IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හොඳම තේ දලු නෙළන්නිය තෝරයි

(රංජිත් රාජපක්ෂ)            

වර්තමානයේ තේ කර්මාන්ත රැකියාවලින්  වතු කම්කරුවන් ඉවත් වී යන නිසා එම වතු කම්කරුවන් යළිත් තේ කර්මාන්තයේ රැකියාවල රඳවා ගැනීමේ සහ අලුතින් වතු කම්කරුවන් තේ කර්මාන්ත රැකියාවල නිරත කරගැනීමේ අරමුණින් යුතුව හෙලිස් වැවිලි සමාගම මගින් තේ දලු නෙළීමේ තරගයක් අද (25) නානුඔය රදැල්ල තේ වතුයායේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

හේලිස් වැවිලි සමාගම යටතේ පාලනය වන තලවකැලේ, කැලණි වැලි සහ හොරණ  වතු සමාගම් වල තේ දළු නෙලන වතු කම්කරු කාන්තාවන් අතර මූලික වටයේ තරගාවලියක් පසුගියදා පවත්වා එම මූලිකවටයේ තරගාවලින් තොරාගත් 39 දෙනෙක් මෙම තරගාවලිය සදහා සහභාගි වි සිටියහ.

නානුඔය රදැල්ල තේ වත්තේ තොරාගත් තේ කොටසක විනාඩි 20  පමණ කාලයක් ලබාදුන් අතර නියමිත ප්‍රමිතිය අනුව විනාඩි 20 ක කාලය තුල වතු සමාගම් තුනක  වැඩියෙන්ම තේ දලු නෙළු වතු කම්කරු කාන්තාවන් තිදෙනෙකුට රන් සම්මාන සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සමග ඉන්දියානු සංචාරයක් සදහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට එම වැවිලි සමාගම් අනුග්‍රහය දක්වයි.

මේ අනුව හොරණ වැවිලි සමාගමේ රන් සම්මානය සහ ඉන්දියානු සංචාරය දිනාගත්තේ තලවකැලේ බඹරකැලේ වත්තේ පදිංචි බෙනඩික් මේරි මහත්මියයි. ඇය ලබා ගත් ලකුණු ප්‍රමාණය 80.58 යි.

තලවකැලේ වැවිලි සමාගමේ රන් සම්මානය සහ ඉන්දියානු සංචාරය දිනාගත්තේ තලවකැලේ බෙයාර්විල් වත්තේ පදිංචි පලනිචෙල්වි මහත්මියයි. ඇය ලබාගත් ලකුණු ප්‍රමාණය 88.63යි.

කැළණිවැලි සමාගමේ රන් සම්මානය සහ ඉන්දියානු සංචාරය දිනා ගත්තේ බගවන්තලාව රොග්ගිල් වත්තේ පදිංචි කමලේෂ්වරි මහත්මියයි. ඇය ලබාගත් ලකුණු ප්‍රමාණය 83කි.

රන් සම්මාන දිනු වතු කම්කරු කාන්තාවන්ගේ පළමු ස්ථානය පලනිචෙල්වි මහත්මිය, දෙවන ස්ථානය කේ.කමලේෂ්වරි මහත්මිය  සහ  තුන්වන ස්ථානය බෙනඩික් මේරි මහත්මිය විසින් දිනා ගන්නා ලදී.

තරගාවලිය සඳහා ඉදිරිපත් වූ අනෙකුත් වතු කම්කරු කාන්තාවන්ට මුදල් සහ සහතික පත් ලබාදෙනු ලැබිණි.

මෙම තරගාවලියේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් හේලිස් වැවිලි සමාගමේ සභාපති මෝහන් පණ්ඩිතරත්න, හේලිස් වැවිලි සමාගමේ කලමණාකාර අධ්‍යක්ෂක අචාර්ය රොෂාන් රාජදොරෙයි මහතා ඇතුළු වතු අධිකාරිවරු සහ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.



අදහස් (9)

හොඳම තේ දලු නෙළන්නිය තෝරයි

sampath Saturday, 25 January 2020 11:35 AM

මේ මිනිස්සුන්ට මේ දේවල් වලට වඩා තුන්වේලම කන්න පුළුවන් පඩියක් දෙන්න.. අමතර දළු නෙලන ප්‍රමාණයට වෙනම ගෙවන්න. මේ මිනිස්සු පුදුම දුකක් විඳින්නේ...

:       3       47

ThusithaSaturday, 25 January 2020 01:05 PM

සල්ලි ගැනම හිතන්න එපා... මේ වගේ දේවලුත් වැදගත් ආත්ම තෘප්තිය වෙනුවෙන්..

