IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

(නිමල කොඩිතුවක්කු)

මහමැතිවරණය සඳහා වන සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්  ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගය ප්‍රධාන  කාර්යාලයේදී අද (20) පෙරවරුවේ  එළිදැක්විණි.

ශක්තිමත් රටක් තෘප්තිමත් ජනතාවක් තේමාවෙන් එළිදැක්වූ  සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩපිළිවල ඇතුළත් වේ.

රටේ ජාතික ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම, මාර්තු සහ අප්‍රේල් මස  විදුලි හා ජලබිල්පත් සම්පූර්ණයෙන්ම කපාහැර කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම,  කොරෝනා වසංගතයෙන් පීඩාවට  පත්ව සිටින පවුල් සඳහා  මසකට රුපියල් 20000 ක් ලබාදීම ඇතුලු විසිවැදැරුම් ක්‍රියාපිලිවෙතක් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වේ.

එමෙන්ම වත්මන් රජය  මගින් අත්හිටුවා ඇති 2020 වර්ෂය  සඳහා අනුමත කරන ලද රුපියල් 3000 සිට 24000 දක්වා වූ  රාජය සේවක වැටුප්, විධායක ශ්‍රේණි සඳහා වූ  රුපියල් 15000 ක දීමනාව  සහ වැඩිකල විශ්‍රාම වැටුප්  වහාම ලබාදීමට කටයුතු කිරීම,  කොවිඩ් වසංගතය නිසා සිදුවූ ආර්ථික අවපාතය මර්දනය කිරිම සඳහා  අරමුදලක් ඇති කර ආර්ථිකය ගොඩනැංවීම,  මව්රටට පැමිණීමට නොහැකිව  සිටින රටවිරුවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද  අනුගමනය කරමින් ලංකාවට ගෙන්වා ගැනීම, සියලුම ඉන්ධන වර්ගවල  මිල අඩුකිරීම සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය  ඇතුලු භාණ්ඩ පහසු මිලට ලබාදීම ඇතුලු කරුණු එහි ඇතුළත් වෙයි.

අල්ලස දූෂණය සහ මුලින්ම තුරන්කිරීම සහ ස්වාධීන කොමිසන් සභා වඩාත් ශක්තිමත් කිරීම, දේශපාලඥයින්  සඳහා ආචාරධර්ම පද්ධතියක් සැකසීම, පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන තුළ සීයට 25 ක අනිවාර්ය  තරුණ නියෝජනය ලබාදීම,  කාන්තාව සවිබලගන්වන, කාන්තා හිංසනය පිටුදකින  කාන්තා ප්‍රඥප්තිය මාස හයක් තුළ නීතිගත කිරීම  වතු කම්කරු අවම වැටුප  දිනකට රුපියල් දහසක් දක්වා වැඩිකර ඵලදායිතාවය සහ කාර්යක්ෂමතාවය මත රුපියල් 1500 ක් දක්වා ලබාගැනීමට ක්‍රමවේදයක් සැකසීම ඇතුලු කරුණු එහි අඩංගු වේ.

එමෙන්ම කඩා වැටී ඇති ආර්ථිකය, ජනජිවිතය නගා සිටුවීම සඳහා ඇතුළත් යෝජනා 33 ක්ද සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් වේ.

කොරෝනා වසංගතය හේතුවෙන් රට මුහුණ දෙන ආර්ථික, සමාජිය සහ ආරක්ෂක  ගැටලු ඇතුලු වර්තමාන අභියෝග ජයගැනීමට ජවසම්පන්න පාලනයක්  බිහිකිරීමට කැපවෙන බව එහිදී අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නාස්තිය, දූෂණය, වංචාව පිටුදකින  සැමට ප්‍රතිලාභ හිමිවන  කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඉටුකිරීමට සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය යොදා ගන්නා බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී  වැඩිදුරටත් පැවසීය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබන්ඩාර , ජාතික සංවිධායක තිස්ස අත්තනායක , මැතිවරණ මෙහෙයුම් ප්‍රධානින් වන හරීන් ප්‍රනාන්දු , ඉරාන් වික්‍රමරත්න , සමගි ජනබලවේගයේ පක්ෂ නායකයන් වන පාඨලී චම්පික රණවක , රාජිත සේනාරත්න යන මහත්වරුන් සහ  විද්වතුන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

මෙයට සමගාමීව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මහජනතාව අතට පත් කිරීමේ විශේෂ වැඩ සටහනක් ඊයේ  පස්වරුවේ   කොළඹ කොටුව දුම්රිය පොල ස්ථානයේ ඉදිරිපිට දී පැවැත්විණ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 

 



අදහස් (4)

සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වයි

kamal Monday, 20 July 2020 11:15 AM

රාජිත දැක්ක ගමන් දෙන්නමයි හිතෙන්නේ...

:       0       0

shantha pieris Monday, 20 July 2020 11:27 AM

සජිත්, ඔබලා එම් සී සී ගිවිසුම කුමන ආකාරයකින්වත් අත්සන් කරන්නේ නැතිබව ජනතාවට දිවුරා කියන්න...!!! අපි දන්නවා ඔබ ඒ ගිවිසුමට ඒ කාලයේ සිට අකමැති බව. ඒ රට පාවාදෙන ගිවිසුම ගැන ඔබගේ ස්ථාවරය ජනතාවට දැන්වූ වහාම තව තවත් ජන ගඟ ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවේවි. සුබ පැතුම්.!

:       3       192

Raveendra Monday, 20 July 2020 11:35 AM

අවංකව කිසිවෙකු මාධ්‍යයස්තව හිතන්නේ නම් දියවන්නාව අය " එකෙකුටවත් කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බව" මෙමගින් මනාවට ඔප්පු වෙනවා නොවේද ?

:       0       63

Perera De alponsu Monday, 20 July 2020 10:27 PM

අපේ ගමේ පොල්කඩන පියදාසත් කියනවා මම ඇමති උනොත් ලංකාවේ ඉන්න ඔක්කොටම මාසිකව 50,000 ගානෙ දෙනවා කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ කොහොමද කරන්නෙ කියන එකයි. කරණ විදිහ කිව්වොත් සලකා බැලිය හැක. ප්ලෑන් එකක් නැත්නම් පව්නොදී කරුනාකර ගෙදර ඉන්න.

:       17       60

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28666 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site