IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සරසවි කටයුතු අරඹන්නැයි සිසුහු වීදී බසිති

 

(ප්‍රින්ස් රත්නායක )

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වැඩ වර්ජනය‍ හේතුවෙන් විශ්ව විද්‍යාල අකර්මන්‍යව  ඇති බව පවසමින් විශ්ව විද්‍යාල කටයුතු කඩිනම්න් යථා තත්ත්වයට පත් කරන්නැයි ඉල්ලා සබරගමුව විශ්වවිද්‍යාල සිසුහු  අද (19 ) දහවල් පඹහින්න මංසන්දියේ දී උද්ඝෝෂණයක් ඇරැඹූහ.

මෙම අඛණ්ඩ වර්ජනයට  දින 20 ක්  ගතව ඇතත් අදාළ පාර්ශවයන් නිහඬව ගොළුවත රකින බව  පවසමින් සිසුහු මෙම උද්ඝෝෂණයට එක්ව සිටින අතර  අනධ්‍යන සේවක ඉල්ලීම් වන මාසික හිලව් දීමනාව ඇතුළ එකඟතා  ගිවිසුමේ පරිදි ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නැයිද  ඔවුහු පවසති.

 



අදහස් (12)

සරසවි කටයුතු අරඹන්නැයි සිසුහු වීදී බසිති

Romesh Jayamanna Monday, 19 March 2018 09:06 AM

මෙය දාම ප්‍රතික්‍රියාවකි. වැඩ කරනු නොලබන සියලුම සේවකයින්ට වැඩි වැඩියෙන් දීමනා අවශ්‍ය වේ. ඔවුන් විවිධාකාරයේ ක්‍රීඩාවකින් මෙය වටා සෙල්ලම් කළ හැකි බව ඔවුන් දන්නවා. පළමු සංකේත වැඩ වර්ජනය, ඉන්පසු අඛණ්ඩ වැඩවර්ජනය, පසුව අධ්‍යයන හා ශිෂ්‍යයන්. අනිසි දීමනාවක් ලබා ගැනීමට ක්‍රමයක්. මෙය නම් තර්ජනයක් !!!

:       134       387

sanath Monday, 19 March 2018 09:20 AM

ලංකාවේ විශ්ව විද්‍යාල මාසයක් ඇරලා තිබුණොත් ඊළඟ මාසේ වහනවා. මෙහෙම විශ්ව විද්‍යාල ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති. මේකට ප්‍රධානම හේතුව තමයි ලංකාවේ මිනිසුන්ගේ තියෙන අධික තණ්හාවයි ඉරිසියාවයි. අපේ මිනිස්සුන්ට ලැබෙන කිසිම දෙයකින් තෘප්තිමත් වෙන්න බැහැ. අනික් මිනිස්සුන්ට ලැබෙන වරප්‍රසාද පෙන්නන්නත් බැහැ. මේ දුෂ්ඨ මානසිකත්වයෙන් රටේ ජනතාව මිදුනේ නැත්නම් වැඩිකල් නොගොස් මුළු රටම විනාශ මුඛයට යෑම වැළැක්විය නොහැකිය.

:       98       1046

ruchi Monday, 19 March 2018 09:37 AM

ඔයාලට ඕනෑ වෙන වෙලාවට ආරම්භ කරන්නයි, එපා වෙලාවට වහන්නයි මේක අම්බලමක් නෙවෙයි.

:       30       201

Bimal Monday, 19 March 2018 10:01 AM

දියුණු රටවල්වල වගේ සිසුන්ගෙන් උසස් අධ්‍යාපනයට මුදල් අය කරගෙන රජයේ සේවකයින්ගෙනුත් බදු මුදල් ලැබුණු දවසට මේ ආයතන පිළිවෙලකට තියේවි. පුද්ගලික අංශයේ බදු මුදලින් පමණක් නඩත්තු වෙන තාක් මේ රටේ කිසිම රජයේ ආයතනයක් හරියට වැඩක් කරන්නේ නැහැ. සිසුන් හිතන්නේ විශ්ව විද්‍යාලය කියන්නේ ඕනෑම වෙලාවක අම්මිලා, තාත්තිලා ගිහිල්ලා බබාලා වාඩි කරන, අඬන වෙලාවට ඉගෙනීම නවත්වලා එළියට එන්න පුළුවන් මොන්ටිසෝරියක් කියලා.