:       3       97

Pradeep Saturday, 25 January 2020 12:41 PM

අනර්ඝයි... වෙනත් වචන අවශ්‍ය නෑ...

:       2       101

BamunuarachchiSaturday, 25 January 2020 09:53 PM

ප්‍රදීප්, ඇත්තටම මේ මිනිස්සු ලංකාවේද? ගෝඨාගේ රුපියල් 1000 අරගෙන මේ කට්ටිය පොහොට්ටුවට ඡන්දෙ දෙන්න මහින්ද මහත්තයා දිනවන්න.

:       19       0

රංගන Sunday, 26 January 2020 09:15 PM

ඇත්තටම මේ මිනිස්සු ලංකාවේද කියා බමුණා අසන්නට ඇත්තේ ඔවුන්ට දෙමළ භාෂාවෙන් ජාතික ගීය කියන්නට අවස්ථාවක් මේ රජයෙන් නොදෙන නිසා වෙන්නට ඇත.

:       66       2

KumarMonday, 27 January 2020 05:22 PM

ලංකාවේ පරම්පරා ගණන් ඉන්න අය මහන්සිවී රැකියාවක් කරලා සාධාරණ වැටුපක් ලබාගන්න එකේ වරදක් තිබෙනවද ? ඩී.එන්.ඒ බැලුවොත් කියයි ඉන්දියාවෙන් පැමිණි අය කියලා. දැනට තිබෙන සාක්ෂි අනුව දැන් ජීවත්වෙන සියලුදෙනාගේම නෑදෑයෝ මුලින්ම පැමිණියේ අප්‍රිකාවෙන්.

:       0       0

Champa Saturday, 25 January 2020 04:44 PM

මේ වගේ දේවල් සංවිධානය කරන එක ඉතාම හොඳයි. එතකොට මේ කම්කරුවෝ හිතනවා හාම්පුතාලා තමන්ගේ සේවය අගය කරනවා කියලා. ගිය අවුරුද්දේ තේ දළු නෙලන්නියන්ට වැටුප් වැඩි කිරීම ගැන කතාව ආවහම මමත් ඒ ගැන අදහසක් ලිව්වා. ඒ කියන්නේ ඔවුන් දිනකට කඩන එක්තරා තේ දළු ප්‍රමාණයකට නිශ්චිත මිලක් ගෙවලා ඊට වැඩියෙන් කඩන හැම තේ දළු කිලෝ ග්‍රෑමයකටම වෙනම වැඩි මුදලක් ගෙවන්න කියලා. උදාහරණයක් විදිහට දැනට ඔවුන්ට මූලික වැටුප රුපියල් 700.50ක් ලැබෙනවා. එතකොට දිනකට නෙලිය යුතු තේ දළු ප්‍රමාණය කිලෝ 20ක් නම්, රුපියල් 700/20 = 35යි. ඒ කියන්නේ එක කිලෝ එකකට රුපියල් 35ක් ගෙවනවා. කිලෝග්‍රෑම් 20ට වැඩිය කඩන හැම කිලෝග්‍රෑම් එකකටම සාමාන්‍ය ප්‍රමාණය වගේ එක හමාරක ගුණයක්, ඒ කියන්නේ රුපියල් 52.50ක් ගෙවන්න පුළුවන්... ඒ කියන්නේ වැඩිපුර කිලෝ 6ක්, 7ක් කැඩුවොත් රුපියල් 1000 වුණත් ඉක්මවලා හම්බ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක පුද්ගලයෙක් සතියකට තේ දළු නෙලන්නේ දින 3ක් හෝ 4ක් මම දන්නා විදිහට... තේ කර්මාන්තය කෙළින්ම නිෂ්පාදනය මත යැපෙන කර්මාන්තයක් හින්දා මේ උදාහරණයක් විදිහට ලිව්ව ගාන දෙපැත්තටම සාධාරණයි කියලා මම හිතනවා...

:       0       13

Devinda Uduwara Sunday, 26 January 2020 12:28 PM

මෙය හොඳ දිරිගැන්වීමක්... එම ආයතනවලට ස්තුතියි.

:       0       5

eresh S kumara Tuesday, 28 January 2020 03:27 AM

මෙවැනි දිරිය කාන්තාවන් තව තවත් දිරිගැන්විය යුතුයි. ආයතන වලටත් හොද මාර්කටින් පාරක් තමයි ඉතින්

:       0       2

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6186 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7637 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18276 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1254 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9436 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 591 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24007 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23235 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site