IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සයිටම් වීරෝධී වැඩ වර්ජන රටපුරා

සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලා රටපුරා වෛද්‍යවරු අද (21) වැඩ වර්ජනයක නිරත වෙති.
මේ හේතුවෙන්  ප්‍රතිකාර  ලබා ගැනීමට  පැමිණි රෝගීහු දැඩි අපහසුතාවට පත්වුහ.

(බදුල්ල)

(ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්)

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)


(මඩකලපු‍ව-ජවුෆර් ඛාන්)

(ඡායාරූප - ඉෂාන් සංජිව)

(පොලොන්නරුව-ක.ග කරුණාරත්න)

 

(හදිසි රෝගීන් ඇතුළත් කළ අයුරු)

(ගම්පහ -තිලකරත්න දිසානායක)

 



අදහස් (16)

සයිටම් වීරෝධී වැඩ වර්ජන රටපුරා

Kumaa (Gulf) Thursday, 21 September 2017 05:12 AM

ඔය සයිටම් කෙහෙල්මල වහල දැම්ම නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. ඔය හොර කඩේ දාපු දවසෙ ඉදන් රටටත් වගතුවක් නැහැ.

:       2543       2623

Ruwan Thursday, 21 September 2017 05:56 AM

ඔවුන්ට විරුද්ධ වීමට ඔබට අයිතියක් ඇත. ඔවුන් පඩි ගන්නේ අපේ බදු මුදලින්. එම නිසා අපගේ ශක්තිය පෙන්වීමට මේ හොඳම කාලයයි.

:       808       832

krishantha Thursday, 21 September 2017 05:56 AM

කොච්චර වැඩ වර්ජන කලත් ඕක වහන්නේ නම් නැහැ පුතෝ.

:       109       144

රොමේෂ් Thursday, 21 September 2017 05:58 AM

ඇමතිවරුනම් කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනත් සිංගප්පූරු ගිහින් බෙහෙත් ගනීවි. අපිනේ දුක්විඳින්න ඕනා. දොස්තරවරු වැඩි වැටුප්, වරප්‍රසාද ඉල්ලලා වර්ජන කරද්දී ඒ අයට දොස් ඉල්ලුවා.

:       1       106

lanka Thursday, 21 September 2017 06:33 AM

මේ හොර දොස්තරලට පුද්ගලික හොස්පිටල් පුද්ගලික චැනලින් සේරම හොදයි පුද්ගලික වෛද්‍ය විද්‍යාල විතරක් නරකයි.

:       432       458

MP Thursday, 21 September 2017 06:36 AM

ඒක ඈත්ත. ආණ්ඩුවට වගක්වත් නෑහෑ. හොර උපාධි කඩේ තියාගෙන ඉන්නම තමයි උත්සාහ කරන්නේ.

:       380       403

pradiya Thursday, 21 September 2017 06:37 AM

අපේ ලංකාවේ රෝගීන් 1000 ට එක දොස්තර කෙනයි ඉන්නේ මේ තත්ත්වේ 200 ට එක දක්වා වෙනස්වෙන්න ඕනේ. එකට ගුණාත්මක වෛද්‍ය විද්‍යාල හදන්න ඕනේ, සයිටම් එක හොඳ නැතිනම් වහන්න ඕනේ. එහෙමයි කියල මේ දොස්තරලා අහිංසක රෝගීන් බිල්ලට ගන්න එක සම්පූර්ණ වැරදි වැඩක්. මේ දොස්තරලා හරි කුහකයි තව දොස්තරලා අලුතෙන් අවොත් මේ අයට දවසකට රුපියල් 50000 සිට 100000 දක්වා රෝගීන්ගේ බොටුව මිරිකලා සල්ලි ගන්න බැරිවෙනවා මෙයාලට ඕනේ හැමදාම එකාධිකාරියක් තියාගන්න . ඕක තමයි නියම ඇත්ත.

:       624       630

chandraThursday, 21 September 2017 04:03 PM

බලන්න ඉන්දියාවේ රෝගීන් 1000 කට දොස්තරල කී දෙනෙක් ඉන්නවද කියලා. නමුත් එම රටේ සෞඛ්‍ය දර්ශක අපට වඩා ඉහළද කියල? මම හිතන්නේ ඔළු ගණන් වලට වඩා වැදගත් ප්‍රමිතිය නේද?

:       34       1

සානු Friday, 22 September 2017 06:09 AM

ප්‍රමිතිය ඉහල නිසා නේ අපේ අයත් සල්ලි එකතු කරලා ඉන්දියාවේ යන්නෙ ...

:       1       0

saliya Thursday, 21 September 2017 07:30 AM

මොන ආණ්ඩුව ආවත් රටට ඇති තරම් වෛද්‍ය විද්‍යාල හැදෙන්නෙත් නැහැ. රටට අවශ්‍ය තරමට වෛද්‍යවරු බිහි වෙන්නෙත් නැහැ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල මගින් වත්, A L සුදුසුකම් සහිත ළමයි සෙට් එකකට ඉගෙන ගන්න ඉඩ දෙන්න. තව ශතවර්ෂ භාගයකින් වත් ජවිපය ආණ්ඩුවක් එනකම්. පුද්ගලික ටියුෂන්, චැනල් හොස්පිටල්, ඉන්ටනැෂනල් පාසල් මේවා අලුත් දේවල් නෙමෙයි. තරුණයින්ගේ දක්ෂතාවයට ඉඩක් හදන්න ඕනෑ. අධ්‍යාපනයට තියෙන ඉඩකඩ වහන එක නෙමෙයි යුතුකම. වරදක් තිබේ නම් නිවැරදි කර අපේ ලංකාවේම සම්පතක් වන තරුණයින්ට තවත් ඉගෙන ගෙන ඉදිරියට යන්න මාර්ගයක් හදන එකයි අවශ්‍ය. 80 ගණන් වල තිබුණු තත්වයට ශිෂ්‍යයන් පොළඹවා රට ගිනි තියන්න හදන උගතුන්ද සිටීම ගැන සියල්ලන්ම කණගාටු විය යුතුයි.