:       9       376

ගාමිණී Monday, 19 March 2018 10:15 AM

මගේ දරුවා ඒ තුනක් අරං වෛද්‍ය පිඨයටයි ගියේ... දැන් හිතෙනවා ණය වෙලා හරි විදේශයකට යැව්වා නම් හොඳයි කියලා...

:       1       90

shelton Monday, 19 March 2018 10:37 AM

තවත් කරුමයක් රටට. මගේ පුතත් ගිහින් දවසකට පසු ගෙදර...

:       0       33

chanduli lehansha Monday, 19 March 2018 11:45 AM

සරසවි සිසුන් වීදි නොබැසපු දවසක් මම හොයනවා.

:       0       89

Pradeep Liyanage Monday, 19 March 2018 02:06 PM

බලන්න මේ දරුවන්ගේ ඉගෙනීමට තියන උනන්දුව... එයාලා කැමති නෑ දවසක්වත් විශ්ව විද්‍යාල වහලා තියනවට. අඩුම තරමින් බලධාරීන් මේ දරුවෝ ගැනවත් හිතලා තීරණයක් ගන්නවා නම් හොඳයි.

:       73       13

vernon Monday, 19 March 2018 02:45 PM

මෙතන සමහරු අගක් මුලක් නොදන්නා ප්‍රතිචාර දාලා තියෙනවා. මේ සරසවිය කොයි වෙලෙත් සිසු විරෝධතාවන්ට ප්‍රසිද්ධයි. ඒක වෙනමම ප්‍රශ්නයක්. නමුත් මේ වෙලා තියෙන්නේ කම්කරු සබඳතා පිළිබඳ ගැටළුවක්. මේ යහපාලන ආණ්ඩුව යටතේ විවිධ රජයේ සේවාවන්වල මූලික වැ‍ටුපට එතෙක් ලබා දෙමින් තිබූ දීමනා එක් කරමින් මූලික වැ‍ටුප වැඩි කිරීමට පියවර ගත්තා. ඒක වෙන්නේ වසරින් වසර ක්‍රමිකව. මේ වසරට අදාළව වැඩි වීම ජනවාරි මස සිට දෙන්න පොරොන්දු වෙලා.. එක චක්‍රලේඛයක් මඟින් මෙම සේවාවන්ට ක්‍රියාත්මක නොකිරීම තමයි මෙතන ගැටළුව. මෙතන ප්‍රතිචාර දාන මහා දාර්ශනිකයන්ගේ කියුම් කෙරුම් බලන්න තිබ්බා තමන්ගේ වැ‍ටුප් අඩුවෙන් දෙන්න ගත්තා නම්. රජයේ වේවා!! පුද්ගලික වේවා!! සේවකයෙක් වැඩ කරන්නේ පඩි ගන්න මිසක් කෑම දිරවන්න නෙවෙයිනේ...

:       355       264

Romesh Jayamanna Tuesday, 20 March 2018 07:05 AM

Venon, ඔබ කරුණු ගැන දැනගෙන කතා කරන්න අවශ්‍යයි. වැටුප් ගැටළුවක් නැත. රජයේ පළමු තැනට මුදල් නැත. ආන්ඩුවේ නය අර්බුදය හා දේශපාලන විලෝපනය තුල පවතී. රජයේ සේවකයින් මුලින්ම මෙය දැනගත යුතුයි. මෙය නරක වේලාවකි.

:       1       8

rohan Tuesday, 20 March 2018 08:48 AM

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් ගෙන් සුදුසු කම් නැති දේශපාලන පත්වීම. විශ්ව විද්‍යාලයත් දැන් ලංකා ගමනා ගමන මණ්ඩලය වගේ වෙලා.

:       0       21

ranjith Wednesday, 21 March 2018 11:24 PM

මේ රටේ උසස් අධ්‍යාපනයට ගිය කලක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 277 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 245 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site