IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හෙද සංගම් විරෝධය

( ශාන්ත රත්නායක)


හෙද සේවයේ බඳවා ගැනීම් සුදුසුකම් පහත හෙළීම  හා  හෙද සේවය සදහා කලා,හා වාණිජ ,විෂයන් වලින් බඳවා ගැනීමට විරුද්ධව හා වැටුප් විෂමතා වහා නිවැරදි කරන්නැයි  ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් සමස්ත ලංකා හෙද සංගමය සංවිධනය කරන ලද උද්ඝෝෂණයක්  අද 11 සෞඛ්‍ය අමත්‍යංශය ඉදිරිපිටදී පැවැත් විය.



අදහස් (19)

හෙද සංගම් විරෝධය

laksman Wednesday, 11 July 2018 12:22 PM

මෑතක් වනතුරුම කලා හා වාණිජ විෂයන් සමත් අයත් බදවාගත්තා. එවැනි අය තවමත් ඇතිනේ ඔවුනගේ වැඩකටයුතු කොහොමද බලන්න. සමහර අය විද්‍යාවිෂයන් කල අයටත් වඩා හොදට සේවය කරනවා ඇති.

:       609       216

බද්රානි Wednesday, 11 July 2018 03:16 PM

මොන අංශයෙන් හෙද සේවාවය බඳවා ගත්තත් මේ අයගේ කෙරුවාව ගැන නම් කතා කරන්නත් ලැජ්ජයි. අපිත් කැමතියි සුදුසුකම් වලින් සපිරුණු හෙද සේවයක් වගේම යහපත් ආකල්ප වලින් පිරිණු කාර්යක්ෂම ගුණාත්මක, රෝගීන්ට කාරුණික ලෙස සලකන හෙද සේවාවක් දැකීමට. කියන්න කණගාටුයි අපේ රටේ රජයේ රෝහල් වල නම් ඔලුවේ අං පැළවුණ හෙදියන් මිස, රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් හා කාරුණාවෙන් කටයුතු කරන අය නම් අපි දැක නැහැ. නමුත් පෞද්ගලික රෝහල් වල නම්, වෛද්‍යවරුන් වගේම හෙදියනුත් ඉතාම ගුණාත්මක සේවාවක් කරන බව අපි අත්දැකීමෙන් දන්නවා. අතේ ඉතිරිකරගත් මුදලේ වටිනාකම දැනෙන්න නම් අසනීපයක් හැදෙන්නම ඕනා. ඕක තමයි සිරි ලංකාවේ සෞඛ්‍ය සේවාවේ යතාර්ථය?

:       221       1070

sam Wednesday, 11 July 2018 03:16 PM

නොදන්නා කතා කියන්න එපා ලක්ෂ්මන්. රජයේ හෙද සේවයට හෙද විදුහල් සදහා විද්‍යා විෂයන්ගෙන් සමත් අය පමණයි බදවා ගන්නේ පුද්ගලික අංශය සදහා නම් කලා හා වාණිජ විෂයන් සමත් අයත් ගන්නවා. මගේ බිරිදත් හෙදියක් දැනට වසර 13 සේවයේ. වින්නඹු නම් කලා හා වාණිජ විෂයන් සමත් අයත් ගන්නවා අවුරුදු එකහමාරයි පුහුණුව. එංගලන්තය, ඇමරිකාව, කැනඩාව යන රටවල් වල පවා අපේ රාජ්‍ය හෙද විදුහල් වලින් ලබාදෙන තුන් අවුරුදු හෙද ඩිප්ලෝමාව පිලිගන්නවා.

:       576       351

kapThursday, 12 July 2018 06:03 AM

හෙදියක් කියන්නෙ දොස්තර කෙනෙක් නෙමෙයි. හෙදියකට ඕනෙම ගුණාංගය තමයි කරුණාව සහ ඉවසීම. ඕකට කිසිම උපාධියක් ඕනෙ නෑ.

