IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හිටපු නාවික - ගුවන් හමුදා ප්‍රධානීවරු උසස්වීම් ලබති

(හර්ෂණ තුෂාර සිල්වා)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු ප්‍රධානී අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්යන තනතුරෙහිත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්යන තනතුරෙහිත් පිහිටුවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ අද (19) පැවැති විශේෂ උත්සවයක දී සිදුකෙරිණි.

මෙහිදී ඒ දෙදෙනාගේ තනතුරුවලට අදාළ සන්නස් පත්‍ර සහ නිල යෂ්ටි පිරිනැමීම සිදුවූයේ ජනපතිවරයා අතිනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්ප්‍රාප්තියත් සමග උත්සවයේ නිල කටයුතු ආරම්භ කෙරුණු අතර ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාළියක් සහ ජනාධිපතිවරයාට ත්‍රිවිධ හමුදා උත්තමාචාර පිරිනැමීම ඉන් අනතුරුව සිදුකෙරුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රධාන පීඨිකාවට ගමන් කළහ. ඉන් අනතුරුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරු වෙනම පීඨිකාවලට ගමන් කළහ.

අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ මහතාට ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ ගෞරවණීය තනතුර පිරිනැමීමේ හේතු පාඨය කියවනු ලැබූවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසිනි.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ ගෞරවණිය තනතුරට පත් කරමින් ඊට අදාළ යෂ්ටිය සහ සන්නස් පත්‍රය පිරිනැමීය.

ඊට පසුව නාවික හමුදා නිලධාරියෙක් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ තනතුරට අදාළ ධජය එසවීය.

එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක මහතාට ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගෞරවණීය තනතුර පිරිනැමීමේ හේතුපාඨය කියවනු ලැබූවේද අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසිනි.ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගෞරවණීය තනතුරට පත් කරමින්, ඊට අදාළ යෂ්ටිය සහ සන්නස් පත්‍රය පිරිනැමීය. ඊට පසුව ගුවන් හමුදා නිලධාරියෙක් ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ තනතුරට අදාළ ධජය එසවීය.

මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා 1978 වසරේදී ශිෂ්‍යභට නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා හමුදාවට එක් වූ අතර වසර තිස් පහක හමුදා දිවියේදී පියාසර පැය 4,200ක් ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා මෙහෙය වූ ගුවන් නියමුවකු ලෙස වාර්තාවක් පිහිටුවා ඇත. ගුණතිලක මහතා සක්‍රීය සේවයේ යෙදී සිටියදීම එයාර් චීෆ් මාර්ෂල් නිලය දක්වා උසස්වීම ලද එකම ගුවන් හමුදා නිලධාරියාද වේ.

මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා 2006 ජුනි 11 වැනිදා 12 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබීය. සතුරු භූමියට සිය යානා පියාසර කරමින් සතුරන් අඩපණ කිරීම සඳහා දැක්වූ නිර්භීතකම හේතුවෙන් ගුණතිලක මහතා දෙවරක් ‘රණ වික්‍රම පදක්කමෙන්’ පිදුම් ලබා ඇත. ගුණතිලක මහතා 2009 වසරේ සිට 2013 වසර දක්වා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද හෙබවීය.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා 1971 අගෝස්තු 1 වැනිදා ශිෂ්‍යභට නිලධාරියකු ලෙස නාවික හමුදාවට එක්විය. වසන්ත කරන්නාගොඩ මහතා 2005 වසරේ සැප්තැම්බර් 1 වැනිදා 15 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රාජකාරි ඇරැඹීය. වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපති ධුරයට පත්වීමත් සමඟ නව සංග්‍රාමික උපක්‍රම නාවික හමුදාවට හඳුන්වාදෙමින් සතුරු නෞකා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන තෙක් බලා නොසිට සතුරු නෞකා සොයාගොස් ප්‍රහාර එල්ල කිරීමේ පිළිවෙත ක්‍රියාවට නැංවීය. එම සැලැසුම් හේතුවෙන් සැතපුම් දහස් ගණනක් හඹාගොස් ජාත්‍යන්තර මුහුදේ ඇති එල්.ටී.ටී.ඊ. පාවෙන අවි ගබඩා නෞකා 8ක් විනාශ කිරීමට නාවික හමුදාව සමත්විය.

