IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


අතුරුදන් වූවන් ඉල්ලා කළ සත්‍යග්‍රහයට වසරයි

(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)
යුධ ගැටුම් සමයේ අතුරුදහන් වූවන් සෙවිම සදහා මෙරට ස්ථාපනය කර ඇති අතුරුදහන් වුවන්ගේ කාර්යාලය එක්සත් ජාතින්ගේ සංවිධානයට පෙන්විම සදහා  ලංකා රජය කල බොරුවක් බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අතුරුදහන් වුවන්ගේ හා පැහැරගැනිමට ලක් වුවන්ගේ ඥාතින්ගේ සංගමයේ සභාපතිනි නාගේන්ද්‍රන් ජෙයලක්ෂමි පිල්ලේ මහත්මිය පැවසිය.


ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩව පවත්වාගෙන ආ සත්‍යාග්‍රහයට  අද (03) වසරක් සම්පුර්ණවීම නිමිත්තෙන් පැවැති උද්ඝෝෂණයක් හා පා ගමනක් ආරම්භ කරමින් සභාපතිනිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එසේ පැවසිය.


අතුරුදහන් වුවන් හා පැහැරගැනිමට ලක්වුවන් ගේ  ඥාතින්  විසින් අතුරුදහන් වු හා පැහැරගැනිමට ලක් වුන්ගේ ඡායාරූප  ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය පැවැත්විය.


මෙහිදි තවදුරටත් අදහස් දැක්වු  සභාපතිනි නාගේන්ද්‍රන් ජෙයලක්ෂ්මි පිල්ලේ මහත්මිය,.... “එක්සත් ජාතින්ගේ  සංවිධානයේ ඉල්ලිමට අතුරුදහන්වුවන් සෙවිම සදහා  පත්කල අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ ඉන්න අය අතර මෙම අතුරුදහන් හා පැහැරගත්  ඒවාට සම්බන්ධ අය ඉන්නවා. ඒතුල අපට මේ කාර්යාලය තුලින් සාධාරණයක් ඉටුවන බවට විශ්වාසයක් නැහැ. පසුගිය කාලයේ  අතුරුදහන්වුවන් හා පැහැරගැනිමට ලක්වුවන් සෙවිම සදහා කොමිසන් සභා පත් කළා. ඒවායේ වාර්තා  අදටත් එළි දැක්වුයේ නැහැ. අතුරුදහන් වුවන්ගේ කාර්යාලයටත් වෙන්නේ මේ ටික. අපේ දැවෙන ප්‍රශ්නයට පිළිතුරු ලබාදිම  ප්‍රමාදවිමක් විතරයි මේ කාර්යාලයෙන් වෙන්නේ.
...ජනාධිපතිතුමා අතුරුදහන් වුවන්ගේ කාර්යාලයට සාමාජිකයන් පත් කළද අපේ විශ්වාසයනීය භාවය ඒ තුල නැහැ. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරි දිනවල ජිනිවාවලදී  රැස්වෙනවා. අපි යෝජනා කරනවා අතුරුදහන් වූවන් හා  පැහැරගැනිමට ලක් වූවන් සෙවිම සඳහා ජාත්‍යන්තර කොමිසමක් පත්කරන්න කියලා. අපි විශ්වාස කරනවා ඒ තුලින් අපට සාධාරණය ඉටු වේවි කියලා.“ යැයි සඳහන් කළාය.