:       24       67

samThursday, 12 July 2018 06:48 PM

දොස්තර කියන්නේ දොස්තර හෙදිය කියන්නේ හෙදිය දොස්තර යටතේ හෙදිය ඉන්න ඕනේ කියන දුප්‍පත් මානසික මට්ටමක් තමයි ලංකාවේ තියෙන්නේ. දියුණු රටවල මේ සේවාවන් දෙක වෙනම සේවාවන් හෙදියක් වෙන්න අවම සුදුසුකම වසර 3ක පුර්ණ කාලීන ඩිප්ලෝමාවක් (ලෝක සෞඛ්‍ය සංවිධානය).ලෝකයේ බොහොමයක් රටවල හෙද ආචාර්ය උපාධිය දක්වා ඉගෙන ගන්න පුළුවන් නමුත් අපේ රටේ බෑ ඔයාල වගේ මානසික මට්ටමක් තියන අය ඉන්න නිසා වෙන්න ඇති.

:       32       18

sampathThursday, 12 July 2018 06:36 AM

විද්‍යාද, කලාද, වණිජද නොව යහපත් ආකල්ප වලින් පිරිණු කාර්යක්ෂම ගුණාත්මක, රෝගීන්ට කාරුණික ලෙස සලකන හෙද සේවාවක් මිසක් වෙනත් දෙයක් අවශ්‍ය නැහැ. මේවට කියන්නේ කුහකකම්.

:       15       55

rasikaThursday, 12 July 2018 04:09 PM

දැන් ඔය කැනඩාවේ, ඇමෙරිකාවේ අපේ හෙදියෝ ගිහින් මෙහෙ විදියට ලෙඩ්ඩුන්ට කතාකලොත් මොකද වෙන්නේ.. අනෙක එහෙදි හෙදියෝ තමා ඔක්කොම රෝගීන්ව පිරිසිදු කිරීම් පවා කරන්නේ. නැතුව හෙද සහයක කට්ටිය නැ. ඒ රටවල් වල හෙද සේවය ඉගෙන ගන්න පුළුවන් උසස්පෙළ මොන විෂය ධාරාව හැදෑරුවත්.

:       24       163

samThursday, 12 July 2018 06:32 PM

කැනඩාව ඇමරිකාව හෙද සේවය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක් වගේ පෙන්නේ. හෙද සහයක කියලා ජොබ් එකකුත් ඒ රටවල තියනවා කියලවත් නොදන්නා කෙනෙක් එක්ක මොන ගුණාත්මක කතාද. ඒ රටවල මොන විෂය හැදෑරුවත් හෙද විතරක් නෙමෙයි දොස්තර වෙන්නත් පුළුවන් හැබැයි ඊට කලින් මුලික පාඨමාලාවක් හදාරා සමත් විය යුතුයි. එහෙත් විද්‍යා විෂයන්ට මේ මුලික පාඨමාලාව අවශ්‍ය නැහැ.

:       91       16

rasika Wednesday, 11 July 2018 03:40 PM

මෙයාලගේ සේවය බලන්න ලෙඩක් හැදිලා රජයේ රෝහලක නවතින්නම ඕනේ.. එතකොට තමා තේරෙන්නේ මෙයාලගේ කරුණාව කොහොමද කියලා. කලා, වානීජ අයව බදවා ගත්තට මොකද හොද පුහුණුවක් දෙනවනම්. අනෙක මෙයාලට තියෙන්නේ ඩිප්ලෝමා සහතිකයක්, ඒත් මෙයාලගේ වැටුප කොච්චර වැඩියිද? උපාධි ලබාගත්ත ගුරුවරෙක්ගේ වැටුපට වඩා මෙයාලට ලොකු වැටුපක් ලැබෙනවා.. වැටුප් විෂමතා අයින් කරනවානම්, ඔක්කොම රජයේ සේවකයන්ගේ කරන්න ඕනේ.. උපාධි එක ශ්‍රේනියකටත්, ඩිප්ලෝමා තව ශ්‍රේනියකටත් දාලා. එහෙම නැතුව වැඩ කරන දෙපාර්තුමේන්තුව අනුව එකම ශ්‍රේණියට වැටුප් දෙකක් දෙන එක අසාධාරණයි. රෑට මෙයාලා ගොඩක් අය නිදියනවා, ඔක්කොම සේලයින්, බැන්ඩේජ් , ගෝස් , ගෙදර අරන් යනවා. මට මතකයි මම ප්‍රතිකාර ගන්නකොට ඒකේ හිටිය හෙදියෝ ගොඩක් කට්ටිය රැට නිදියනවා උදේ 5 වෙනකොට එලාම් එක තියලා නැගිටිනවා.. වැඩට 4 දෙනෙක් ඉන්නවනම් එක්කෙනෙක් නැගිටලා ඉදල අනෙක් 3 දෙනා නිදියනවා. ඊලග දවසේ වෙන කෙනෙක්. ඒ නැගිටලා ඉන්න කෙනත් මේසෙට ඔලුව තියන් නිදි. ඒ වාට්ටුවේ හිටියේ ගොඩක් ශල්‍ය කාර්ම කරපු අය. එයාලට රැට අමාරුවක් උනත් කතා කරන්න බැහැ. හොද අය ඉන්නවා හැබැයි ඉතින් බොහොමයක් තැන් වල ඔය විදිය තමා.

