IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සරසවියේ පාලනාධිකාරයට එරෙහිව තාක්ෂණික නිලධාරියෙක් මාරාන්තික උපවාසයක

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ, මහනුවර වැලිගල්ලේ පදිංචි සංජීව රවීන්ද්‍ර රාජපක්‍ෂ නමැත්තා, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයේ සිට මාරාන්තික උපවාසයක් අද (04) ආරම්භ කළේය.

තමන්ට සේවයට වාර්තා කිරීමට පාලනාධිකාරිය අත්තනෝමතිකව සාපරාධී ලෙස ඉඩනොදීම පිළිබඳව විරෝධය දක්වමින් තම ගැටලුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැන්වීමේ අරමුණින්, තම දෙමාපියන් ද සමඟ ඔහු උපවාසය ආරම්භ කළේය.

ඔහු පවසන්නේ 2005 වසරේ මාර්තු 15 වැනිදා සිට  වසර 05ක් තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ස්ථීර , විශ්‍රාම වැටුප් හිමි තාක්ෂණික නිලධාරියෙකු ලෙස සේවය කළ අතර, 2010 වසරේ අගෝස්තු 03 වැනිදා සිට කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට සේවයට වාර්තා කිරීමට පාලනාධිකාරිය ඉඩ නොදීම නිසා මේ වනවිට වසර 10 කට වැඩි කාලයක් වැටුප් පවා නොලබා සිටීමෙන් තමන් ඇතුළු සිය පවුලම ඉතා අසරණභාවයට පත්ව ඇති බවය.

මෙම අසාධාරණයට සහනයක් ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති අතර එහිදීද තීරණය වී ඇත්තේ මෙය අත්තනෝමතික ක්‍රියාවක් බවත් ඔහුට වහාම සේවයට වාර්තා කිරීමට ඉඩ දෙන ලෙසය. එනමුදු විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා දැන් තම දුක්ගැනිවිල්ල කීමට ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත් ඔහු මාධ්‍ය හමුවේ පැවසීය. 



අදහස් (15)

සරසවියේ පාලනාධිකාරයට එරෙහිව තාක්ෂණික නිලධාරියෙක් මාරාන්තික උපවාසයක

බද්රානි Monday, 04 January 2021 02:01 PM

අනේ යන්න. ජනාධිපතිගේ කකුල් ලෙවකාලා මහජනතාවගේ මුදල් කොල්ල කන්නද මේ දඟලන්නේ? අනික මේ දවස් වල අපේ බෝතල් පත්තර කාරයොත් ඇහැට පේන්නත් නැහැ.

:       1       2

sachith Monday, 04 January 2021 02:41 PM

"විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද නොසලකා හරිමින් කටයුතු කිරීම", මෙහෙම වෙලා නම් ඕක ජනාධිපතිට කියලා හරියන්නේ නැහැනේ.. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම යටතේ ආපසු නඩුවක් ගොනු කරන්න.

:       1       2

මසිරිපාල Tuesday, 05 January 2021 01:37 AM

නොදන්නාකමටමයි අහන්නේ... ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන්න තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීම අධිකරණයට අපහාස කිරීමක් නොවේදැයි පහදා දෙන්න.

:       0       40

kumaari Tuesday, 05 January 2021 06:31 AM

මෙන්න 69 ලක්ෂයේ 2/3 කේ ප්‍රතිඵල වල ආරම්භය මේ පටන් ගත්තා විතරයි අපේ හාමුදුරුවනේ...

:       11       22

තාරක Wednesday, 06 January 2021 07:27 AM

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවම ඉන්නේ යහපාලනේ පත්කළ උපකුලපති, එයා එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් හිටපු භාණ්ඩාගාරික...

:       3       5

tharidu Tuesday, 05 January 2021 06:33 AM

2/3 ක් දුන්නනේ... සැපද?

:       4       10

kamani Tuesday, 05 January 2021 06:36 AM

මසිරිපාල 20 වැනි සංශෝධනය යටතේ විධායකය තමයි ඔක්කොම කරන්නේ... හැබැයි එක රටක් එක්කෙනාගේ නීතියක්...

:       3       14

jaanaka Tuesday, 05 January 2021 06:38 AM

එක රටක්, එක නීතියක්.... මොකද කට්ටිය යන්න සුදු වෑන් එවන්නද?

:       3       13

සංජීව රාජපක්ෂ Tuesday, 05 January 2021 07:47 PM

එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක කරනවාට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අපරාධ කල්ලිය සහ ඊට ආධාර අනුබල දෙන UGC එකේ අය කැමති නැ. අපේ රටේ පට්ට හොරුන්ට අපරාධකාරයින්ට තමා පොලිසියත් සහයෝගය දෙන්නේ...

:       0       6

THISSA Tuesday, 05 January 2021 07:38 AM

සිරිපාල දැනගන්න විධායකය සියල්ලටම උඩින් ඉන්නේ. පොලිස්පති සහ විනිසුරුවරු පත් කරන්නේ කොමිෂන් සභා නොවේ. විධායකය ඒකයි මේ තරම් සාමකාමී එක රටක්, එක නීතියක් මේක සිරිපාල මහත්තයෝ...

