(අජිත්ලාල් ශාන්තඋදය )
ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලයේ 2018 වසරේ වාර්ෂික ඇසළ මහා පෙරහර මංගල්‍යය අද (26) දිය කැපීමෙන් පසු අවසන් විය.
කලූගඟේ මල්වල පිහිටි රතඹලා ඇල්ලේ දී සාම්ප‍්‍රදායික ගඟේ පෙරහරින් ගොස් දිය කැපීම සිදුකර ගිය මග ඔස්සේ ම දහවල් ආපසු පැමිණියේය.
සබරගමු මහ සමන් දේවාලයේ අවසන් රන්දෝලි මහ පෙරහර ඊයේ (25) රාත‍්‍රී වීදි සංචාරය කර දේවාලයට ගෙවදීම සිදුවිය. ඉන්පසු අද අලූයම් කාලයේ දිය කැපීමේ පෙරහර දේවාලයෙන් පිටත්විය.
දේවාල වීදිය ඔස්සේ රත්නපුර පානදුර පාරට පැමිණ එතැන් සිට කොටාඹේ තොටුපල දක්වා අලි ඇතුන් සහ උඩරට, පහතරට, සබරගමු සමුප‍්‍රදායට අයත් නර්ථනාංග සහිතව පෙරහර පැමිණියේ ය.
කොටාඹේ තොටුපලේ ඔරු අඟුල් සුදානම් කර තිබූ අතර එතැන් සිට මල්වල රඹලා ඇල්ල දක්වා පෙරහර ගඟ දිගේ ගමන් කළේ ය.
ශ‍්‍රීලංකාවේ පැවැත්වෙන එකම ගඟේ පෙරහර මෙයයි. කිලෝ මීටර් පහකට වැඩි දුරක් කලූගඟ දිගේ පෙරහර ඉහළට ගමන් කර රතඹලා ඇල්ලේ දී දිය කපා යළි ගිය මග ඔස්සේම ඔරු අඟුල් වලින් කොටාඹේ තොටුපළ දක්වා පෙරහර පැමිණෙයි.
දිය කපා ආපසු එන ගඟේ පෙරහරට පඬුරු දමන්නට, පූජා වට්ටි පූජා කරන්නට බැතිමතුන් ගඟට බැස සිදු කරති.
පෙරහර පැවති අද (26) කලූගඟේ ජල මට්ටම ද පෙරහර ගමන් කිරිමට පහසු මට්ටමක පැවතිනි.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සබරගමු මහ සමන් දේවාලයේ දිය කැපීමේ මංගල්‍යය