IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අධිරාජිනිය නික්ම යයි

අභාවප්‍රාප්ත දෙවැනි එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය දින 11 ක ශෝක කාලය අවසන් කරමින් ඉතා ගාම්භීර අන්දමින් ආරම්භ විය.

වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර තිබුණු මහ රැජිනගේ දේහය, රාජකීය නාවික හමුදා සෙබළුන් විසින් හමුදා ගෞරව මැද, වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරට රැගෙන යනු ලැබුණේ චාල්ස් රජුගේ සහ රජ පවුලේ සාමාජිකයන්ගේ ප්‍රධානත්වයෙනි.

කැමිලා බිසව, විලියම් කුමරු, හැරී කුමරු, කේට් කුමරිය, කුඩා ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය ද ඒ අතර වූහ.

වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුරේ දී විශේෂ දේව මෙහෙයක් රැජින වෙනුවෙන් පැවැත්විණි. ඒ සියලු දෙනා විනාඩි දෙකක කාලයක් රැජිනට ගෞරව දක්වමින් නිහඬව සිටීමෙන් ද අනතුරුවය.

මහ රැජිනට අවසන් ගෞරව දැක්වීමට ලන්ඩනයට පැමිණ සිටි සියලු රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ද වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ පැවැති දේව මෙහෙයට එක් වූහ.

දේව මොහෙය පැවැත්වූයේ වෙස්ට්මිනිස්ටර් ප්‍රධානී ඩේවිඩ් හොයිල් පියතුමන් අතිනි. එහිදී පියතුමන්, මහ රැජින ගැන ගුණ කථනයක් කළ කළ අතර බි්‍රතාන්‍ය නව අග්‍රාමාත්‍යවරිය වන ලිස් ට්‍රස්ගේ ඇතුළු බ්‍රිතාන්‍ය රජයේ ශෝක පණිවුඩය ද රැස්ව සිටි පිරිස හමුවේ පැවැසුවේය.

ජාතික ගීය ගායනා කිරීමෙන් පසු දේහය රැගත් රිය පෙරහර වෙස්ට්මිනිස්ටර් දෙව්මැදුරෙන් පිටත් විය.

(රොයිටර්/බීබීසී)



අදහස් (13)

අධිරාජිනිය නික්ම යයි

ලංකාපුත්‍ර Monday, 19 September 2022 06:28 PM

රැජිනගේ උද්‍යාන පාටි සිදුකරන තෙන්නකෝන් මහතා කියන්නෙ එතුමිය පාරවල් අතුගාන කම්කරුවන්ට පවා සංග්‍රහයක් කරල ස්තුති කරනවා කියලා එතුමියට තනිව බැරිනිසා රජ පවුලේ සියලු දෙනාම එම කටයුතු කරනවාලු.ලංකාවෙ ප්‍රාදේශීය සභා මංත්‍රී කෙනෙක් වත් එතරම් නිහතමානීද සිතා බලන්න රැජිනියට නිවන්සැප ලැබේවා

:       8       13

Kumara Monday, 19 September 2022 07:09 PM

අපේ ඒකාධිපති ලොන්ත පොලොස් ඩබලත් ගෙනියන්නැද්ද?

:       34       9

බද්රානි Monday, 19 September 2022 08:43 PM

ගෞරවනීය රැජින යටතේ අපි මේ වෙනතෙක් සිටියා නම්, අද අපි ලෝකයම පිළිගන්න වැදගත් ජාතියක්. දියුණු ඕස්ට්‍රේලියානුවන් පවා තවමත් ඔබ තුමිය යටතේ සිටින්නේ, රජපවුලේ තියන විශිෂ්ඨත්වය හා ඒ තුල ඇති ගෞරාන්විත ආශිර්වාදය ඔවුන් දන්නා නිසයි. පුහු දේශප්‍රේමය ඉහට ගසාගෙන සිටින ජාතියේ නායකයින් ඔබ දෙපතුල ළඟ නිවට ලෙස දන නමන බව තවමත් මේ මෝඩයින්ගේ රටවල වෙසෙන ජනතාවට අවබෝධයක් නැහැ. ඔබලා විසින් ලෝකයේම ඉහලින් තැබූ, "සිලෝන් ටී" වලට අද අත්වී ඇති ඉරණම ගැන කතා කිරීමෙන් පවා පලක් නැහැ. "ශ්‍රී"අකුරත් පුජනීයත්වයෙන් අදහපු මෝඩයෝ සිටි රටක් මේක. ඔබලා දුන් ඉංග්‍රීසි අධ්‍යාපනය නොවන්නට අපට ලෝකෙන් හිඟමන් යදින්නවත් බැරි තත්වයකට තමයි පත්වෙන්නේ. "කුඩල්ලන්ව මෙට්ටේ උඩ තියන්න බැහැ" රැජිනියනී!!

:       206       23

HennayakaTuesday, 20 September 2022 10:13 AM

මුනුයි, මුන්ට ගැති පාලකයොයි එකතු වෙලා ලංකාවෙ හදපු යුද්ධෙ නිසා ගෙවපු යුධ වියදම ඩොලර් බිලියන 220ක්. ලංකාවට අවි විකුණල හොයපු සල්ලි ටික ඉල්ල ගත්ත නම් නේද හොඳ. එයා යටතේ තාම තියෙන අනිත් රටවල් ටික ගැනත් කිව්ව නම් තවත් හොඳයි.. පරගැති බැදිරානි.

