IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


සයිටම් සිසුහු ජනපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක

(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා) 
 
 
වෛද්‍ය උපාධි සිහිනය බොඳ නොකර පොරොන්දු වූ පරිදි වහාම තමන්ව කොතලාවල වෛද්‍ය පීඨයට අනුයුක්ත කරන  ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බලකර සිටීමේ නිහඬ විරෝධතායක් සයිට්ම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුහු අද (11) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුහ.


'සයිට්ම් සිසුන් කබලෙන් ලිපට' , 'වගකිව යුත්තන්  මර නින්දේ' , 'ජනපතිතුමනි ගෙවන්න බෑ නෙමෙයි ගෙවන්න නෑ' වැනි සටන් පාඨ සහිත ප්‍රදර්ශන පුවරු රැගෙන ගාලුපාරේ බිම වාඩී වී මෙසේ උද්ගෝෂණයේ නිරත වුහ. 
   

 

 

 



අදහස් (14)

සයිටම් සිසුහු ජනපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක

දිනේෂ් Tuesday, 11 September 2018 12:58 PM

ජනාධිපතිතුමා විසින් වහාම මෙම ගැටලුවට විසඳුමක් ලබා දිය යුතුයි. මෙම සිසුන් තව දුරටත් මේ ආකාරයට අපහසුතාවයට පත් නොකළ යුතුය. මේ ගෙවෙන්නේ ඔවුන්ගේ වටිනා ජීවිත කාලය නොවේද? මෙම ගැටලුව ඇති කරන ලද කුහක පිරිසට ස්වභාව ධර්මයාම දඬුවම් කරනු ඇත.

:       117       3245

samnk Tuesday, 11 September 2018 01:42 PM

ළමයිනේ මම මේ මතක් කරන්න ගත්තේ, අවුරුදු තුනක් තිස්සේ ලක්ෂ 62 ජනතාවක් ඡන්දෙ දීලා අද වෙනතුරුත් බලාගෙන ඉන්නවා.

:       71       24

dias Tuesday, 11 September 2018 06:38 PM

අනේ ළමයිනේ පුළුවන් තරම් ඉක්මනට මේ රටෙන් පිට වෙන්න

:       54       44

gallage Tuesday, 11 September 2018 11:58 PM

නිකන් හොඳ කාලේ නාස්ති කර නොගෙන හොඳ තීරණයක් ගන්න.. දේශපාලකයින් හැමදාම මිනිස්සු රවට්ටයි..

:       0       10

Gayan Wednesday, 12 September 2018 02:00 AM

රජයේ කට්ටියක් උනානම් ගහන හැටි බලාගන්න තිබුණ. ..... එකම රටක් ,ඉරණම් දෙකක් ....

:       0       19

gamage Wednesday, 12 September 2018 03:16 AM

මෙම පිරිස මුදල් නොගෙවා කොතලාවල පීඨයට ගන්නවා නම් හා ඔවුන්ට උපාධි දෙනවා නම් මෙම ළමුන් සමග උසස්පෙළ ලියූ මේ ළමුන්ට වැඩ ලකුණු ඇති එහෙත් මුදල් නැති ළමුන්ටද මේ අවස්ථාව ලබාදිය යුතුයි.. අපි අවදියෙන්..

:       4       34

ලුම්බිණි Wednesday, 12 September 2018 03:43 AM

එක එක්කෙනාගේ අමන ප්‍රතිපත්ති නිසා මේ ළමයින් කරදරේ වැටුණා. දැන්වත් මේකට පිළියමක් යොදන්න.

:       0       15

DOCTOR Wednesday, 12 September 2018 05:17 AM

ඇයි මේ දොස්තරලා වෙන්න කලින්ම දොස්තර කබාය ඇඳගෙන ඉන්නේ? ආසාවටද?

:       3       10

Lapaya Wednesday, 12 September 2018 05:21 AM

ළමයිනේ කොහොමහරි ලබන පාරත් මේ ආණුඩුවම පත්කර ගන්න තව අවුරුදු 5ක් ඔතනම ඉන්න පුලුවන්....

