(ආරියරත්න රණබාහු)
වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන් අඩුතරමින් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්.ඩබ් කන්නන්ගර මහතා ගේ දර්ශනය ගැන හැදෑරු කන්නන්ගරලා 25 දෙනෙක්වත් හිටියා නම් මේ රට කොතැන තිබිය හැකිදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹදී අද (16) පැවති ඒ මහතාගේ 50 වන ගුණසැමරුම් උළෙලේදී ප්‍රශ්න කළේය.
ජනාධිපති කාර්යාලය , කැලණිය විශ්ව විද්‍යාලය සහ ජාතික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවති ගුණසැමරුම් උළේලේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
‘‘අද මේ සැබූ ලෙසම නිදහස් අධ්‍යාපනයක් තිබෙනවාද.එය කීදෙනෙක් හඳුනාගෙන තිබෙනවාද කන්නන්ගර මහතාගේ චින්තනය පිළිබඳව නිදහස් අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණ ආයතනයක් පිහිටුවීම අවශ්‍යයි.එමගින් නිදහස් අධ්‍යාපනයට නිර්වචනයක් දිය හැකියි එතුමාගේ ප්‍රතිපත්තිය දර්ශනය හඳුනාගත හැකිවනු ඇතැයි‘‘ ජනාධිපතිවරයා කීය.
එහිදී කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය කෞෂල්‍යා යටිගම්මන මහත්මිය නිදහස් අධ්‍යාපනයේ පුනරාවලෝකනය සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර ගුණ සමරු සංග්‍රහය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිරිනැමූ අයුරු ඡායාරූපයේ දැක්වේ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සී.ඩබ්.ඩබ් කන්නන්ගර 50 වන ගුණසැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්
Prabha Wednesday, 16 October 2019 06:14 PM
ඉස්සෙල්ලම ඔබතුමා හදාරලා හිටියොත් නරකද?
Kumar (Gulf) Wednesday, 16 October 2019 07:27 PM
ගාලු රිච්මන්ඩ් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ආදි සිසුවෙක් වූ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා, මුළු රටටම දායාදයක් විය...
vidya Wednesday, 16 October 2019 07:29 PM
දැන් ඔහේ දොඩවනවා නේද? කොපමණ ලස්සන කතාවක් කියන්න තිබුණු අවස්ථාවක්ද? ඔය විද්‍යාලංකාර පිරිවනේ බිහිවෙන්නේ උගතුන්...
pubudu Thursday, 17 October 2019 04:06 AM
නිදහස් අධ්‍යාපනයේ පියා සැමරීමේ උත්සවයට එජාපයේ කිසිවෙකුත් නැත. මන්ද කන්නන්ගර මහතා 1947 මැතිවරණයෙන් මතුගම ආසනයෙන් පරාජයට පත් කලේ එජාපය විසින්මය. එය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තම පක්ෂයේ අපේක්ෂකයෙකු එම පක්ෂය විසින්ම පරාජය කළ අවස්ථාවකි.
abaranThursday, 17 October 2019 07:06 AM
ඒක ඇත්ත... අරක්කු රේන්දකාරයෙකු වූ වින්සන් අතින් එතුමා පරාජයට පත් වූයේ ඉතිහාසය හා වර්තමානය සමාන බව පසක් කරමිනි. වර්තමානයේ සිදුවන්නේද මත්පැන්, මත්කුඩු, දූෂණ, වංචා පිරි අපේක්ෂකයින් ඉදිරිපත් වීම සහ වැඩියෙන්ම දූෂිතයා ජයග්‍රහණය කිරීමය. මැටි මෝල් ජනතාවක් සිටිනා රටක එවන් පුද්ගලයින් බිහිවීම අරුමයක් නොවේ.
Vipula Thursday, 17 October 2019 04:34 AM
Dr යටිගම්මන , අපෙන් සුභපැතුම් !!!