:       4       12

sampath Tuesday, 05 January 2021 04:31 PM

ගරු අධිකරණයේ තීන්දු කියා නොකිරීම අධිකරණ අපහාසයක් සේ සලකා ක්‍රියා කිරීමයි කළ යුතු හොඳම දඬුවම් අත්තනෝමතික නිලධාරින්ගේ ක්‍රියා නිසා සේවා ක්ෂේත්‍රයම කඩා වැටෙන්නේ.

:       0       9

චමින්දWednesday, 06 January 2021 01:44 AM

රාජ්‍ය සේවයේ විධිමත් විනයානුකූල පරීක්ෂණයකින් පසුව කෙනෙකුට දඬුවමක් දුන්නොත් එය වෙනස් කිරීමට අදාල කාලය තුලදී අභියාචනා ඉදිරිපත් කිරීමට අධිකරණය හැර වෙනත් ආයතන ගණනාවක් තියෙනවා. මෙහිදී අධිකරණය මොනවා කිව්වත් විනයානුකූල පරීක්ෂණයට අනුව කටයුතු කිරීමට පාලනාධිකාරයට බලයක් තියෙනවා කියලා මම අසා තියෙනවා...

:       4       2

ssWednesday, 06 January 2021 07:06 AM

මගේ අවබෝධයට අනුව ගෘහස්ථ විනය පරීක්ෂණයක තීරණය උසාවි නියෝගයට යටත්ය. ආයතන සංග්‍රහය හෝ වෙනත් පඩිපාලක සභාවක් යටතේ පාලනය වන ආයතනයක ගන්නා ඕනෑම තීරණයක් රටේ නීතිය හමුවේ අභියෝගයට ලක්කළ හැක. ඒ අනුව අදාල ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට හිස නැමිය යුතුයි. මේ ගැටලුවේදී දෙපාර්ශවය අතර එකඟතා පිළිබඳ පාටකයාට අවබෝධයක් නැත.

:       0       5

සංජීව රාජපක්ෂ Wednesday, 06 January 2021 07:13 AM

කිසිම චෝදනාවක් හෝ විනය පරීක්ෂණයක් වත් නොමැතිව රාජකාරියට වාර්තා කිරීමට ඉඩ ලබා නොදීම පිටුපස පරිපාලනමය හෝ විධායක කටයුතක් නැති නිසා ඉහත කටයුත්ත සඳහා අපරාධ අධිකරණයකට යොමු කල යුතුයි. විශ්වවිද්‍යාලයක පාලන අධිකාරිය (juristic entity) යනු නීතිය ඉදිරියේ එක් පුද්ගලයෙකු පමණි (legal person). එම නිසා පාලන අධිකාරිය ගන්නා තීරණ වල ස්වභාවය මත රාජකාරි මට්ටමෙන් (official capacity) ගන්නා තීරණද සහ පෞද්ගලික මට්ටමෙන් (individual capacity) ගන්නා ලද තීරණ ද යන්නෙන් තීරණය කළයුතු වේ. එම තීරණ අදාල අධිකරණ වල තීන්දු සහ නියෝගවලට යටත් බව විශ්වවිද්‍යාල පනත තුළම සඳහන් කර ඇත. තවද අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 127 (1) ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු තීරණ අවාසනාත්මක සහ තීරණාත්මක සාධකය වේ. කෙසේ වෙතත් විශ්ව විද්‍යාලයක් තුළ අපරාධයක් හෝ දූෂණයක් සිදුවන බව විමර්ශනයකදී හැඟීගිය විගසම උපකුලපතිගේ වගකීම වන්නේ පොලිසියට සහ අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට දැනුම් දීම බව එම පනතේ තවදුරටත් සඳහන්ය.

:       0       7

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 06 January 2021 12:20 PM

රටේ පොදු ප්‍රධාන නීතියේ ආධිපත්‍යයට රටේ ඕනෑම පුද්ගලයෙකු හෝ ඕනෑම ආයතනයක් අවනත විය යුතුමයි. එයට තමයි රටේ අධිකරණයක් තියෙන්නේ. මේ මහතා උද්ඝෝෂණයට ප්‍රථම ඉතිරි නීතිමය ක්‍රියාදාමයත් ගැනීමට වෙහෙස වුනා නම් තමයි වඩාත්ම හොඳ. මොහුට වූ අසාධාරණයට කිසියම් දේශපාලන හස්තයක් සම්බන්ධ නිසා මේ තීරණයට එන්න ඇති සමහරවිට... කරුණු කෙසේ වෙතත්, තුවාලයේ වේදනාව දන්නේ තුවාලය ඇති කෙනා නිසා මොහු මෙවන් පියවරක් ගන්නත් ඇති...

:       0       7

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33581 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23927 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 145 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 469 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 213 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site