(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වසර පන් දහසක පමණ ඉතිහාසයකට නෑකම් කියන දේශීය නර්තනය හා බැඳුණු අංගම්පොර සටන් කෞශල්‍යය පුරා වසර පනහක් තිස්සේ දැයට දායාද කළ ගුරු පියෙකුට උපහාර දැක්වීමේ අංගම්පොර සටන් කලා සංදර්ශනයක් පසුගියදා වේයන්ගොඩ තල්ගස්මොටේ ග්‍රාමයේදී උත්සවාකාරයෙන් පැවැත්විණිි.
මෙහිදී සිය ගෝල බාලයින්ගේ උපහාරයට පාත්‍රවූයේ අංගම්පොර කුණ්ඩලීනි සටන් ක්‍රමය වසර පනහකට වැඩි කාලයක් තිස්සේ දැයේ දරුවනට කියාදුන් ආර්.ඒ. සෙනෙවිරත්න රණවීර ගුරු පියාණන්ය.
සිය ගුරුවරයා යටතේ අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කළ වෛද්‍යවරුන්, නීතිඥයින්, ඉංජිනේරුවන් වැනි වෘත්තීයවේදීන් මෙන්ම පාසල්වියේ දරුවන්ද මෙම සටන් සංදර්ශනයට එක්ව සිටියේය. මෙම ගෝල පිරිස උඩුපිල හා යටි පිල වශයෙන් බෙදී එක් එක් දක්ෂතා නිරූපනය කරමින් තමන් උගත් සටන් කලාවේ හපන්කම් සිය ගුරු දේවයා ඉදිරියේ පෙන්වා දුන්නේ මහත් අභිමානයෙන් යුතුවය. අංගම්පොර සටන් කලාවට අලුතෙන්ම එක්වූ පිරිසකගේ නලල් පටි බැඳ ඔවුන් කුණ්ඩලීනි සටන් කලාවට එක් කරගැනීමද මෙහිදී ගුරු දේවයාණන් අතින් සිදුවිය. ඒ ඔවුන්ගේ අභිසෙස් මංගල්ලය හා සමවිය.
අංගම්පොර සටන් කලාවට අතපොත් තැබූ සිව් හැවිරිදි සිගිති දැරියකද තම දක්ෂතා පෙන්නුම් කරන ලද්දේ අනාගතයේ මේ සටන් කලාව තවදුරටත් රැකගෙන ජාතියේ අනන්‍යතාවයට එක් කරගන්නා පෙරමං සළකුනු තබමිණි.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අංගම්පොර ශිල්ප දක්වමින් ඇදුරිඳුට උපහාර
රොෂාන් Saturday, 30 June 2018 02:25 PM
අගය කල යුතු ක්‍රියාවක්....
nilantha abesinha Sunday, 01 July 2018 02:25 PM
මෙතුමාගේ ආදරණීය කැපවීම ඓතිහාසික කාරණයක්. මොහු කෞතුක වස්තුවක් බඳුය. මෙතුමාගේ ශිල්ප ඥානය හා නිපුනතාවය ආරක්ෂා කළ යුතුය. ඔහුගේ ආදරණීය ගෝල බාලයින් සමග මෙම සටන් කලාව මීට වඩා සමාජ ගත කල යුතුය. එතුමන්ට දීර්ඝායුෂ වේවා.!
s Wijay Monday, 02 July 2018 07:40 AM
මේ ශිල්ප කලාව ඉදිරියට දියුණුකළ හොත් රටටම ආඩම්බරයක්...