IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සයිටම් විරෝධී සිසුන්ගේ මාපියෝ පාරට බසිති

(ඉෂාන් සංජීව)

සරසවි සිසුන්ට එල්ල කළ ප්‍රහාරයට විරුද්ධව සහ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් නිදහස් අධ්‍යාපනය උදෙසා වෘත්තීයවේදීහු සහ සරසවි සිසුන්ගේ දෙමාපියෝ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද (23) විරෝධතාවක නිරත වූහ.

 



අදහස් (35)

සයිටම් විරෝධී සිසුන්ගේ මාපියෝ පාරට බසිති

jayantha Friday, 23 June 2017 12:11 PM

අපේ රටට යුද්ධ ඇති. ඉතිහාසය පුරාවට ලේ වැගිරීම... මොන ශාපයක්ද මේ? දැන්වත් නවත්වන්න උගතුන් ඝාතනය කරන එක. මේ විනාශ කරන්නේ සිංහල තරුණයින් ටික නේද? ඡන්ද ඉල්ලගෙන එන්න එපා අපහු නම්...

:       496       283

Suranimala Friday, 23 June 2017 01:33 PM

මේ විස්සක් විතර ජනකාය ඇත්තටම දෙමාපියන්ද? නැත්නම් එකබද්ධේ සල්ලිවලට වැඩකරන කට්ටියක්ද?

:       667       1610

aravinda Friday, 23 June 2017 01:42 PM

මේ අය හිතන් ඉන්නේ ඒගොල්ලන්ගේ ළමයි විතරක් ඉගෙන ගත්තම ඇති කියලා. ඔය විදියට හිතලා තමයි ලංකාව තවමත් තුන්වෙනි ලෝකයේ රටක් වෙලා තියෙන්නේ....

:       472       1885

dingirala Friday, 23 June 2017 02:27 PM

සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වූ ඉතාම අහිංසක සිසුන් පිරිසකට පහර දුන් පොලිසියේ සහ හමුදාවේ නිලධාරීන් කර ඇත්තේ බරපතල වරදකි.

:       464       114

mahasenaviSaturday, 24 June 2017 07:42 AM

සිසුවෝ මුගුරු රැගෙන ගොහින් සේවකයන්ටත් දේපල වලට හානි කිරීමක් සිදුකළා නම් එය ඉතා බරපතල රාජ්‍ය විරෝධී වරදක් බව පිළිගන්න. මේ සිසුන් අහිංසක නොව දරුණු බවත් නොකියාම බැරිය.

:       1       229

ධම්ම Friday, 23 June 2017 02:33 PM

සයිටම් ඕනෑ කියන අය අඩුම ගානේ දහදෙනෙක් රැස්කරලා මේවාට විරෝධය පාන්න.

:       172       283

SandyaSaturday, 24 June 2017 05:34 AM

සයිටම් ඕනේ කියන අය, ඒවා එපා කියන අය වගේ කුලියට, මුදල් වලට කෑදර කමට පුද්ගලික වෙදකමේ ගිහින් රෝගීන් නොමරන අවංක උගත් කොට්ටාශයක් බවත් මතක තියා ගන්න.

:       9       202

mahasenaviSaturday, 24 June 2017 07:47 AM

ඔබට දැන්වත් තේරෙනවා ඇති සයිටම් සිසුවෝ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සංවර භාවය. ඔවුන් ඉවසිලිවන්ත සහ බුද්ධිමත් පිරිසකි. අපේ නිදහස් අධ්‍යාපනය ලබන මෙවැනි සිසුන්ගේ සහ මව්පියන්ගේ දුර්ගුණයන් මින් මතුවී නොපෙනේද?

:       6       303

kUMARA Friday, 23 June 2017 05:26 PM

මේ අය මීට අවුරුදු 8 කට 10 කට පෙර තමන්ගේ ළමයි ශිෂ්‍යත්වයට පුද්ගලික පංති යවනකොට පුද්ගලික පංති බොහෝ හොඳය. පාසලේම 3 - 4 පංතිවල ගුරුවරු පාසල් නෑවිත් 5 වසරේ තමාගේ දරුවන්ට පුද්ගලික පංති කරන කොට ඊටත් වඩා හොඳය. අවුරුදු 4 කට 5 කට පෙර තමන්ගේ ළමයි සා.පෙළ පුද්ගලික පංති යවනකොට පුද්ගලික පංති බොහෝ හොඳය. ඒවාට නොගොස් විභාගය කළ නොහැකිය. අවුරුදු 2 කට 3 කට පෙර තමන්ගේ ළමයි උ.පෙළ පුද්ගලික පංති යවනකොට පුද්ගලික පංති අත්‍යාවශ්‍යය. පාසලේ ඉගන්වීමි නොකරන බව පවසයි. එහෙම උ.පෙළ විභාගය කරලා 5%-10% විතර කැම්පස් ගියහම පුද්ගලික අධ්‍යාපනය නම් ඉතාමත් වැරදිය. නිදහස් අධ්‍යාපනය රැකිය යුතුය.