:       1043       1504

කරුණාපාල Wednesday, 11 July 2018 04:20 PM

හෙදියක් ඉස්කෝලෙදි කාලේ ඉතිහාසයද, භුගොලයද, ආර්ථික විද්‍යාවද කියන එක අපිට වැදගත් නැහැ. තමන්ට පැවරිලා තියන රාජකාරිය කුමක්ද කියන එක වටහාගෙන පැවරිලා තියන රාජකාරිය හරියට කරන්න පුරුදු වෙන්න. දොස්තර මහත්තයා ඉදිරියේ අහිංසක නර්ස් නෝනා, ලෙඩා ඉදිරියේ දොස්තර නෝනා වගේ හැසිරෙනවා වගේ තමයි අපි නම් දකින්නේ.

:       248       403

Chaminda Wednesday, 11 July 2018 05:17 PM

මේ හෙදියන්ට ඔක්කොමට ඉස්සෙලා කරුණාව දයාව කියල දෙන්න ඉස්සෙල්ලා ලෙඩ්ඩුන්ට බනින්නේ සත්තුන්ට වගේ. හැමදාම මිනිස්සු ඉවසන්නේ නැහැ

:       378       527

lalinda Thursday, 12 July 2018 05:30 AM

කෙටියෙන් කියනවනම් මේ හීනමානය පිලිබඳ ප්‍රශ්නයක්. උසස් පෙළට කල විෂයන් මොනවා උනත් අදාළ පාඨමලාව සාර්ථකව සම්පුර්ණ කරන්න පුලුවන්නම් එපමනයිනේ. සාපෙළ දක්වා විද්‍යාව ඉගෙනගත් කෙනෙකුට ඔය දේ කරන්න පුළුවන් නමුත් අනවශ්‍ය ලෙස පුම්බන්න තමයි මෙයාලට ඕන. මගේ මවත් හෙද පාලිකාවක් ලෙසයි විශ්‍රාම ගත්තේ. එයාලගේ කාලේ සාපෙළ සුදුසුකම් වලින් මෙම සේවයට බඳවාගෙන තියෙන්නේ.

:       32       116

samThursday, 12 July 2018 07:08 PM

ඔය කියන කාලේ අම්මගෙන් අහලා බලන්න ගුරු සේවයට විධායක ශේණියට පවා ගත්තා සා පෙලින්. ඒ කාලේ විදිහටද ඉස්කෝල වල දැන් උගන්නන්නේ. ඒ කාලේට ආයේ යන්න ඕනේ නෑ මට හිතෙන්නේ නේද. ගෙදර හයිබ්‍රිඩ් ප්‍රියස් එකක් තියාගෙන මොරිස් මයිනර් එකක යන්න ඕනේ කියනවා වගේ කතාවක්නේ. තාක්ෂනය වෙනස් කාලේ අලුත්. හෙද සේවාව පැත්තකින් තියමුකෝ. රටම ඉවරයි ඔහොම හිතන අය හිටියොත්.