:       1       20

asoka Wednesday, 12 September 2018 06:20 AM

මෙතෙක් කල් ජනතාව නොමග යවමින් අන්තරය සහ ජී එම් ඕ ඒ කියපු බොරු දැන් මිනිස්සුන්ට තේරෙනවා ඇති..... මෙතනේ ඉන්නේ " කෝටිපතියන්ගේ දරුවෝ නොවෙයි . විවිධ මට්ටම්වල දෙමව්පියන්ගේ දරුවෝ.....නෙවිල් ප්‍රනාන්දු මහතා ශිෂ්‍යත්ව දුන්න අපහසු කම් ඇති දරුවෝ සහ ඉතාමත් ඉහළින් විභාග සමත් දරුවොත් ඉන්නවා....... සමහරු මුදල් සියල්ලම ගෙවල, සමහරුන්ට මුළු මුදලම නිදහස් කරලා .සමහරුන්ට ගෙවීමට සහන දුන්නේ වරිකයෙන් භාගයක් පමණි. නෙවිල් ප්‍රනාන්දු මහතාගේ තිබුණ මනුස්සකමවත් මේ ආණ්ඩුවට නැද්ද. ?

:       56       44

Hafeel Wednesday, 12 September 2018 07:10 AM

ඇත්තටම කණගාටුයි. කාගේ වුණත් දරුවෝ. ඔවුන්ටත් කාටත් වගේ අනාගත හා බලාපොරොත්ති යෙනවා. ඔවුන්ගේ වටිනා කාලය නිකම් නාස්තිවෙනවා. මේකට නිසි විසඳුමක් දෙන්න බැරි ආණ්ඩුවක් මොනවටද? ගතවූ අවුරුදු 70 අපිට පාඩමක්. දැන් හරි අපි අවදිවෙන්න ඕනේ. පැහිදිලි වෙනසක් අවශ්‍යයි.

:       47       6

janahitha Wednesday, 12 September 2018 07:26 AM

ළමයිනේ කෙටි පාරෙන් වටෙන් එන්නේ නැතිව හරිපාරෙන් ආවානම්ඉවරයිනේ . ඔයාලගේ දෙමාපියොත් වගකියන්න ඕන මේවට

:       46       65

janahitha Wednesday, 12 September 2018 11:15 AM

‍වෛද්‍ය උපාධියේ ගුණාත්මක භාවය රැකගැනීම සියලුම රෝගීන්ගේ යුතුකමක් අයිතියක් , ඔය සිසුන් කියාගන්න පිරිසට සාධාරණය ඉටුකිරීමට තමන්ගේ සහ දරුවන්ගේ ජීවිත නැතිකරගැනීමට ඉදිරිපත්වෙන අය ඔය කිඹුල් කඳුළු අතර ඉන්නවද , ඊර්ෂ්‍යව පැත්තක තියල කියන්න .

:       2       12

senaka Wednesday, 12 September 2018 11:35 AM

ඔය ජී.එම්.ඕ.ඒ එකට සිසුන් රුසියාවේ, චීනේ, ඉන්දියාවේ, නේපාලේ ගිහින් මුදලට වෛද්‍ය උපාධිය කලොත් එකේ ප්‍රශ්නයක් නැහැ නමුත්, කෙනෙක් ලංකාවේදීම මුදල් ගෙවා වෛද්‍ය උපාධිය කලොත් ඒක වැරදියි. අද මේ සිසුන් සිටින තත්වයට වග කිව යුත්තේ දුර්වල පාලනයක් ගෙන යන වර්තමාන ජනාධිපති ප්‍රමුඛ රජයයි. ඉදිරි මැතිවරණයේදී මේ රජය පලව හැරිය පසු නිදහස් වෛද්‍ය අධ්‍යාපනයක් රටේ ස්ථාපිත වනු ඇතැයි සිතමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 464 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site