:       7       459

SusilSaturday, 24 June 2017 05:15 PM

මෙන්න නියම අදහස්. ස්තූතියි කුමාර

:       1       89

සිරි Friday, 23 June 2017 05:35 PM

"නිදහස් අධ්‍යාපනය සුරකිනු" යන්න කිසි කෙනෙක් විරුද්ධ නොවන සටන් පාඨයක්. ඒත් "සයිටම් එක අහෝසි කරනු" කියන සටන් පාඨයෙන් පෙන්වන්නේ මේ දෙමව්පියන්ගෙ තියෙන ගුණමකුකම නේද? සයිටම් එකට පමණක් විරුද්ධ වෙන්නේ ඇයි?

:       2       59

himal Friday, 23 June 2017 06:40 PM

අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් නෙවෙයි නම් සේරටම කලින් ටියුෂන් නවත්වන්න ඕනේ...

:       1       141

lion Saturday, 24 June 2017 12:43 AM

මවිපියනි, ඔබලාගේ දරුවන්ට විතරද දොස්තරලා වන්න හොඳ...? ඇයි අනිත් මිනිසුන්ගේ දරුවන්ට එ්ක අකැපද?

:       3       99

Susil Saturday, 24 June 2017 01:53 AM

ඔය මහත්වරුන්ගේ ළමයි ටියුෂන් ගියේම නැද්ද?

:       2       183

rohana Saturday, 24 June 2017 02:13 AM

සයිටම් වැරදි තමයි. නමුත් මේක පටන් ගත්තේ කවුද? අැයි සුදු වෑන් සංස්කෘතිය තිබුණු කාලේ දැන් අපේ අයට ඒවා මතක නැහැ. කොළඹට කුණු ගෙනත් දාන්නේ කවුද කියලා බලන්න. මේ ආණ්ඩුව හොඳයි කියල කියන්න බැහැ. නමුත් සමහර හොඳ දේවල් තියෙනවා.

:       63       109

duminda Saturday, 24 June 2017 02:53 AM

ඔතනින් සමහරක් අය උගත් වුණත්, මෝඩයි කියලා නම් බුද්ධිමත් මහජනතාව හිතනවා.

:       2       64

saliya Saturday, 24 June 2017 03:47 AM

දෙමාපියනි, ඔබගේ දරුවන් නිදහස් අධ්‍යාපනය භුක්ති විඳින්නේ බදු මුදලින්, ඔවුන්ට මහපොළ දෙන්නේ අපගේ මුදලින්. ඒවා නතර කරලා නැහැ නේද? රටට බරක් නොවී අනෙක් ළමයින්ට ඉගෙන ගන්න ඉඩ දෙන්න. ඔවුන් ද මේ රටේ සම්පත්. ඔවුන් ඉගෙන ගෙන රටටත් ලෝකයටත් වැඩ කරාවි.. තරුණයන් තමයි අප රටේ වටිනාම සම්පත. අධ්‍යාපනය ඔවුන් සැමට අවශ්‍යයි. ඔය පව්කාර අදහස් වලින් වහාම ඉවත් වෙන්න...

:       1       166

ranjith Saturday, 24 June 2017 04:09 AM

තමුන්ගේ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බසින්න ඕනෑම දෙමව්පියෙකුට අයිතිවාසිකමක් ඇත. නමුත් අනුන්ගේ දරුවන්ගේ අයිතිවාසිකම් අහිමි කරන ලෙස ඉල්ලා පාරට බහින්න සදාචාරාත්මක අයිතියක් මේ දෙමාපියන්ට නැති බව මොවුන්ට නොවැටහෙන්නේ මොවුන්ට අවබෝධයක් කියල එකක් නැති නිසාද?

:       1       98

ShanthaSaturday, 24 June 2017 07:58 AM

බැලුවම පේන්නේ නැද්ද? එතන ඉන්න අය දෙමව්පියන් වගේ පේනවද? මට නම් එහෙම පේන්නේ නැහැ.

:       1       42

frank Saturday, 24 June 2017 04:35 AM

මේ අහිංසක සිසුන්ගේ අහිංසකකම අපි දැක්කා. ඔවුන් එදා අමාත්‍යාංශය ඇතුළට ගිහින් කරපු දේවල් වලින්. ඒ සිද්ධියේ හැටියට දෙතුන් දෙනෙක් වලපල්ලට නොගිය එක ගැන සතුටු වෙන්න. රාජිත මහත්තයා ගැන අපගේත් පැහැදීමක් නම් නැත. නමුත් අැමති වරෙයෙක් හමුවෙන්න දහස් ගණනක් පිරිවරාගෙන යන්න පුළුවන්ද? එකට ගේට්ටු දොරවල් කඩාගෙන යන එක හරිද? පොඩි මොලයක්වත් නැත්ද මේ ටික තේරුම් ගන්න. ඇප නැතුව මාස 12 ක් වත් මහා උළු ගෙදර තිබ්බා නම් තමයි හොඳ....

