IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


හෙද- පරිපූරක-අතුරු වෛද්‍ය සේවා වර්ජනයක්

(දයාරත්න ඇඹෝගම)

අතිකාල කප්පාදුවට එරෙහිව සහ හිඟ අතිකාල නොගෙවිමට විරෝධය පළ කරමින් අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද , පරිපුරක සේවා සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරිහූ අද (21) වැඩ වර්ජනයක නිරත වී සිටිති.

“සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අතිකාල කප්පාදු කිරිම සදහා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.ඒ අතර 2015 වැඩිවු වැටුපට සමාන්තරව ලැබිය යුතු අතිකාල මුදලේ හිඟ මුදල් මෙතෙක් ගෙවා නැහැ.අනෙක් කාරණය අපට විතරක් ඇගිලි සලකුණු කිරිම අනිවාර්ය කර තිබෙනවා.වෛද්‍යවරුන්ට එම නිතිය නැහැ.එම නිසා මිට සාධාරණ විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලා හෙට(22) උදැසන 07 දක්වා අපි සේවයෙන් ඉවත්ව වර්ජනයේ නිරත වෙනවා.වකුගඩු රෝගී වාට්ටුව,සායන කටයුතු,පිළිකා,ළමා රෝග වාට්ටු සහ හදිසි ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරනවා. “යැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති උදාන කුලතිලක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ(වැ.බ) දුලාන් සමරවිර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ වර්ජනයට හේතු වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇගිළි සලකුණු කිරිම අනිවාර්ය කිරිම සහ හිඟ අතිකාල නොගෙවිම බවයි.

මේ හේතුවෙන් රෝගීහු මහත් අසිරුතාවට පත්ව සිටිති.



අදහස් (8)

හෙද- පරිපූරක-අතුරු වෛද්‍ය සේවා වර්ජනයක්

Muhan Tuesday, 21 November 2017 06:47 AM

මේ අය වෙලාවට සේවයට එනවනම් ඇයි ඇගිලි සලකුණු කිරීමට විරුද්ද වෙන්නේ ? අතිකාල කියන්නේ සේවක වරප්‍රසාදයක් නොවේ . අවශ්‍ය වුනොත් විතරක් සාමාන්‍ය රාජකාරි වේලාවෙන් පසු සේවය කළහැකිය . තවත් දෙයක් ඇගිලි සලකුණු කිරීමට නැත්නම් සේවය අවසන් වෙන වෙලාව වැරදියට සටහන්කර හොර අතිකාල දීමනා ඉල්ලනවා .

:       0       78

බද්රානි Tuesday, 21 November 2017 07:06 AM

සෞඛ්‍ය සේවයේ එක් එක් කෙනාට එක එක වර්ගයේ නීති තිබෙන්නේ කොහොමද? වෛද්‍ය වරුන්ටත් වෙලාව සටහන් කිරීම අනිවාර්ය කල යුතුයි. මේ අයගේ වර්ජනය ඉතාම සාධාරණයි.

:       457       530

rohana kumara mendis Tuesday, 21 November 2017 07:14 AM

මේ ගොල්ලෝ සාමාන්‍ය රජකාරියාවත් කරන්නේ නැ.ඉස්පිරිතාල වල වැඩ කරන අය නගර සභාවේ අය සේරම උදේට පොත අත්සන් කරනවා. (පිට අයව දම්මලා) එයාල වැඩට එන්නේ නැ .වෙන වැඩ කරනවා.ත්‍රීවීල් එළවනවා.කඩ කරනවා. මාසේ 25 වගේ වැඩට එනවා පඩිය ගන්න ඕනි නිසා. නගර සභාවේත් ඔය ටිකමයි...........

:       2       215

විකුම් රංගන Tuesday, 21 November 2017 08:29 AM

රෝහලේ තුළ පරිපාලනය දුර්වලවී තිබෙන්නේ, දොස්තරලාගේ වරදින්. බොහොමයක් රෝහල් වල වෛද්‍යවරු ප්‍රතිකාර කරන්නේ පැය කිහිපයක් පමණයි. අඩුපාඩුකම් කොතෙක් තිබුණත්, රෝහල් තුළ හෙද හෙදියන් විශේෂ කාර්ය භාරයක් ඉටු කරනවා. සමහරවිට ඇඟිලි සලකුණු සටහන් කිරීමේ නීතිය නිසා මේ වර්ජනය පිටුපස වෛද්‍යවරුන්ගේ සංගමය ඉන්න පුළුවන්.

:       129       103

අචින්තTuesday, 21 November 2017 09:59 AM

මෝඩකමද,ඉරිසියාවද කියල හිතාගන්න බැහැ.

:       0       4

SamTuesday, 21 November 2017 05:51 PM

විකුම්ට සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කිසිදු දැනුමක් නැතිබව පේනවා, වෛද්‍යවරු ලබාදෙන උපදෙස් තම හෙදියන් සහ අතුරු කාර්ය මණ්ඩල කරන්නේ,

:       0       35

කරුණා Tuesday, 21 November 2017 09:58 AM

එතකොට මේ ගොල්ලන්ගේ වර්ජනයෙන් ලෙඩ්ඩු මැරෙන්නෙ නැද්ද?

:       10       20

Sampath Tuesday, 21 November 2017 05:45 PM

හෙද පරිපුරක සේවාවන් වර්තමානයේත් පොතක අත්සන් කරයි, ඒ ඔවුන් වැඩ මුරයට සේවා කරන නිසා, වෛද්‍ය සේවාව මිට වෙනස්ය. මන්ද ඔවුන් oncall ඇමතුම් රාජකාරියේ යෙදන නිසා, රජයට වෛද්‍ය සේවාව ඇගිලි සළකුණු අනිවාර්ය කලොත් පැය 24 අතිකාල ගෙවිමට සිදුවේ.

:       0       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 766 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site