කරන්නාගොඩ මහතා නාවික හමුදාව ශ්‍රී ලංකා මුහුදේ පමණක් නොව ජාත්‍යන්තර මුහුදේ සටන් කළ හැකි නාවික හමුදාවක් බවට පත් කළ අතර විදේශීය නාවික හමුදාපතිවරුන් සමඟ මිත්‍රශීලී සම්බන්ධතා පවත්වා ගනිමින් අවි ගබඩා සහිත නෞකා සොයා ගැනීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබාගැනීමට කටයුතු කර ඇත. තිස් වසරක සිවිල් යුද්ධය අවසන් කිරීමට එම ක්‍රියා බොහෝ සෙයින් උපකාරි විය. සක්‍රීය සේවයේ යෙදී සිටියදීම අද්මිරාල් තනතුරට උසස්වීම් ලද එකම නාවික හමුදාපතිවරයා වන්නේ ද කරන්නාගොඩ මහතාය.
හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන තනතුරටත්  සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ තනතුරටත් පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව ඉකුත් අගෝස්තු මාසයේ 6 වැනිදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණි.

‘ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘ භූමියෙන් තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භීතභාවය, ජාතියට පුදකළ ප්‍රශංසනීය සේවය හා සිදුකළ අද්විතීය මෙහෙවර ඇගයීම උදෙසා’ අදාළ ගෞරව තනතුරු හිටපු නාවික හමුදාපතිවරයාට සහ හිටපු ගුවන් හමුදාපතිවරයාට පිරිනමන බව එම අතිවිශේෂ ගැසට් පත්‍රයේ දැක්විණි.

මීට පෙර මෙවැනි ගෞරවණීය නිලයක් පිරිනැමුණේ හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටය. ජනාධිපතිවරයා විසින් ඔහු ‘ෆීල්ඞ් මාර්ෂල්’ තනතුරට උසස් කරන ලදී.

ෆීල්ඞ් මාර්ෂල් තනතුර යුද හමුදාවේ ඉහළම තනතුර ද ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ තනතුර නාවික හමුදාවේ ඉහළම තනතුර ද වන අතර ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගුවන් හමුදාවේ ඉහළම තනතුර වේ. මෙම තනතුරු ත්‍රිත්වයම තරු පහේ නිල ය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් සහ ත්‍රිවිධ හමුදාවේ වත්මන් හා හිටපු නිලධාරීන් ඇතුළු පිරිසක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පැවැති මෙම විශේෂ උත්සවයට එක්ව සිටියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රධාන පීඨීකාවට ගමන් කළහ. එයින් අනතුරුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක යන මහත්වරු වෙනම පීඨීකාවලට ගමන් කළහ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ මහතාට ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ ගෞරවනීය තනතුරු දීම සඳහා වන උධෘතය කියැවීය.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද්මිරාල් (විශ්‍රාමික) වසන්ත කරන්නාගොඩ ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ ගෞරවනීය තනතුරට පත් කරමින් ඊට අදාළ යෂ්ටිය සහ සන්නස් පත්‍රය පිරිනැමීය. නාවික හමුදා නිලධාරියෙක් ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ තනතුරට අදාළ ධජය එසවීය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක මහතාට ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගෞරවනීය තනතුරු දීම සඳහා වන උධෘතය කියැවීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) රොෂාන් ගුණතිලක මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගෞරවනීය තනතුරට පත් කරමින් ඊට අදාළ යෂ්ටිය සහ සන්නස් පත්‍රය පිරිනැමීය. ඉන්පසු ගුවන් හමුදා නිලධාරියෙක් ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ තනතුරට අදාළ ධජය එසවීය.

මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා 1978 වසරේ දී ශිෂ්‍ය භට නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වූ අතර වසර තිස් පහක හමුදා දිවියේදී පියාසර පැය 4,200ක් ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා පියාසර කර ඇත. ගුණතිලක මහතා සක්‍රීය සේවයේ යෙදී සිටියදීම එයාර් චීෆ් මාර්ෂල් නිලය දක්වා උසස්වීම ලද එකම ගුවන් හමුදා නිලධාරියාද වේ. මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා 2006 ජූනි 11 වැනිදා 12 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වීම් ලැබීය. සතුරු භූමියට සියා යානා පියාසර කරමින් සතුරුන් අඩපණ කිරීම සඳහා දැක්වූ නිර්භීතකම හේතුවෙන් ගුණතිලක මහතා දෙවරක් ‘රණ වික්‍රම පදක්කමෙන්’ පිදුම් ලබා ඇත. ගුණතිලක මහතා 2009 වසරේ සිට 2013 වසර දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ද හෙබවීය.

අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා 1971 අගෝස්තු 1 වැනිදා ශිෂ්‍යභට නිලධාරියකු ලෙස නාවික හමුදාවට එක්විය. වසන්ත කරන්නාගොඩ මහතා 2005 වසරේ සැප්තැම්බර් 1 වැනිදා 15 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රාජකාරි ඇරැඹීය. වසන්ත කරන්නාගොඩ මහතා නාවික හමුදාපති ධුරයට පත්වීමත් සමඟ නව සංග්‍රාමික උපක්‍රම නාවික හමුදාවට හඳුන්වාදෙමින් සතුරු නෞකා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන තෙක් බලා නොසිට සතුරු නෞකා සොයාගොස් ප්‍රහාර එල්ල කිරීමේ පිළිවෙත ක්‍රියාවට නැංවීය. එම සැලැසුම් හේතුවෙන් සැතපුම් දහස් ගණනක් හඹාගොස් ජාත්‍යන්තර මුහුදේ ඇති එල්.ටී.ටී.ඊ. පාවෙන අවි ගබඩා නෞකා 8ක් විනාශ කිරීමට නාවික හමුදාව සමත්විය. කරන්නාගොඩ මහතා නාවික හමුදාව ශ්‍රී ලංකා මුහුදේ පමණක් නොව ජාත්‍යන්තර මුහුදේ සටන් කළ හැකි නාවික හමුදාවක් බවට පත් කරන ලද අතර විදේශීය නාවික හමුදාපතිවරුන් සමඟ මිත්‍රශීලී සම්බන්ධතා පවත්වා ගනිමින් අවි ගබඩා සහිත නෞකා සොයා ගැනීමට අවශ්‍ය බුද්ධි තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලදි. තිස් වසරක සිවිල් යුද්ධය අවසන් කිරීමට එම ක්‍රියා බොහෝ සෙයින් උපකාරි විය. සක්‍රීය සේවයේ යෙදී සිටියදීම අද්මිරාල් තනතුරට උසස්වීම් ලද එකම නාවික හමුදාපතිවරයා වන්නේ ද කරන්නාගොඩ මහතාය.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ යන තනතුරටත්  සහ හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක යන මහතා ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ තනතුරටත් පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව ඉකුත් අගෝස්තු මාසයේ (6) වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණි.

‘ත්‍රස්තවාදය ශ්‍රී ලංකා මාතෘ භූමියෙන් තුරන් කිරීම සඳහා විදහා පෑ නිර්භීතභාවය, ජාතියට පුදකළ ප්‍රශංසනීය සේවය හා සිදුකළ අද්විතීය මෙහෙවර ඇගයීම උදෙසා’ අදාළ ගෞරව තනතුරු හිටපු නාවික හමුදාපතිවරයාට සහ හිටපු ගුවන් හමුදාපතිවරයාට පිරිනමන බව එම අති විශේෂ ගැසට් පත්‍රයේ දැක්විණි.

මීට පෙර මෙවැනි ගෞරවනීය නිලයක් පිරිනැමුණේ හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටය. ජනාධිපතිවරයා විසින් ඔහු ‘ෆීල්ඞ් මාර්ෂල්’ තනතුරට උසස් කරන ලදි.

ෆීල්ඩ් මාර්ෂල් තනතුර යුද හමුදාවේ ඉහළම තනතුර ද ‘අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්’ තනතුර නාවික හමුදාවේ ඉහළම තනතුර ද වන අතර ‘මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස්’ ගුවන් හමුදාවේ ඉහළම තනතුර වේ. මෙම තනතුරු තුනම තරු පහේ නිලය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාපති එයාර් මර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදාවේ වත්මන් හා හිටපු නිලධාරීහු ඇතුළු පිරිසක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පැවැති මෙම විශේෂ උත්සවයට එක්ව සිටියහ. 

