මොරොක්කෝවට උතුරින් පිහිටි දුෂ්කර ගම්මානයක ගැඹුරු ළිඳකට වැටී සිරවුණු දරුවෙකු බේරාගැනීම සඳහා මොරොක්කෝ ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් කාලය සමග සටන් කරමින් සිටින බව පැවැසෙයි.
දවස් තුනක කාලයක සිට මෙම දරුවා ගැඹුරු ළිඳේ සිරවී ඇතැයි ආරක්ෂක අංශ පවසයි. රයන් නම් මෙම පස් හැවිරිදි දරුවා මීටර් 32 ක් පමණ ගැඹුරු ළිඳකට අඟහරුවාදා දින වැටි ඇත.
මොරොක්කෝ රජයේ ප්‍රකාශයෙක් වූ මුස්තෆා බයිටාස් බ්‍රහස්පතින්දා දින පැවසුවේ මෙම පස් හැවිරිදි දරුවා කෙසේ හෝ බේරා ගන්නා බවයි.
දැනටමත් සහන කණ්ඩායම් විසින් ළිඳ අසලින් මීටර් 27 ක් දක්වා හාරා දරුවාට ළඟා වී ඇති අතර ඉදිරි පැය කිහිපයේදී තිරස් අතට මීටර් 5 ක් හාරා එම ගුලෙන් රයන් එළියට ගැනීමට බලාපොරොත්තු වන බව සහන කණ්ඩායම් පවසයි.
ඉදිරි පැය කිහිපයේදී රයන්ට දරුවා බේරා ගනීවී යැයි බලාපොරොත්තුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සජීවී දර්ශන දෙස බලා සිටි.
(විමුක්ති එස් රුද්‍රිගු - අල් ජසීරා )
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ළිඳට වැටුණු දරුවා බේරා ගන්න මෙහෙයුමක්
SUNIL MILANO Friday, 04 February 2022 09:02 PM
පුතාට බුදු සරණයි පුතේ... ඉක්මණින්ම ජීවිතය ලැබේවි..!
චන්දන Saturday, 05 February 2022 07:16 AM
ජීවිතයක වටිනාකම තේරුම් ගත් පිරිසක්... දරුවා බේරාගත හැකිවේවා...!
nihal Saturday, 05 February 2022 09:05 AM
බේරාගන්නට කරන උත්සාහය සාර්ථක වේවා... ජේසු පිහිටයි..!
Bunny Preena Saturday, 05 February 2022 09:31 AM
ඇඟේ හිරිගඩු පිපෙනවා.. දරුවා නිරුපද්‍රිතවම බේරාගැනීමට හැකිවේවායි අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු.
Samantha Saturday, 05 February 2022 02:07 PM
ඕක අපේ රටේ වුණා නම් හමුදාපති මේකප් දාගෙන අලුතින් ඇඳුම් මහගෙන එනකන් ළමයට ළිඳ ඇතුලේ ඉන්න වෙනවාමයි. ඊට අමතරව නාකි දේශපාළුවන් එතැනට ඇවිදින් මාධ්‍ය සංදර්ශන පවත්වන අයුරු බලෙන්ම වගේ මිනිස්සුන්ට රජයේ මාධ්‍යවලින් පෙන්වනවාත් නියතයි...