March 2019 02:09 PM

චණ්ඩියා වෙලා වගේ?

:       11       62

RaveendraFriday, 22 March 2019 05:51 PM

අම්බලමේ...

:       24       44

ගල් බමුණා Sunday, 24 March 2019 07:17 AM

ඔයා තමා මෙතන අම්බලම් පාළුවා වෙලා තියෙන්නේ. කිසි වැදගත් අදහසක් දාන්නේ නැහැ. පොහොට්ටුවට කඩේ යනවා ඇරෙන්න.

:       1       54

මාවිල්මඩ වජිර හිමිSaturday, 23 March 2019 08:37 AM

අද මේ රට පත් වී ඇති අවාසනාවන්ත තත්වයට සේනානායකවරු හා බණ්ඩාරනායකවරු ද වග කිව යුතුය. නිදහස ලැබෙන අවදිය වන විට ආසියාවේ අනිකුත් රාජ්‍යන්ට සාපේක්ෂව යම්කිසි ආර්ථික ස්ථාවර භාවයක් හා සමාජීය දියුණුවක් සහිතව තිබුණු රටක් 1977 වන විට සාගතයෙන්, හාමතින් දුක් විඳින බිඳ වැටුණු ආර්ථිකයක් හා වර්ගවාදී යුද්ධයක් සහිත රටක් බවට පත් වුනේ ඔවුන්ගේ අදුරදර්ශී ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග නිසයි. නුතන පරම්පරාවට මේ කටුක ඉතිහාසය කියාදීම අපගේ යුතුකමකි. සංවාදයට විවෘතයි.

:       2       107

sirimal Friday, 22 March 2019 02:29 PM

හැබෑවටම ඔබතුමා ඔය සැබෑවක්ද කියන්නේ? සේනානායක මැතිතුමා කවදාවත් හොරකම් කරන උදවිය ආණ්ඩුවේ මර්මස්ථාන භාරව පත් කලේ නැහැ. හොර පාස්පෝර්ට් කාරයින්ව බලපෑම් කරලා නිදහස් කලේ නැහැ. අරක කරනවා, මේක කරනවා කියලා බොරු පම්පෝරි ගහලා කියපු දෙයක් කරගන්න බැරි වෙලා අපකීර්තියට පත් වුනෙත් නැහැ. අපේ රටේ ප්‍රධාන පූජනීය ස්ථාන තිබියදී ඉන්දියාවේ කෝවිල් ගානේ ගිහින් ආරක්ෂාව ඉල්ලා සිටියේත් නැහැ. ප්‍රශ්නයක් වෙන කල් නිදාගෙන ඉඳලා ප්‍රශ්නයක් ඇති වුණාම ඒක නිරාකරණය කරගන්න කඩියා වගේ වැඩ කරලා ඊට පස්සේ ආපහු නිදාගත්තෙත් නැහැ. සේනානායක මැතිතුමා නිර්මාණය කළ සේනානායක සමුද්‍රය, ගල් ඔය ව්‍යාපාරය වගේ දේවල් අදටත් රටට සෞභාග්‍යය ලබාදෙනවා. සමහරු ඒ නිසාම සේනානායක මැතිතුමා දේවත්‍යයෙන් පවා සලකනවා. ඔබතුමා පක්ෂයත්, පාක්ෂිකයිනුත් නන්නත්තාර කරා මිස කරපු දෙයක් පෙනෙන්නට නම් නැහැ. ලබන මැතිවරණයේදී කල් යල් බලා සුදුස්සෙක් තෝරාගත්තේ නැත්නම් ඉතින් එජාපයටත් එජාපයේ සාමාජිකයින්ටත් අබසරණම තමයි ඉතින්....

:       8       446

Dayal Friday, 22 March 2019 04:17 PM

තියෙනවා... තියෙනවා කරුණාකරලා ජනතාවගේ සුභසිද්ධිය සඳහා කරුණාකරලා දේශපාලනයෙන් ඉවත් වෙනවද?

:       7       238

Raveendra Friday, 22 March 2019 05:47 PM

සේනානායක උන්නැහේ හිටියා නම් අද දවසේ .. පළමුව කන පලන්නේ සුත්තර පුංචාගේ.. ලූලා නැති ගඟට මේ කනය නිවටයනේ... යන්න කියමින් එය නිවැරදි බව කිව්වනේ....

:       99       118

nihal c k Friday, 22 March 2019 05:50 PM

කමක් නෑ.. කමක් නෑ ඔහොම සංදර්ශන පවත්වන්න... මොකද මේ තමයි ඔබතුමා ජීවිතේටම අගමැති තනතුර දරන අවසාන කාලය...

:       14       109

upaLI Friday, 22 March 2019 06:09 PM

අලුත්ම ආයෝජනය (මගඩිය) තමයි... හම්බන්තොට පිරිපහදුව. (වොක්ස්වැගන් වගේ)

:       0       67

chandima Friday, 22 March 2019 06:22 PM

ඔය කියන්නේ මේ ඡන්දයක් කිට්ටු වෙනකොට නේද?

:       0       11

දයාවතී Friday, 22 March 2019 07:58 PM

දේශීයත්වයට හිතැතිව අමුඩයලාගෙන ගොවීන් සමග එකට හිටගත් සේනානායක මහතාට අපේ ගෞරවය හා කැමැත්ත අදටත් එහෙමයි. මෙයා සේනානායක වගේ වෙයිද මේ කියන විදිහට?

:       0       57

nihal Friday, 22 March 2019 08:20 PM

සිරිමල්,ඉතාම නිවැරදියි.

:       0       1

Mudali Saturday, 23 March 2019 03:39 AM

සේනානායක ප්‍රතිපත්තිය මීට වඩා ලස්සනට ඉදිරියට ගෙන යා හැකි උදවිය ඔය පක්ෂයේ ඉන්නවා.

:       0       5

රාජුන් Monday, 25 March 2019 04:39 AM

මගේ ප්‍රශ්නය මේකයි. සේනානායක හරි බණ්ඩාරනායක හරි මොන නායක වුනත් 50 දශකයේ ගැටගහගත්ත පක්ෂ ප්‍රතිපත්ති මේ යුගයට ගැලපෙනවද? තාමත් ඒව කරගහගෙන ඒ මත්තෙ නැහි නැහී පම්පෝරි ගගහ ඉන්නව නම් අපි වගේ හරක් ජාතියක් කොහෙවත් නෑ .

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18275 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18143 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site