:       236       212

jayampathi Thursday, 21 September 2017 07:55 AM

මේක මහා විහිළුවක්, මුළු සයිටම් එකේම දැනට ලියාපදිංචි සිසුන් ගණන 86 යි. මේක මහා රට විනාශ වෙන ප්‍රශ්නයක් වගේ සමාජගත කරලා දහස් ගණන් විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරලා අපේ ජන ජීවිතය අවුල් කරන්නේ දේශපාලන වුවමනාවකට මිසක් වෙන මොනවටද? සයිටම් යනු මොකක්ද කියලවත් දන්නේ නැති ගමේ ගොඩේ මිනිසුන් මේකට විරුද්ධව කඩේ යනවා. අනික මේක ආරම්භ කළේ මහින්ද රාජපක්ෂගේ කාලේදීය... සයිටම් පනත නීතිගත කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ දිනේෂ් ගුණවර්ධනයි.

:       209       357

බද්රානි Thursday, 21 September 2017 08:47 AM

නරි හූවකටත් පාරට බස්සවන්න පුළුවන් රැලක් ඉන්න රටේ, මේවත් මහා අමුතු දේවල්ද? අසරණ රෝගීන් අපහසුතාවයට පත්වෙද්දී වර්ජනය සාර්ථකයි කියන අය ඉන්න රටේ... වර්ජනය දැකලා අපිත් හූවක් කියලා සතුටු වෙනවා හැරෙන්න වෙන මොනවා කරන්නද?

:       75       259

rohan Thursday, 21 September 2017 08:53 AM

ලෝකේ දියුණුවත් සමග ගොඩක් රටවල්වල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා. විශේෂයෙන් ගත්තොත් චීනේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 220ක් තියෙනවා. ඒවායෙන් බිහිවෙන දොස්තරලා දහස් ගාණක් ඉස්පිරිතාලවල වැඩකරනවා. එහේ දොස්තරලා මෙහෙ වගේ විරෝධතා ස්ට්‍රියික් නැහැ. විරෝධතා ස්ට්‍රයික් කලොත් කෙළින්ම හිරේ. මොකද මේ තීරණ ගන්නේ මහා ආණ්ඩුව විසින්... අපේ රටේ දොස්තරලා එනවා අහිංසක ලෙඩ්ඩු බිල්ලට තියලා ආණ්ඩු පෙරලන්න. ආණ්ඩුව මොන විසඳුම ගෙනාවත් මේ දොස්තර සංගමය කිසිම දෙයකට කැමති නැහැ. මේක විහිළුවක් වෙලා දැන්. මේ දොස්තරලා ලෙඩ්ඩුන්ගේ රීරි මාංශ උරා බොන මාපිල්ලෝ වගේ. ආණ්ඩුව දැඩි තීරණයකට ඇවිත් මේ දොස්තරලගේ වරප්‍රසාද සියල්ල කපාහරින්න.

:       208       158

srimala Thursday, 21 September 2017 09:01 AM

බංගලිදේශේ, රුසියාව හෝ ඉන්දියාව වගේ රටක පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් උපාධිය අරගෙන කිසිම ප්‍රශ්නයක් නැතිව ලංකාවේ වෛද්‍ය සභාවේ විභාගය සමත් වී සේවයේ යෙදෙන්න පුළුවන් නම්, අපේ රටේ ඇති මෙම සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය පාලනයකින් ළමයින් ඉගෙන ගත්තම මොකද වෙන්නේ ? ඊට පසු ඔවුන්ද වෛද්‍ය සභාවේ විභාගය සමත් විය යුතුයි. මෙයින් නිදහස් අධ්‍යාපනය අහෝසි වෙන්නේ කොහොමද ?

:       523       480

JayampathiThursday, 21 September 2017 09:40 AM

ශ්‍රීමාලා, ඔයාගේ කතාව ඇත්ත, බංගලිදේශේ හෝ ඉන්දියාවේ ඉතාම අඩු පහසුකම් සහ අඩු ප්‍රමිතියක් ඇති රටවල්... කව්රු කොහොම කිව්වත් අපේ රටේ ප්‍රමිතිය ඔය රටවල් වලට වඩා ඉතා උසස්, පිරිසිදුකම සහ පහසුකම් අතින්ද අපි ඉදිරියෙන්.... බංගලිදේශේ ඉගෙන ගත්තම පිළිගන්න පුලුවන්නම්..., සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගත්තම මොකද? අනික අපේ වෛද්‍ය සභාවට මෙය නිතරම නිරීක්ෂණය කිරීමටද පුළුවන්.

:       245       221

latha Thursday, 21 September 2017 09:55 AM

ඕක වහලා ලක්ෂ ගණන් කොමිස්ලාට කොහොමද ගෙවන්නේ? ලක්ෂ්මන්ට කීයක් දෙනවද කියලා කව්ද දන්නේ?

:       23       62

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28682 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site