:       9       53

rasika Thursday, 12 July 2018 04:18 PM

අපේ රටේ හෙදියන්ට විතරක් නෙමෙයි මුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයම ප්‍රමුඛව සියලුම රාජ්‍ය ආයතන වල ගුණාත්මකකම වැඩි කරන්න ඕනේ. දොස්තරලා වුනත් ලෙඩෙක්ට කතාකරන්න දන්නේ නැ. ලෙඩෙක්ගේ මානසික තත්වය ගැන අවබෝදයක් ගන්නේ නැ. ඔය හෙදියන්ට අවශ්‍ය කලාද, වණිජද, විද්‍යා ද කියන එක නෙමේ. හොද පුහුණුවක්.. විශේෂයෙන් ලෙඩෙක්ගේ මානසික තත්වය හදුනා ගැනීමට සහ කාරුණිකව සැලකීමට පුහුණුවක්.

:       12       145

samThursday, 12 July 2018 09:23 PM

රසික ඔයා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන මොනවත්ම නොදන්නා කෙනෙක් කියල පේනවා. ලිප්පින්කොට් නසින් මැනුවල් එක දැකලවත් නැතුව ඇති මම හිතන්නේ පොඩ්ඩක් හොයාගෙන බලන්නකෝ හැබැයි තේරෙයිද දන්නේ නෑ තේරුනොත් දැනගනී මොනවද හෙදියක්ට ඉගෙන ගන්න තියෙන්නේ කියලා. කාරුණිකව ලෙඩ්ඩුන්ට සලකන එක හෙදියක් කරන්න ඕනේ එක ගැන විවාදයක් නෑ. දැනට වසරකට රාජ්‍ය සරසවි වලින් බිහිවෙන හෙද උපාධිදාරිනුත් 400 පමණ හෙද සේවයට එක්වෙනවා. කොළබ සරසවියේ හෙද පිඨයක් අලුතින් බිහිවෙලා තියනවා ඒකෙනුත් ඉදිරි වසර වලදී සේවාවට වසරකට 900 පමණ එන්න තියනවා. දොස්තරලවත් කළා වාණිජ වෙලින් ගත්තනම් හරි නේද. බයෝ කරලා s 3 ගත්ත අයටත් දොස්තරලා වෙන්න බෑ කියලා සයිටම් වහපු රටක් මේක. ලෙඩ්ඩු හෝදන එක හෙදකම කියල හිතන මෝඩයෝ ඉන්න රටක් මේක. ඒකනේ අපිට දියුණු රටක් වෙන්න බැරි. ඔබට දෙවි පිහිටයි රටට බුදුසරණයි .

:       47       63

sampath Thursday, 12 July 2018 10:14 PM

මේ පුවතට ප්‍රතිචාර දක්වල තියෙන කීදෙනෙක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගන්නවද මම දන්නේ නැහැ. ඔය අයගෙන් කීදෙනෙක්ට පුලුවන්ද රෝහලක ඉදන් වතුර ටිකක් බොන්න , කෑම ටිකක් කන්න. ගොඩක් දෙනෙක් ගෙදර එන්නේ ඉක්මනින් නාගන්න. කාලෙන් කාලෙට එක එක ලෙඩ, සමහර දෙනෙක් රෝහල් දකිනකොටත් බයය. නමුත් හෙදියන් දවස පුරාම රෝහල් වාට්ටුවල නමුත් දොස්තරලා පැය 24 නැහැ ගොඩක් ලෙඩ්ඩු කියනවා හෙදියන් බනිනවා කියලා ඒ නිකන්මද? අපි අපේ ගෙදර ඉන්නවා වගේ රෝහලේ ඉන්න බැහැ අනිත් අයටත් පහසු විදියට ඉන්න ඕනේ. බෙහෙත් වෙලාවට දෙන්නේ නැහැ කියල කියන අයගෙන් අහන්නේ කවදද අන්තිමේට බෙහෙත් ගත්තේ? පුද්ගලික රෝහල්වල හෙදියන් ගොඩදෙනෙක් විද්‍යා විෂයන් සමත් නමුත් හෙද විදුහල් යන්න බැරිවුනු අය. ඒ අයත් කැමති නැහැ වෙන විෂයන් කරපු අය බදවා ගන්න.. බොහෝ රටවල හෙද සේවය වෛද්‍ය සේවයටත් වඩා ඉහලින් තියෙන්නේ විශේෂයෙන් ලංකාවේ අයට ඒ අය දන්නවා හෙද සේවයේ ගුණාත්මකකම. මම මෙහෙම ප්‍රතිචාර කලේ මගේ කවුරුත් මේ සේවාවේ ඉදලනම් නෙවෙ. මගේ කොන්ද ඔපරේෂන් කරලා කිසිදෙයක් කරගන්න බැරුව ඉන්නකොට මට සහය වුන හෙදියන් අගය කිරීමටය.

