හර්ෂණ තුෂාර සිල්වා
ඉන්දියාවේ නිෂ්පාදිත “ශ්‍රී ලංකා නාවික සිඳුරළ” නෞකාව අධිකාරි ධුරයට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ ‘කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී’ අද (19) සිදු කෙරුණි.
ඉන්දියාවේ ගෝවාහි නිෂ්පාදිත මෙම නෞකාව ශ්‍රී ලංකාව සතුව ඇති දෙවැනි අධි තාක්ෂණික යුද නෞකාවයි. ශ්‍රී ලංකාව සතුව ඇති අනෙක් එවැනි නෞකාව වනුයේ ‘සයුරළ’ නෞකාවය.
නෞකාවේ පළමු අණ දෙන නිලධාරියා වශයෙන් කපිතාන් සමන් කුලසිරි පෙරේරා අධිකාරි ධුරයට පත් කිරීමේ සන්නස් පත්‍රය කියවීමෙන් අනතුරුව නෞකාව අධිකාරිධුරයට පත් කෙරුණි. ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමට එහි නම දැක්වෙන පලකය විවෘත කළේය.
ගැඹුරු මුහුදේ දිගු දුර නිරීක්ෂණ කටයුතුවල යෙදීම මෙම නෞකාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු, ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති යන මහත්වරු මෙම අවස්ථාවට එක්වූහ.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිඳුරළ නෞකාව අධිකාරි ධූරයට
Raveendra Friday, 20 April 2018 03:42 AM
මල්ලියේ ඔයාගේ පුද්ගලික මුදල් මේ විදියට වියදම් කරන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙන් නේද ??? පව් පුදුම වියදමක්නේ කරලා තියෙන්නේ රට වෙනුවෙන්.
susa Friday, 20 April 2018 04:50 AM
මේ හම්බන්තොට වරාය විකුණලා ගත්ත නැව නේද ?
RANGA Friday, 20 April 2018 09:25 AM
මෙම නැව මෙන්ම මෙම නැව් පන්තියේ අනිත් ශ්‍රී ලාංකිය යුධ නැවත් නාමකරණයේ ගැටළුවක් ඇත.. මෙම නැව "සර්යු" පන්තියේ නැවක් වන අතර මුල් නැව් හතර ඉන්දියන් නාවික හමුදාවට අයත් සර්යු, සුනයිනා, සුමේධා හා සුමිත්‍රා වේ.. අපේ නාමකරණයත් ඒ අනුව යමින් සයුරල, සිඳුරල ලෙස නම් කර ඇත්තේ "ස" අකුරෙන් ආරම්භ කරමිනි.. අප රටේ බලවත් රජවරු, ජනපතිවරු සිටිද්දී ඇමරිකාවේ මෙන් ඔවුන්ට ගරු කිරීමක් ලෙස එම නම් නාමකරණයට අදාල කර නොගත්තේ ඉන්දියාවේ හොඳහිත තබා ගැනීමට දැයි පැනයක් මතුවේ...
අතුල Friday, 20 April 2018 11:11 AM
රවීන්ද්‍ර මහත්තයෝ, මත්තල රජපක්ෂ ගුවන් තොටුපොළයි, හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරායයි නම් ඒ නම් දාගත්තට කමක් නැහැ. මොකද ඒවා හැදුවේ හිටපු ජනාධිපතිතුමාගේ පුද්ගලික ධනයෙන්නේ. හැබැයි අම්ම, තාත්තගේ සොහොන නම් මහජන මුදලින් තමයි.
RaveendraFriday, 20 April 2018 03:42 PM
අතුල මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. අපට මහින්දත් එකයි, මෙත්‍රිත් එකයි, රනිලුත් එකයි. හොඳ දෙයට අප හිසනමා හොඳ යන්න පැවසීමට ගුණමකු නොවෙන අතර වැරදි දෙයට වැරදියි යන්න කීමට කිසිවිට පසුබට නොවන අතර ඉදිරියටත් එසේ පසුබට නොවන්නෙමු.