IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


සොභාදහමේ අපූර්වත්වය මාතලේ - ලග්ගලට දිස්වන අයුරු

 

(ඉන්දික අරුණ කුමාර)


කොරෝනා වසංගතයෙන් රට තුළ ඇතිවු සමාජ දුරස්ථභාවය හමුවේ මාතලේ - ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක පාරිසරික වෙනස්කම් රැසක් ඇති වි ඇතැයි පරිසර සංවිධාන කියා සිටිති.

ඉපැරණි මෙන්ම පාරම්පරික ගම්මාන වන ලග්ගල- රණමුරේ,නාරංගමුව හා හල්මිනිය ගම්මානවල වෙනදා නොදකින පාරිසරික වෙනස්කම් අතරේ ගහකොල වර්ණ ගැන්වීම් මෙන්ම වාතලයට මිනිස් ක්‍රියාකාරකම් මුසු නොවීම හමුවේ පැහැදිලි ලෙස උස් කදු පංති මෙන්ම අහස්කුස ඉතා සෝභමානව දර්ශනය වීම මේ දිනවල ලග්ගල ප්‍රදේශයේ දී දැකගත හැකිය.

පරිසර සංවිධාන පෙන්වා දෙන ආකාරයට වෙනදා නොදුටු විශාල මකුළු විශේෂ රැසක් සිය ජනපද ඉදිකිරි ඉහත කි ගම්මානවල බහුලව මේ දිනවල දක්නට ලැබේ.

ඓතිහාසික කතාපුවත් රැසක් සගවාගත් ලග්ගල - රණමුරේදී දිස්වන අයුරුද මේ දිනවල ඉතා සෝභමානය.

පරිසර ලෝලීන්ගේ නෙත් සිත් පැහැරගන්නා මේ පාරම්පරික ගම්මානවල අද වන විට පවතින සුන්දර බව අප කැමරා කාචයේ සටහන් වූයේ මේ ආකාරයෙනි.



අදහස් (17)

සොභාදහමේ අපූර්වත්වය මාතලේ - ලග්ගලට දිස්වන අයුරු

Raveendra Monday, 11 May 2020 06:53 AM

අනේ මේ අපේ සුන්දර මාතෘබුමිය කොච්චර වටිනවද අපට මෙය... එනමුත් දේශපාලුවන් මෙන්ම උන්ගේ හෙන්චයියන් අපගේ මේ ලස්සන රට හැමවිටම විනාශ කරනවා නොවේද පාවා දෙනවා නොවේද?

:       2       94

Samitha Senaka Aluthgamage. (Japura University) Monday, 11 May 2020 07:56 AM

නීල හරිතයෙන් බබලන සොඳුරු ගත ... සොබාදම් කුමරි යලි පිබිදිලා ඇත ... නිල්වන් අහසෙ පියඹාලා වලා මත ... පැන දඟලන්න පොරකනවා මගේ සිත ...

:       0       162

. පුජා Monday, 11 May 2020 08:03 AM

පරිසර දූෂණයෙන් සොබාදහම කොච්චර සුන්දර උනත්, දුෂිත සිත් ඇති සමහර මිනිසුන්ට වඩා කවදාවත් නොදුටු මකුළු වර්ග හොඳයි කියලයි මට නම් හිතෙන්නේ...

:       0       24

පුජා Monday, 11 May 2020 12:55 PM

පරිසර දුෂණයෙන් තොර සොභාදහම කියලයි මම අදහස් කළේ .සමාවන්න .