:       16       27

roogiya Friday, 13 July 2018 04:40 AM

මැෂින් එකේ අත්සන් කරන්නේ නැතුව හොරට පනින සෙට් එක

:       0       14

kamal jayasinghe Friday, 13 July 2018 06:38 AM

හෙද සේවය / හෙද ඩිප්ලෝමාව /හෙද උපාදිය ගැන කිසිස්ම දෙයක් නොදන්නා මෝඩයෝ හිතන්නේ හොදට කතා කරන එක ලෙඩ්ඩුන්ට කරුණාව දක්වන එක හෙද සේවය කියල වසර 3 ඩිප්ලෝම එක කරන්නේ ඔය ටික ඉගෙනගන්න නෙමෙඉ ඒකනිසා හරක් වගේ ලෙඩ්ඩු බලන වෙලාවට විතරක් ඉස්පිරිතාල වලට ගිහින් තියන ඔය මහත්තුරු ටික පොඩ්ඩක් හොයල බලන්න වාණිජ කලාව කරපු කට්ටියට පාසලේදිවත් කරගන්න බැරිඋන විෂය කොටස් කොහොමද හෙද ඩිප්ලෝමාව කරලා හෙද සේවය කරන්නේ කියල කුහකයෝ කව්ද කියන එක මේකේ ලියල තියන ගොඩක් අදහස් වලින් තේරෙනවා

:       23       2

rasika Friday, 13 July 2018 04:28 PM

මෙතන ගැටලුව තියෙන්නේ හෙදියෝ මොනවද ඉගෙනගන්නේ කියන එකට වඩා, ඔවුන්ගේ භාවිතය. බොහොම නරක විදියට තමා රජයේ රෝහල්වල ඉන්න හෙදියෝ ලෙඩ්ඩුන්ට කතා කරන්නේ. ගිහින් නැවතිලා බලන්න. මම නැවතිලා හිටිය ලංකාවේ රෝහලක ඒ නිසා මම කියන්නේ මගේ අත්දැකීමෙන්. ලෙඩෙක් අසරණ වෙලා ඉන්නකොට එයට ගෙදර අයට කතාකරන්න හදිස්සියකට ෆෝන් එකක් ලග තියාගන්න බෑ,. හැබැයි ඔය හෙදියෝ ෆෝන් තියාගෙන හැම වෙලේම කතාව. හෙදියන්ගේ කරුණාව කියන්නේ මූලික සාධකයක්. "work ethics" කියන දේවල් අහලවත් නැති විදියට තමා හැසිරෙන්නේ. දියුණු රටවල හෙදියන් බෙහෙත් දෙන්න ඉස්සෙල්ල ඒවායේ ගුණ අගුණ හැමදේම ලෙඩට පැහැදිලි කරනවා. ලෙඩාට ඕනෑම දෙයක් අහන්න පුළුවන් ඕනෙනම් බෙහෙත් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට ලෙඩාට රිදුනොත් නැත්නම්, ලේ ගන්නකොට පළමු පාර ගන්න බැරි උනොත් ඔවුන් සමාව ඉල්ලනවා. හැමවෙලේම ලෙඩාව මානසිකව සනසනවා. ඕනෙනම් ෆෝන් එක නෙමේ අයිපෑඩ්, ලැප්ටොප් ඕනේ දෙයක් තමන් ගාව තියාගෙන ඉන්න පුළුවන්. අපි මේවා කියන්නේ ලංකාවේ ඇතුලේ ඉදන් නෙමෙයි මේවා එදිනෙදා ජීවිතයේ අපි අත්දැකීම් ලබන නිසා. අපිටත් ඕනේ ලංකාවේ හොද ගුණාත්මක සේවයක් වෙනවා දකින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 590 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19774 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site