(ඡායාරූප - ඉෂාන් සංජීව)



අදහස් (8)

හිටපු නාවික - ගුවන් හමුදා ප්‍රධානීවරු උසස්වීම් ලබති

Jayasinghe Thursday, 19 September 2019 12:20 PM

රට වෙනුවෙන් තම සේවය ඉටු කළ යහපත් උත්තමයින්ට ගරු නම්බු නාම ලැබීම අගය කලළ යුතුයි. අපගේ උත්තමාචාරය!

:       20       301

max Thursday, 19 September 2019 12:28 PM

පමා වී කළත්, අගය කළයුතු වැඩක්.

:       7       225

Raveendra Thursday, 19 September 2019 01:20 PM

ලංකා මාතාවගේ දූදරුවන් වන අප ඔබසැමට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරන්නෙමු. එමෙන්ම ම්ලේච්ඡ ත්‍රස්තවාදයෙන් ලක්දෙරණ බේරාගැනීමට තම ජීවිත පූජා කළ, අවයව පූජා කළ මෙන්ම තම යුතුකම් එලෙසම ඉෂ්ඨකළ ඒ විරෝදාර රණවිරුවන්ට අපගේ ස්තුතිය පුද කරන්නෙමු. ලක්මව චිරාත් කාලයක් ලෝකයේ හොඳින් බැබලීමට වාසනාව උදා වේවා!!! අවසාන වශයෙන් රටේ මුල්පුරවැසියාට ප්‍රමාද වී හෝ ගත් මෙම තීරණයට අපගේ ප්‍රණාමය පුදකරන්නෙමු. ලක්අම්මාට ජයෙන් ජයම වේවා..!!!

:       156       668

Nimal kaluthota Thursday, 19 September 2019 04:34 PM

බොරුවට රටට පේන්න ලොකු තනතුරු වල ඉන්න ලොක්කන්ට සම්මාන දුන්නට වැඩක් නැහැ , රට වෙනුවෙන් තම අතපය පුජා කරපු රණවිරුවෝ අරහේ පාරේ ...දැන් සතියකටත් වැඩයි ..!! තමුන් නිකමටවත් අහක් ඇරලා බැලුවද ඒ අහිංසකයන් දිහා ...!!! එක දේශපලුවෙක් ඒ පැත්තේ ගිහින් නැහැ ...!!!

:       0       0

chandima Thursday, 19 September 2019 06:12 PM

වැඩේ නම් අති ඉහළයි. එ්ත් අර ජනරාල් ඩබල් ජනරාල් කමක් ඉල්ලයිද?

:       0       0

sugath Friday, 20 September 2019 12:04 AM

ඉහත දක්වා ඇති අදහස් / සුභ පැතුම් වලට අකමැත්ත දක්වන කුහකයෝද සිටිති.

:       0       0

ලුම්බිණි Friday, 20 September 2019 12:18 AM

මෙම උත්සවයට මොකද යුද්ධයේදී විශාල සේවයක් කළ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහභාගී නොවෙන්නේ ඇයි?

:       0       0

Nandaka Friday, 20 September 2019 02:03 AM

2009 යුද්දය අවසන්වූ පසු කලයුතුමවූ සිහලු ආබාදිත සහ මියගිය රණවිරුවන්ගේ සහ එම පවුල්වල සුබසාදන යුතුකම සහ වගකීම පසෙකලා රණවිරු රියල් ස්ටාර් නමින් සේවා කාලය වසරක්වත් සම්පූර්ණ නොකළ අමුතුම යුද ස්ටාර්ලා ටිකක් කරලියට ගෙන මිලියන ගණනින් තෑගී ලබා දෙමින් ආරක්ෂක අමාත්යංශයේ ලේකම් සහ හිටපු ජනපති කල අමන ක්‍රියාවන් වත්මන් ජනපතිට සිහිපත්කරවා දැනට ඔවුන් ජීවත්වීම සඳහා දැනට කරන අරගලයට සාදාරණයක් ඉටු කිරීමට මේ තරු 5 ප්‍රදානීන් තිදෙනාට දැන්වත් සිහි බුද්දිය පහල වේවා ... !

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20329 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18101 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 300 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 162 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site