IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


75 වැනි නිදහස් උළෙල චාම්ව ඉතා අභිමානවත්ව අද

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඉතා අභිමානවත්ව කොළඹ, ගාලු මුවදොර දී අද (4) පෙරවරුවේ පැවැත්වේ.

‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි.

ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු පෙරවරු 7.30ට ආරම්භවීමට නියමිතය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිදහස් දින සැමරුම් උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතව ඇත්තේ පෙරවරු 8.13ට වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරවරු 8.15ට උත්සව භූමියට සම්ප්‍රාප්තවීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැලකෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන යාම සිදුවන අතර, ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපතිවරයා ජාතික ධජය නංවනු ඇත.

එම අවස්ථාවේ දී පාසල් සිසු සිසුවියන් 105 දෙනකු ජාතික ගීය ගායනා කරන අතර, ඉන්පසු ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙනයාමත්, පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායනා කිරීමත් සිදුවේ.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම අනතුරුව සිදුකෙරේ.

ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදුවන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් පවත්වනු ලබන නිදහස් දින ආචාර පෙළපාලිය ආරම්භවන්නේ ඉන්පසුවය. මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලියට ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සහ ශිෂ්‍ය භට සාමාජිකයන් 6,385 දෙනෙක් සහභාගී වන අතර, යුද හමුදා සාමාජිකයන් 3,284 ක්, නාවික හමුදා සාමාජිකයන් 867 ක්, ගුවන් හමුදා සාමාජිකයන් 695 ක්, පොලීසියෙන් 336 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 220 ක්, සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් 437ක් සහ ජාතික ශිෂ්‍යභට බලකා සාමාජිකයන් 546 ඊට ඇතුළත්ය.

පෙළපාලියට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ 390ක් ද ඇතුළත් අතර, විශ්‍රාමික නිලධාරීන් 21 දෙනකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනකු එහි ගමන් කිරීමට නියමිතය. උත්සව භූමියට ඉහළ අහසේ සිට ගුවන් හමුදා ප්‍රහාරක යානා සහ ගාලු මුවදොර මුහුදේ සිට නාවික හමුදා යාත්‍රා ද දස්කම්පෑමට නියමිතය. එමෙන්ම පැරෂුට් සංදර්ශනයක් ද මෙම උළෙලට ඇතුළත්ය.

 



අදහස් (20)

75 වැනි නිදහස් උළෙල චාම්ව ඉතා අභිමානවත්ව අද

Sunil Saturday, 04 February 2023 07:44 AM

කුමන චාම් බවක්ද? සාධාරණත්වය ඉල්ලා සාමකාමීව හඬනගන අයට අමානුෂිකව ලෙස පහරදී අනවශ්‍ය මුදල් කන්දරාවක් වැය කොට මේ නටන නාඩගම හෙළා දකිමු.

:       98       49

GamunuSaturday, 04 February 2023 10:21 AM

75 වැනි නිදහස් උළෙල චාම්ව ඉතා අභිමානවත්ව අවසන් විය

:       4       32

බදුසල්ලි Saturday, 04 February 2023 08:00 AM

හොරු රැළක් උන්ගේ පඩ ෂෝ දාන ගෑනුත් එක්ක ඇවිත් කොඩියක් උස්ස්ලා යන්න නටන නැටිල්ලක්... අපිට බදු ගහලා තොපි ආතල් ගනිල්ලා. මේක නොතේරෙන නිවටයින්ගේ කතිරයෙන් මුං ආයෙ ආයෙත් ඒවි අපේ ලේ උරාබොන්න.

:       84       50

Gkss Saturday, 04 February 2023 09:14 AM

සුද්දා දීලා ගියපු රට කලු සුද්දො විසින් සුද්ද කරන්න පටන් අරන් අවුරුදු 75ක් නේහ්.මේ නිදහස කියන දේ ලැබෙන්නැතිව සුද්දාම මේක පාලනය කලානම් අපි ගොඩාක් දියුණු රටක් වෙලා තියේවි මේ වෙනකොට.

:       82       41

අනිල් Saturday, 04 February 2023 09:57 AM

කොහේ තියන නිදහසක්ද?

:       37       41

Roshan Saturday, 04 February 2023 10:01 AM

විභාගෙ ලියන ළමයින්ටවත් නිදහසේ පාඩම් කටයුතු කරන්න නොදෙන පිනා සහ පොහොට්ටු හොරු රැළ. ලෝකෙට විහිළු සපයනවා.

:       34       40

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 04 February 2023 10:41 AM

මොන චාම්ද ? පොලීසියට හා හමුදා සේවා වලට බටා ඇතුළු සියලු විය හියදම්,දේශපාලකයන්ගේ හා සහභාගී වූ අයගේ වියහියදම් කොපමණද ? කන්න නැති රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින් හා ඔවුන් වෙත පිටරටින් දෙන ආධාර මුදලින් නැටූ මේ විකාර ජෝගියෙන් වෙන්නේ රට තව තවත් වල පල්ලට යෑමයි. පෙට්රල් වැඩි උනා.තව ටික දිනකින් ගෑස් වැඩිවෙනවා කියා ප්‍රවෘත්ති මැවෙනවා. ඉතින් මොන නිදහස සැමරීමක්ද ? අපරාදේ මේ රට සුද්දන් රට ජාතිය ජනතාව ගැන වගේ වගක් නැති වැද්දන්ට බාර දුන්නේ.සුද්දෝ හිටියා නම්,මේ රටේ හොර වැද්දන්ට මේ රට හොරාකන්න හෝ නුගතුන්ට රට පාලනය කරන්න වෙන්නේ නැහැ.