:       1       119

disanayaka Saturday, 24 June 2017 04:35 AM

දැන්වත් බැරි ඇයි රටේ නීතිය ක්‍රියාත්මක කරන්න? මේ ගොල්ලන්ගේ තියෙන්නේ තනිකර ආත්මාර්ථකාමී අරමුණු. සයිටම් ආයතනය රජයේ අධීක්ෂණය යටතේ ගුණාත්මකව සංවර්ධනය කළ යුතුයි. මේ කෑගහන මව්පියන්ගේ ළමයෙක් හිටියා නම් වෛද්‍ය විද්‍යාලයට එක ලකුණක් මදිවෙලා... මේ ළමයව සයිටම් යවනවද බඩු විකුණන්න යවනවද? අපි කියන්නේ වෙනත් දියුණු රටවල වගේ රජයේ විශ්ව විද්‍යාලවල සිසුන්ටයි, සයිටම් සිසුන්ටයි එක අවසාන විභාගයක් ලියලා දොස්තර බලපත්‍රය දෙන්න. මට හරිම විස්වාසයි සයිටම් ළමයි මේ අයට වඩා ඉහල ලකුණු ගන්නවා කියලා. මේ විදියට අපේ රට අගාධයට යනවා. වෙනත් රටවල ඉන්න ඉහළ පෙලේ රස්සාවල් කරන පිරිස ගත්තම තනිකර ඉන්නේ ඉන්දියන් ජාතිකයෝ... ඇයි අපිට බැරි අපේ මිනිස්සු රටවල ලංකාවට විශාල විදේශ විනිමයක් ගෙන්න? මේ අය ලෝකේ ගැන දන්නේ නෑ. ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ.... අපි විදේශවල ඉඳගෙන ලෝකේ ගැන හොඳට දන්නවා. අපේ රටෙන් පුළුවන්තරම් ගුණාත්මක අධ්‍යාපනය සහිත පිරිසක් බිහිකර අපේ ජාතිය ලෝකේ පුරා ගෙනයා යුතුයි. එතකොට තමයි අපේ රට සංවර්ධනය වෙන්නේ....

:       6       147

THILAK Saturday, 24 June 2017 04:37 AM

පොදු ප්‍රශ්නයක්, අසාදාරණයක් උදෙසා පොදු හැඟීමකින් උද්ඝෝෂණ, විරෝධතා කරන කවුරුත් මේ රටේ නෑ. ගෝත්‍ර සටන් තියෙන්නේ තමන්ගේ ගොඩ වැඩ කරගන්න... එ්කාධිකාරය තියාගන්න තමයි සේරම දඟලන්නේ...

:       1       25

pin hami Saturday, 24 June 2017 04:45 AM

ඒ අයගේ ළමයි විතරද ළමයි? ඒ අය විතරද ඉගෙනගන්න ඕන? අපේ අයව ත්‍රීවීල් එළවන්න දාන්න කියලද මේ කියන්නේ?

:       2       126

Aleem Saturday, 24 June 2017 05:26 AM

විශ්ව විද්‍යාල සුදුසුකම් නොලත් සියලු සිසුන් කෙසේ හෝ ඔවුන්ගේ අධ්‍යාපන සිහිනය ඉටුකර ගැනීමට පුද්ගලික විශ්ව විද්‍යාල කෙරෙහි නැඹුරුතාවය දැක්වීම සාමාන්‍ය දෙයකි. නමුත් " සයිටම් " සිද්ධියේදී මෙම කෝලාහලය ඇතිවීමට හේතුව වුයේ, සයිටම්හි නියමිත ප්‍රමිතියෙන් යුත් අධ්‍යාපන ක්‍රම නොතිබීමයි. නමුත් වර්තමානයේ " සයිටම් " රජයේ මැදිහත්වීම මත එම ප්‍රමිතීන්ට අනුකූලව අධ්‍යාපන ක්‍රමය කරගෙන යාමත් රජයේ පරීක්ෂණය යටතේ ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යයි. මෙම ප්‍රශ්නය පිළිබඳව නැවත නැවත උද්ගෝෂණ ඇතිවීමේ ප්‍රධානතම හේතුව දේශපාලකයන් මෙම ප්‍රශ්නය තමන්ගේ වාසියක් කරගැනීම හා අපගේ නොදැනුවත්භාවයයි.

