(ජේ.කේ.එල් චාමින්ද)
පාසල් ගෙවතු වගා වැඩ සටහනට සමගාමිව ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පාසල් පරිශ්‍රය තුළ පරිසරහිතකාමි ආදර්ශ ගෙවත්තක් සකස් කර තිබේ.
ඉතා කුඩා භුමි ප්‍රමාණයක ඉතා අලංකාකාර අයුරින් මෙම ආදර්ශ ගෙවත්ත සකස් කර ඇති අතර විශේෂයෙන්ම පරිසර හිතකාමි වගා ක්‍රමවේදයන් භාවිතාකරමින් මෙම ගෙවත්ත සකසා ඇත.
පර්චස් අටක පමණ වපසරියකින් යුත් මෙම ගෙවත්තේ පහතරට මෙන්ම උඩරට එළවළු ද වගාකර ඇත.
එයට අමතරව අල වර්ග, පළතුරු, කෙළඑළවළු හා ඖෂධ වර්ග ද වගා කර ඇත. මෙම ගෙවත්තේ අලංකාර ලෙස නිර්මාණය කර ඇති ගැමි ගෙදරක් ද දැකිය හැකිය.
ගෙවත්තේ වෙනම ස්ථානයක ඔසු උයන ස්ථාපිත කර ඇත. මෙම ගෙවත්ත නැරඹිම තුලින් පාසල් දරු දැරියන්ට ගෙවතු වගාව පිළිබද දැනුමක්ද ලබාගත හැකිය.
ගෙවත්ත සකස් කිරිම සදහා කටයුතු කළ කුමාරි දිසානායක ගුරුතුමිය
‘ ගෙවත්ත සකස් කරනු ලැබුවේ ප්‍රාථමික අංශයේ දෙවැනි පංතියේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ දෙමව්පියන්ගේ සහයෝගයෙන්. වගා කුළුණු මෙන්ම බදුන් වගාවද මෙහි ස්ථාපිත කර තියෙනවා. පාසල් දරුවන්ට මෙම ගෙවත්ත නැරඹිම තුළින් හොද දැනුමක් ලබා ගන්න පුළුවන්.
විශේෂයෙන්ම ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දරු දැරියන්ට ගෙවතු පාඩමට අවශ්‍ය දැනුම මේ තුළින් ලබා ගන්න පුළුවන්.විදුහල්පතිතුමිය වන සන්ධ්‍යා පතිරණ වසම් මහත්මිය මේ සදහා අවශ්‍ය මගපෙන්විම අපට ලබා දුන්නා.
ලබුදුව ගොවිජන සංවර්ධන ප්‍ර දේශිය නිලධාරි කේ.එච් සදමාලි මහත්මිය ඇතුළු දෙම්විපියන් ලොකු සහයෝගයක් ලබා දුන්නා කුමාරි දිසානායක කිවාය.
විදුහල්පති සන්ධ්‍ය පතිරණවසම් මහත්මිය
පාසල් අතර පැවත්වෙන ගෙවතු වගා තරගය හා 2018 සිගිති අභිමන් ප්‍රදර්ශනයට සමගාමිව තමයි මේ ගෙවත්ත සකස් කළේ ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කරගෙන මාතෘකා 19ක් යටතේ අපි ප්‍රදර්ශන කුටි ඉදි කළා. මේ ගෙවත්ත ඉන් එක් කුටියක්. මේ ගෙවත්ත නැරඹිම සදහා පැමිණෙන දරුවන්ට ගෙවතු වගාව පිළිබද ආදර්ශ ප්‍රශ්න ඇතුළත් පොතක් දුන්නා.
ගෙවත්ත නරඹලා ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. දරුවන්ට ගෙවතු වගාව පිළිබඳ අමතර දැනුමක් ලබාදෙනවා.ඒ විතරක් නෙවෙයි ගෙවතු වගාව පිළිබද ආශාවක් ඇතිවෙනවා.මේ නිසා තම නිවස තුල ආදර්ශ ගෙවත්තක් හදා ගන්න පුළුවන් යැයිද විදුහල්පතිතුමිය කිවාය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සවුත්ලන්ඩ් විදුහලේ පරිසරහිතකාමී ගෙවත්ත
යුරේකි Friday, 15 June 2018 06:08 AM
කොච්චර වාසනාවන්තද
චාපා Friday, 15 June 2018 07:14 AM
අනේ මගේ පරණ ඉස්කෝලේ
Sarath Kariyakaranage Friday, 15 June 2018 09:42 AM
මෙන්න වැඩ
Sarath Kariyakaranage Friday, 15 June 2018 10:18 AM
මෙන්න වැඩ
gama Friday, 15 June 2018 11:12 AM
ඔබේ අලුත් පාසල කොහොමද?
janatha anura galla Saturday, 16 June 2018 01:51 AM
ඉතාමත් ආදර්ශමත් කටයුත්තක්... දෙමාපියන්ගේ කැපවීම අගයකරන නමුත් ඔවුන්ගේ නිවෙස් වල එකුදු මිරිස් පැලයක් හෝ සිටුවා නොමැත. ගෙදරත් සිටුවන්න... එවිට අනෙකුත් පාසල් වල දෙමාපියනුත් ඔබ අනුගමනය කරනු ඇත. එමගින් රටේ පවතින ගෙදර උද්දමනය පහළ යනු ඇත.