:       28       11

pakeer Saturday, 04 February 2023 12:26 PM

තොපි ගත්ත නිදහසක් නැහැ. දෙවන ලෝක යුද්ධෙන් පස්සේ සුද්දෝ රටවල් අල්ලන් ඉන්න එක නැවැත්තුවා. තොපිට මේක ආයෙත් දුන්නේ පිනට. ඒක කෑවා. තොපි නිදහස කියලා කියන්නේ නිදහසේ හොරකම් කරනවට. අපි උඹලට හොරු කියනකොට උඹලට ලැජ්ජා නැත්තේ උඹලා මන්ද බුද්ධිකයෝ නිසා. පුළුවන්නම් තනියම පාරේ බැහැලා පළයන්ලා. නිදහසේ උඹලට එතකොට හොඳ නිදහසක් හම්බවෙයි. ජනතාවගෙන්.

:       26       12

Hapuwalana Saturday, 04 February 2023 01:15 PM

ලංකාවට නිදහස දීලා සුද්දා නිදහස් වුණා.

:       22       14

බද්රානි Saturday, 04 February 2023 01:58 PM

ජාත්‍යන්තරය ඉදිරියේ හිඟන්නු උනාට, ලංකාවේ හිඟන්නු ඉස්සරහ අභිමානවත් කෙරුමොනේ මේ.. පාලකයින්ගේ මුර බල්ලන්ගේ සන්දර්ශනත් නරකම නැහැ.

:       25       10

siri Saturday, 04 February 2023 02:46 PM

"අට වන ජනපතිගේ හැත්ත පස්වන සමරුව " හැබෑටම බලන්නකෝ ඒ වචන ටිකේ ගැලපීම. මේවා ඉතින් සල්ලි දීලවත් ගන්න බැරි දේවල්. හරිද ?

:       15       10

ගමේ එකාලා Saturday, 04 February 2023 03:36 PM

නිදහස් උත්සවය නිදහසේ රකින්ඩ බැරි ජාතියක්? දැඩි ආරක්ෂාව යටතේ නිදහස් උත්සවයේ කටයුතු සිද්ද කෙරුවාලු?

:       1       12

ganegoda Saturday, 04 February 2023 03:43 PM

මෙතන ලියැවිලා තියෙන අභිමානවත් අදහස් කියවපු මටත් මගේ රට, දැය, අනාගතය ගැන දුක හිතුණා.

:       0       8

ajith Saturday, 04 February 2023 05:04 PM

'48 දී අපට දේශපාලන නිදහස. එයින් අද අපට ඉතිරිව ඇත්තේ ණය ගෙවා ගත නොහැකි බංකොලොත් රටක්. එය අප සැමැරිය යුතු "ජයග්‍රහණයක්ද"? අද රටේ මිනිසුන්ට කෑම, විදුලිය, බෙහෙත් ගැනීම සටනක් වී ඇත. මේ රටේ දේශපාලකයින් යයි කියා ගන්නා උදවිය සෑමවිටම කළේ ජනතාව ගොනාට අන්දවා තමන් හරි යයි සිතන දේ කිරීමයි. මොවුන්ගේ මේ හැසිරීම පිළිබඳව ඔවුන් පත්කළ ජනතාව මීට වඩා සිහි බුද්ධියෙන් සිතා බැලිය යුතු බවයි මගේ අදහස...

:       0       18

ලුම්බිණි Saturday, 04 February 2023 05:14 PM

මේක චාම් කියන්නේ කවුද? බොරුවට ලෝකෙට පරකාසේ...

:       16       9

PODDA Saturday, 04 February 2023 06:54 PM

එංලන්තේ චාල්ස් තමා 75 වැනි නිදහස සමරන්න ඕනි. මොකද එංගලන්තේ සිලෝන් කියන රටෙන් නිදහස් වුණා. අවුරුදු 75 අපේ ගොයියොත් එක්ක හිටිය නම් බකින්හැම් පැලස් එකත් මෙලහකට විකුණලා. අපේ එවුන් කරන්නේ විකුණන එකයි ණය ගන්න එකයි විතරයිනේ.

:       23       13

tikiraSaturday, 04 February 2023 07:18 PM

100/1000 ක් උඹ හරි මචං. හිනාවෙලා මළා!

:       0       3

Rohana Saturday, 04 February 2023 07:24 PM

රටකාපු පල්හොර කණ්ඩායමක් අභිමානවත්ව නිදහස සමරයි. සල්ලි ගෙදරින් ගෙනත්ද මේක සමරන්නේ...?

:       4       4

Perera Sunday, 05 February 2023 11:22 AM

චාමෙ? විකාර තමයි... කෝටි 265 වියදම... වැසිකිළිවලට විතරක් කෝටි 14ක්...

:       1       3

sharm warn Tuesday, 07 February 2023 09:45 AM

චාම්?? එක මාර චාම්. . වියදම් ලයිස්තුව බැලුවම චාම් කමයි අභිමානයයි නව දොරෙන්ම විසි වෙනවා.. පො... පිනාට ආවඩන වහල්ලුන්ට නම් මෙක මහ උජාරුවක් වෙන්න ඇති.. අනේ පව් ඉතින්. . කවුරු කවුරුත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6190 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7640 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18280 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1257 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9438 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 594 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38113 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25087 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 813 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site