:       0       4

විජිත්Monday, 11 May 2020 03:09 PM

පුජා, මිනිසා කියන සත්වයා පමණයි පරිසරය දුෂණය කලේ. අනිත් සත්තු පරිසරයත් සමග සාධාරණ ගනු දෙනුවක් කරනකොට මිනිසා ඒ සත්තුන්ව හඳුන්වන්නේ ශිෂ්ටාචාර ගත නොවුන අය කියලයි. සමහර වෙලාවට කියනවා පරිනාමයේ අවසානයට නොපැමිණි සතුන් කියලා. කවුද මේ කියන්නේ..? දැනට පරිනාමයේ ඉහලින්ම සිටින පණ්ඩිත සත්වයා මිනිසායි. තමන්ගේ පැවැත්ම පිණිස ඒ සතා ඕනෑම විනාශකාරී දෙයක් කළා. අහිංසක සතුන් මිනිසාගෙන් බේරෙන්නට කැලෑ ඇතුලට පුරුදු කලා. ඒ අලුත් පරිසරයට හුරුවෙන්න බැරි අය මේ පොළොවෙන් වඳ වුනා. අලුත් පරිසරයට ක්‍රමක්‍රමයෙන් හුරුවෙමින් විකරණය වුන අය මිනිසාගෙන් සැඟවී දිවි බේරා ගත්තා. ඒ අය අදත් ජීවත්වෙනවා. කොහේ හරි.. ඔයා ආදරේ කරන මකුළු විශේෂත් එහෙමයි, ඒ ගොල්ලෝ මිනිස්සුන්ගෙන් සැඟවී මෙතෙක් කල් සිටියේ දුෂිත පරිසර තත්වයන් යටතේ ජීවත්වීමට අසීරු නිසයි.. මේ හදිස්සියේ නොකියාම පැමිණි සොභාවධර්මයාගේ වසන්තය ඉව වැටුන මේ සැඟවී සිටිය සතුන් නැවතත් ඒගොල්ලන්ගේ නිජබිම් සොයාගෙන ආවා. ඒත් ... ඒ ගොල්ලෝ අයෙත් හිටපු තැන්වලටම යන්න යාවි හෙට ..නැතිනම් අනිද්දා. ඇඳිරි නිතිය ඉවරයි.. බස් කෝච්චි දුම් දාගෙන වැඩ. ලෝකය ආයෙත් වැඩ පටන් ගන්නවාලු...වසන්තය නොකියාම යන්න යාවි....

:       0       74

පුජා Monday, 11 May 2020 07:07 PM

අනේ විජිත් , මම ස්වභාව ධර්මයට ,මේ පින්තුරයේ දකිනවා වගේ නෙත පිනවන දැකුම්කලු පරිසරයට ආදරෙයි. ඔයාගේ සිත්ගන්නා සුළු සටහන් කියවන්නත් ආසයි. .ඇත්තම කීවොත් මම , මේ පින්තුරයේ පෙනෙන කළු ලොකු මකුළුවන්ට බයයි. ඒත් මම පිලිගන්නවා එයාලටත් මේ මහා පොලොව අයිති බව.

:       0       16

RaveendraMonday, 11 May 2020 07:18 PM

විජිත් මයා වෙත, ඔබගේ විග්‍රය 200%ක් නිවැරදිය. මෙම වෛරසය පරිසරය පිළිබද මහෝෂධ පණ්ඩිතයන්ට යනඑනමං නැතිකර නන්නත්තාර කර ඇත. වනසතුන් පරිසරයට සැමවිටම තම දායකත්ව දැක්වූවත් තිරිසන් මිනිසා සැමවිටම පරිසරයට විනකළා පමණි.

:       0       22

Samitha Senaka Aluthgamage.Tuesday, 12 May 2020 02:11 AM

විජිත් මහතාගේ සාරගර්භ අදහස් මා කියවෙන්නේ හරිම ප්‍රමෝදයෙන්. ඔබතුමාට ස්තුතියි.

:       0       33

පූජාThursday, 21 May 2020 01:14 PM

විජිත් මහත්මයා ඔබතුමා සුවෙන්ද?

:       0       21

පුජා Thursday, 14 May 2020 04:58 PM

විජිත් , ඔයා ඉහතින් සඳහන් කල ගීතය මම මීට පෙර අසා තිබුනේ නැහැ. එය රස විඳීමෙන් පසුව මා පුදුමයට පත් උනා....මෙතරම් ලස්සන ගීතයක් මට මග හැරුනේ කෙසේද කියා. එම ගීතය භාවනාවකට සම වැදුනා වගේ ,නැවත නැවත අසා සිටීමට ආසා හිතෙන ලස්සන ගීතයක්.. මෙම ගීතය උක්ත ආටිකල් එකට කෙසේ ගලපා ගන්නද කියලා මට ප්‍රෙහෙලිකාවක් උනා.. අප බෙහෙවින් ආදරය කරන "ලංකාදීපය ඔන් ලයින් "පිටුවට හැම කෙනාම ණයගැති බව මා දන්නවා..මෙවැනි ලස්සන ගීතයක් ඇසීමට හදුන්වා දුන් ඔබට බොහෝ සේ ස්තුති වන්ත වෙනවා..