:       8       81

බද්රානිTuesday, 20 September 2022 12:59 PM

අනේ, යන්න හෙන්චයියෝ, මෙතන නිකම් පම්පෝරි නොගහ... එතකොට, කාලිංග මාඝ ඉන්දියාවේ කියලා ඉන්දියාවෙන් හිඟා නොකා හිටියාද? මෙතන නිකම් දේශප්‍රේමී සෝබන නැතිව අර මැදපෙරදිග ගිහින් හම්බ කරන ගැහැණු එවන සල්ලිවලින් කාලා, කොහේ හරි රටකින් ණයක් අරගෙන කාල එදාවේල පිරිමහගෙන ඉන්නවා හලෝ. නෙළුම් කුළුණ උඩට නැගලා ගහපු රස්සේ වෙන්න ඇති... මේ අපට පෙන්නන්නේ.. ගිහින් සුද්දගේ තේ එකක් බීලා නිදාගන්නවා.. එතකොටවත් ඔය ගතිය ටිකක් මගහැරිලා යයි.

:       0       0

ChanukaTuesday, 20 September 2022 11:51 AM

උපන් බිමට කිසිදා ගරහන්න එපා දෙමාපියන් අමතක කරලන්න එපා සෙවණ දුන් ගසේ අතු සිඳලන්න එපා ගස සිඳවා හිස සිඳවා ගන්න එපා වැදූ මවයි මිහිකතයි සමයි සිතාපන්නේ පියා නුඹේ නුඹ රටයි කියා සිතාපන්නේ.

:       0       19

බද්රානිWednesday, 21 September 2022 08:06 PM

උපන් රටයි. ඒ රටේ වෙසෙන ජාතියයි කියන්නේ එකක්ද? අපි උපන් රට පමණක් නොවෙයි විවිධ ස්වභාව ධර්මයෙන් පරිපුර්ණ මේ ලෝකයේ සියලුම භූමියන්, කාන්තාර පවා ලස්සනයි. නමුත් ඉතාම අධම, අශිෂ්ඨ ආකල්ප වලින් යුත්, මිලේච්ඡ ගෝත්‍රික රැලකට මේ ලංකාව කියන සුන්දර භුමිය හිමි වීමේ වේදනාව තමයි මට තියෙන්නේ. මෙවැනි සුන්දර පින් භූමියක් හිමිවිය යුත්තේ, රැජිනගේ රටේ ජාතියට හෝ එවන් උසස් වෙනත් ජාතියකට බව මම දැනුත් කියනවා. එය එසේ වුණා නම් අද ලංකාව කියන්නේ සුරපුරයක්. මේ සිංහල ජාතිය තරම් අනෙකාගේ පීඩාව, තමන්ගේ ආදායම (ඉල්ලමක්) කරගන්න ජාතියක් මම නම් දැක නැහැ. පුළුවන් නම් බොරුද කියන්න...?

:       0       1

Rexi Monday, 19 September 2022 09:12 PM

සමාදානයේ සැතපේවා...!

:       0       0

sharm warn Tuesday, 20 September 2022 09:02 AM

රජකම් කලත්.. එන්න කිව්වම යන්න වෙනව.. කාටත් පොදුයි..

:       0       85

ලක්ෂ්මන් Tuesday, 20 September 2022 09:36 AM

සහතික ඇත්ත .මම ඊයේ ඇහුවා රැජිනගේ උද්‍යාන පාටි සංවිධායක ධනංජය තෙන්නකෝන් මහතාගේ කතාව එතුමා කිව්වෙ රැජින නගරයේ මාර්ගය අතුගාන කම්කරුවන්ට පවා පාටියක් දීලා ඔවුන් සමග කතා කරනවා කියලයි.එතුමිය සමග එයට රජ පවුලේ සියලු දෙනාමත් සහභාගී වෙනවා කිව්වා .ඇත්තටම ලංකාවෙ පාලකයෙක් නොවෙයි රජයේ ප්‍රාදේශීය ලොක්කෙක් වත් එහෙම හමුවෙන්න පුලුවන්ද මමත් පළාත් පාලන ආයතනයක හිටියා මට පෙර සිටි අය නිසා කම්කරුවන් තමන්ගෙ කටයුතු කරගන්නෙ ඔවර්සියරලා නැත්නම් නාගරික මංත්‍රී හරහා ඒතරම් කම්කරුවන් නිළධාරින්ට බයයි .මම එය වෙනස්කලා.දැන් කොහොමද දන්නෙ නැහැ

:       46       5

Kevin Tuesday, 20 September 2022 10:01 AM

අධිරාජනිය කියන එක වැරදී...ලෝකෙටම ඉන්නේ එක අධිරාජ්‍යයි...ඒ ජපන් අධිරාජ්‍යයා විතරයි...මෙයා රැජිනක් විතරයි...

:       2       31

Ruwan R Tuesday, 20 September 2022 11:12 AM

අර ඉතිහාස පොතට ගිය කෙනා පේන්න නෑ නෙ...

:       1       5

jayasekara Tuesday, 20 September 2022 12:09 PM

මොනවා වුණත් මේ ලෝකයේ දැනට වැඩියෙන්ම පින් කළ කාන්තාව...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 128 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6697 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18381 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 640 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 324 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site