තරිඳු ජයවර්ධන
අග්නිදිග සරසවියේ පාලනාධිකාරියෙන් විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් 21 දෙනා සොයා ශිෂ්‍ය නේවාසිකාගාරවලට පැමිණි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ පිරිසක් සිසුන්ගේ හැඳුනුම්පත් පරීක්ෂා කරමින් අඩත්තේට්ටම් කළ බව සිසුහු පවසති.
අද (16) දහවල් ශිෂ්‍ය නේවාසිකාගාර වෙන පැමිණි විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ පිරිසක් සිසුන්ගේ හැදුනුම්පත් පරීක්ෂා කරමින් විනය ක්‍රියාමාර්ග ගත් සිසුන් ඉවත් කිරීම මෙම සෝදිසි කිරීම කළ බව එහි ආරංචි මාර්ග කියයි.
එලෙස පැමිණි ඇතැම් නිලධාරීන් අත පොලු සහ වෙනත් උපකරණ තිබුණු බව සිසුහු පවසති.
ඡායාරූප - සෝදිසියට පැමණි පුද්ගලයන් පොල්ලක් සහ විශාල කතුරක් අතැතිව.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සරසවි සිසුන් ඉවත් කරන්න පොලු මුගුරුත් අරං එයි
janaka chandana Monday, 16 July 2018 10:02 AM
තාක්ෂණ පීඨයට හරි දේශක මණ්ඩලයක් හිටියා නම් මේ ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ... මොකද සුදුසුකම් නැති අය නුසුදුසු තැන්වලට පත්වීම තමා මේවාට හේතුව... නිසි බලධාරියෝ කියලා දාන මිනිස්සුත් දේශපාලකයින්ට කඩේ යනවා... ශිෂ්‍යයින්ගේ ජීවිත විනාශ වෙනවා... මේවා ගැන ඒ මිනිස්සුන්ට ගාණක් නෑ මොකද ඒ අයගේ දරුවෝ හොඳට පිටරටවල් වල ඉගෙන ගන්නවා... ළඟදීම දවසක ශිෂ්‍යයින්ගේ හයිය බලන්න පුලුවන්...
vernon Monday, 16 July 2018 10:15 AM
නිලධාරීන් ඩෙනිම් ඇඳන් ශර්ට් උඩින් දාගෙන එනවද?
දයන්තFriday, 20 July 2018 07:22 PM
නිලධාරීන් කියන්නේ උගත් වැදගත් විනීත මිනිස්සු. ඒ අය පොලු කතුරු අරන් ශිෂ්‍යයින්ට ගහන්න එන්නේ නැහැ.
lankaputha Monday, 16 July 2018 11:29 AM
අග්නිදිග විශ්වවිද්‍යාලය නේද?. එක ජාතියක් වැඩිපුර පාලන අධිකාරියේ ඉන්නවා නේද? අර කතුරක් වගේ එක අරන් ඇවිත් තියෙන්නේ ජාතිය වැඩි කර ගන්න නේද?
saman Monday, 16 July 2018 12:16 PM
කොළඹට ඉතා දුරස්ථ විශ්ව විද්‍යාල වැසිය යුතුය. විශ්ව විද්‍යාල පිහිටිවිය යුත්තේ කර්මාන්ත ආයතන, පර්යේෂණ ආයතන වෙනත් අධ්‍යාපන ආයතන ඇති ප්‍රදේශයක පමණි. සිසුන් අමතරව පුහුණුවීම්, පාඨමාලා හැදෑරීමට ,අර්ධ කාලින රැකියා කිරීමට ඇතිවිට රැකියා වෙළඳපළේදී වැඩි ඉල්ලුමක් ලබයි. කොළඹ සිටින සිසුන් අමතරව cima ,cma වැනි පාඨමාලා හදාරා සරසවියෙන් පිටවන විටම රැකියා ලබති. පේරාදෙණියට සාපේක්ෂව, පසුව පිහිටවූ කැලණිය ,ජයවර්ධනපුර උදාහරණ වේ. මේ හැර සියලුම ජාතින් සිටින ප්‍රදේශයකදී වඩාත් අන්‍ය ජාතීන්ගේ අතර සිටීමෙන් අවබෝධය වර්ධනය වී සංහිදියාවට මඟ පැදේ. කොළඹට ඉතා දුරස්ථ විශ්ව විද්‍යාල වෙනත් සුළු පාඨමාලා සඳහා යෙදවිය හැකිය.
[email protected] Monday, 16 July 2018 05:10 PM
සමන්ගේ අදහස හොද අදහසක්. බදුල්ල වගේ දුෂ්කර ප්‍රදේශ වල විශ්ව විද්‍යාල හදලා තියෙන්නේ ඒ පළාත් වල මිනිස්සුන්ට රැකියා දෙන්න. බස්, කැන්ටින්, පුද්ගලික නේවාසිකාගාර, පිරිසිදු කරන්නන් වගේ ඒ වලින් ඒ මිනිස්සු ජීවත් වෙනවා. ඒත් ළමයෙක්ට රැකියාවක් හොයාගන්න කොළඹට එන්නම පැය 10ක් විතර යනවා. සිකුරාදා ගොඩක් කථිකාචාර්ය වරු දේශන තියන්නේ නෑ ගෙදර යන්න ඕනේ නිසා. එක්කෝ කර්මාන්ත එහෙට යන්න ඕනේ ඒක වෙන පාටක් නෑ අවුරුදු ගානක ඉදලා.
SamarasiriTuesday, 17 July 2018 06:32 AM
පසුගිය කාලේ වුණු හොඳම සැලැස්මක් තමයි හෝමාගම තාක්ෂණික කලාපයක් කිරීම.තාක්ෂණික ආයතන,විශ්ව විද්‍යාල පිහිටුවීම.අනිකුත් ප්‍රදේශ වල මෙවැනි කලාප පිහිටවිය යුත්තේ තවත් වසර ගණනාවකට පසුවයි.හරි ජාතික සැලැස්මක් නැතිකම මෙයට හේතුවයි.
Chanak Los angeles Monday, 16 July 2018 06:06 PM
ඇත්ත ඇති සැටියෙන් කියනවානම් ආසියාතිකයන්ට වඩා බටහිර සමාජය නීතිගරුකයි .
sam Tuesday, 17 July 2018 07:31 AM
දේශපාලනය නවක වදය සරසවි වලින් ඉවත් කල යුතුයි. ළමයිට නිදහසේ අධ්‍යාපනය හදාරා නිසි කාලෙට තමන්ගේ උපාධිය සම්පුර්ණ කරලා රටේ දියුණුවට දායක වෙන්න ඉඩ සදාදිය යුතුයි. අවුරුදු 3-4 උපාධි අවුරුදු 4-5 ඇදෙනකොට කොහොමද රටක් අධ්‍යාපනයක් ඉදිරියට යන්නේ. වැරදි කරන අයට දඩුවමක් දුන්නාම පිළිගන්නේ නැත්තන් කොහොමද විනයක් හදන්නේ. නමුත් පරීක්ෂණය සාධාරණ එකක් විය යුතුයි.