:       0       23

විජිත් Monday, 11 May 2020 09:12 AM

සුනිල් එදිරිසිංහ මහත්මයා නීලා වික්‍රමසිංහ මහත්මිය සමග ගැයූ ලස්සන ගීතයක පදවැල ටිකින් ටික මගේ මතකය අවදි කළා.............."..මිහිදුම් සළු තිර පැළඳි නමුණුකුල සෙවනැල්ලේ මුළු ලොවින් සැඟව ගමු නිකෙලෙස් හද බැඳි විකසිත ආදර තේමා ගීතය එක්ව ගයන්නට... වන ගැබ වන පල නෙලා ගෙනෙන්නම් වන මල් දහරින් මාල ගොතන්නම් පෙම් රකුසන්ගෙන් ඔබ සුරකින්නම් තුරු සෙවනැල්ලට මල් අතුරන්නම් - ඕනෑ නැත අන් කිසිවක් මිහිමත පාරාදීසය මෙහි ඉදිවී ඇත මානවිකාවෙනි හෙට හිරු කිරණට ටිකිරි සිනාවක් මුසු…කරනු මැන....

:       1       212

rana Monday, 11 May 2020 11:25 AM

විජිත්, නැගිටින්න ඇඳිරි නිතිය අහවරය.

:       8       0

Champa Monday, 11 May 2020 02:35 PM

හරිම ලස්සන පින්තූර ටික. තමන් අවට පරිසරය මේ තරම් ලස්සන බව මිනිස්සුන්ට මතක් කරලා දුන්නට ස්තුතියි. ස්වභාව ධර්මයේ පාට සංකලනය හරිම අපූරුයි. ඕනේ තරම් වෙලා බලා ඉන්න පුළුවන්. අර මකුළුවාගේ පින්තූරේ හරිම කලාත්මක එකක්. මකුළුවා නම් සෑහෙන්න ලොකුයි.

:       0       8

පුජා Monday, 11 May 2020 05:36 PM

පින්තුරයේ දකින මකුළුවා කලාත්මකයි තමයි. ඒ උනාට ඒ වාගේ කළු ලොකු මකුළුවෝ දැක්කහම ඔයාට බය හිතෙන්නේ නැද්ද චම්පා. ?

:       0       12

Akila Monday, 11 May 2020 02:55 PM

පහුගිය කාලේ මෙවැනි කඳු මුදුන් විනාශ කලේ අර රැල්ලට කඳු නගින සෙට් එක , ඇඳිරිනීතිය ඉවර වුණ ගමන් ආපහු පටන් ගනීවි...

:       0       53

පුජා Monday, 11 May 2020 09:54 PM

අපි කිසිදා අත් නොදැකපු , කොරෝනා" නම් භයානක වූ වසංගතයකට මුහුණ දුන් අපි ගෙවල්වලටම ලොක් ඩවුන් වුණු නිසා, ස්වභාව ධර්මයේ සත්‍ය වූ සුන්දරත්වය විඳ ගැනීමට තරම් වාසනාවන්ත උනා. අපට අලංකාර ඡායාරූප දසුන් ගෙනා "ලංකාදීප "ඡායාරූප ශිල්පීන්ටත් අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.. ඒ සම්බන්ධව මෙහි සටහන් තැබූ සියල්ලන්ගේම කොමන්ට් කියවා , අපමණ වින්දනයක් ලැබුවා. ගෙවල් ඇතුලටම කොටුවූ අපට එය මහත් අස්වැසිල්ලක් උනා. ඒත් තව කොපමණ දවසකටද? විජිත් මහත්මයා කීවා සේ යලිත් පෙර පරිදිම ,ලෝකයා එකිනෙකා පරදවමින් හැල්මේ දිවයනු ඇත. සොභාදහම් මාතාව යලිත් වරක්, උපේක්ෂාවෙන් අප දෙස බලා "නිහඩවම " සිතින් වැළපෙනු ඇත. කොරෝනාව අපට කියාදුන් නොමියන ජීවන පාඩමෙන් කී දෙනෙක් නම් පාඩම් ඉගෙන ගනීදැයි කිසිවකුටත් කිව නොහැකි වනු ඇත... සොබාදහම් මාතාව සතු ඇගේ සියලුම වස්තූන් වලට අප සැම ප්‍රේම කරමු. ආදරය කරමු. ඒවා සියල්ල නොනසා රැක ගැනීමට දායක වෙමු.. එවිට නැවතත් වසන්තය අප වෙත ළඟාවනු ඇත.

:       0       38

ravi02 Wednesday, 13 May 2020 09:17 AM

කොරෝනාව අපේ වාසනාවට... දෙවියන් දීපු දෙයක්... බලන්න අප‍ කෙතරම් පිරිසිදු වෙලා... මනරම් වෙලාද කියලා... අනේ, කොරෝනා අපිව දාලා යන්න නම් එපෝ...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 106 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6639 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7691 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18358 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1318 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 166 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site