:       2       15

gaspe Saturday, 24 June 2017 10:03 AM

අවුරුදු 30-35 කට්ටියටත් අවුරුදු 20 ළමයි ඉන්න ලෝකයක් මේක...

:       3       54

SusilSaturday, 24 June 2017 06:28 PM

ඒකනේ කියන්නෙ හරියට බටහිර රටවල වගේ මේ අයට අවුරිදු 10 - 15දි විතර ලමයි හම්බ වෙලා. රඟපෑමවවත් හරියට කරගන්න දන්නෙ නෑ...

:       1       67

දයා රත්නායක Saturday, 24 June 2017 09:49 PM

දරුවන් හදන්නේ කොහොමද?දෙමාපියන්ගේ හැදියාවක් නැතිව.පලමුව දරුවන්ට හැදියාව උගන්වාපල්ලා.උන් ඉගෙන ගන්න වුන් නොවේ මදාවියන්ට කඩේ යන වුන්.

:       2       18

බද්රානි Sunday, 25 June 2017 06:24 AM

අර පරණ කතාවක් තියනවනේ, "ගහේ කටු උල්කරන්න ඕන නැහැ" කියලා. ආරේ ගති නෑරේ කිව්වා වගේ දෙමව්පියන්ගේ හැටියට තමයි දරුවන්ගේ හැසිරීමත්.... දරුවා කැම්පස් එකට තේරුණා කියලා දෙමව්පියන්ගේ බුද්ධිය මෝරන්නේ නැහැ. විනයෙන් තොර අධ්‍යාපනයෙන් රටටත්, ඔබලාටත් පලක් නොවන බව පමණක් අවබෝධ කර ගෙන ජීවත් වෙන්න.

:       1       2

චන්න රුමේෂ් Sunday, 25 June 2017 07:31 AM

එකපාරටම සූ ගාලා දහයක් විතර ඉන්නවා..

:       1       4

ranjith Sunday, 25 June 2017 07:33 AM

මේ නියම දෙමව්පියන් නම් නෙමෙයි. මුදල් ඇත්තෝ කොහොමත් පිටරට යවා ළමයින්ට උගන්නනවා. මේ නිසා වෙන්නේ රටේ මුදල් පිටරටට යන එකයි.

:       2       4

ලක්සිරි Sunday, 25 June 2017 07:44 AM

මෙයාලගේ දරුවෝ ටික රජ වුණා කියලා වෙන්න ඇති මේ හිතාගෙන ඉන්නේ. පිනට විතරක් නෙමේ, මුදලටත් ඉගෙන ගන්න මේ රටේ දරුවන්ට අයිතියක් තියනවා කියලා මේ කට්ටිය දැනගත්තොත් හොඳයි.

:       2       6

Susil Sunday, 25 June 2017 04:42 PM

ගල්කිස්සෙ සාන්ත තෝමස් එකේ ලමයත්, ගමේ ඉස්කෝලෙ ලමයත් උත්තර ලියන්නෙ එකම උසස් පෙළ විභාගයට නම්, ප්‍රමිතිය නියම කරල සයිටම් ලමයත් එකම වෛද්‍ය විභාගයෙන් පාස් වුනොත්, ඒ ලමයිනුත් දොස්තරලම තමයි. නොමිලයේය, සල්ලි ගෙව්වාය කියල වෙනසක් නැහැ.

:       0       4

Sanju Monday, 26 June 2017 01:10 AM

මෙහෙමත් රටක්. පවුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් සහ Tution පන්ති සසදන්න හදනව. මේ ශිෂ්‍යයන් දේශපාලන බලපෑම් ඇතිව හෝ නැතිව සටන් කරන්නේ අපි හැමෝම වෙනුවෙන්. මේකේ තියෙන බරපතල කම තේරෙන්නේ නැති කොට්ටශයකුත් ඉන්නවනේ.

:       28       27

SusilMonday, 26 June 2017 06:53 AM

ටියුෂන් යනු පාසලකින් උගැන්වීම සහ උපදෙස් ලබාදීම සඳහා මුදල් අයකර ගැනීමයි.

:       2       1

Nimal Tuesday, 27 June 2017 10:00 AM

ජේ.ආර් අද හිටියනම් ඔය වර්ජන කරන දොස්තර නඩේ ගෙදර. වෙන කට්ටියක් වැඩ. අම්මල තත්තලටත් ඉරිසියා ඇති වෙන ළමයෙක් ඉගෙනගෙන දොස්තර වෙනවට. පුළුවන් ළමය මෙහෙ බැරිනම් පිටරටක හරි දොස්තර වෙයි. මොකද මෙහෙම ජෝක් පිට රටවල නැති නිසා.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33501 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23920 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 212 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site