අදහස් (8)

අතුරුදන් වූවන් ඉල්ලා කළ සත්‍යග්‍රහයට වසරයි

theshan Saturday, 03 March 2018 02:39 PM

මෙන්න ඩොලර් උදෙසා කෑගහන කෙනෙක්. මේ අතුරුදහන් වූවන්ගෙන් බොහොමයක් දෙනා ඉන්නේ. ඩයස්පෝරාවේ රැකවරණය ලබමින් පිටරට...මේ ගොල්ලෝ මෙහෙම උද්ඝෝෂණය කරනවට මේ ගොල්ලන්ට ගෙවනවා. ඒ නිසා අපි කලබල නොවිය යුතුයි. මේ ගොල්ලෝ කොහෙද දන්නේ නැහැ හිටියේ පහුගිය ආණ්ඩුව කාලයේ? නැට්ට පස්ස පැත්තේ ගහගෙන හිටපු කට්ටිය. දැන් කතා කරන්න නිදහස ලැබුණාම උඩුබුරන්න පටන් අරන්....

:       38       168

sanjeeva Saturday, 03 March 2018 03:44 PM

තවම මේකට අදහස් නැහැ නේ. අතුරුදහන් වුනේ දෙමල කට්ටිය නිසා වෙන්න ඇති.. නැත්තම් මෙලහට අදහස් පෝලිමක් තියෙයි

:       118       11

Pradeep Liyanage Sunday, 04 March 2018 02:34 AM

මේ ගොඩක් අය අතුරුදන් වෙලා තියෙන්නේ තමන්ගේ වගාවන් ආරක්ෂා කරන්න ආයුධත් අරන් යනකොට වෙන්න ඇති. නැත්නම් යුද්ධයකට සක්‍රියව දායක වෙලා අසරණ සිවිල් ගම වැසියන්, කුඩා දරුවන්, බඩදරු මව්වරුන් අමු අමුවේ ඝාතනය කරලා අතුරුදන් වුන පිරිසක් වෙනුවෙන් මේ වගේ සාධාරණයක් කරන්න කියල උද්ඝෝෂණය කරන්නේ නැනේ ශිෂ්ට සම්පන්න මිනිස්සු. ඒ නිසා කරුණාකරලා මේ අය ගැන හොයල බලන්න.

:       30       283

nuwan Sunday, 04 March 2018 04:06 AM

අර ලන්ඩන් වල කොඩි උස්සන් අපු කොටි අතරේ ඔය අතුරුදහන් වෙච්ච අයගෙන් බාගයක් ඉන්නවා. ඒවා ගැන හොයන්න රජයට උවමනාවක් නැහැ නමුත් මේ වගේ බෝඩ් කැලි එල්ලගෙන ලෝකෙට ලංකාව අවමාන කරන කට්ටිය ගැන නම් හොදට හොයනවා.

:       21       223

ඩොන් Sunday, 04 March 2018 09:28 AM

අතුරුදන් වූවන් බෝහෝදෙනා ඉන්නේ යුරෝපයේ වෙනත් නම භාවිතා කරමින් මෙය රජය අපහසුතාවයට පත්කරන්න කරන උපායමාර්ගයකි.

:       17       110

Bamunuarachchi Sunday, 04 March 2018 09:40 AM

අතුරුදන් වූවන් ඉල්ලන්නේ කාගෙන්ද? එක්කෝ වෙඩිකාලා මැරිලා.. නැතිනම් රටින් පැනලා. දෙවෙනි ලෝක යුද්ධයේදී අතුරුදන් වූවන් ගැනත් මේ විදිහට සෙව්වාද? 1989 කාලේ සිදුවුණු අතුරුදන් වූවන් ගැණත් මෙහෙම සෙව්වාද? ඒ අතුරුදන් වූවන් සියල්ලම ත්‍රස්තයින් ගොඩේම ඇති.... රජය කොහොමද දන්නේ මේ අය කොහොම අතුරුදන් වුණාද කියා?

:       19       175

kalpilka Sunday, 04 March 2018 02:31 PM

සිංහල අතුරුදහන් වූ අය ගැන අහන්න ඉන්නේ කවුද?

:       15       114

SAM Sunday, 04 March 2018 10:09 PM

ඕකට උත්තර ප්‍රභාකරන් ගෙන් ගන්ඩ අපායට යන්ඩ වෙයි.

:       0       61

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6693 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 159 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 327 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1001 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site