IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අධිවේගී තුනක් යා කරන කැලණි කේබල් පාලමේ වැඩ අවසන් අදියරේ

අධිවේගී මාර්ග තුනක් යා කරමින් ඉදිකළ කේබල් පාලමේ වැඩ මේ වන ඉදිකිරීම්වලින් සියයට 99.5ක් අවසන් කර ඇතැයි එහි ඉංජිනේරුවෝ පවසති.

දිගින් මීටර් 380ක් පමණ වන මෙම ඉදිකිරීම් සඳහා බිලියන 9.8ක් පමණ වැය කර ඇත.

අධිතාක්ෂණික කේබල් ආධාරයෙන් ඉදිකෙරෙන නව කැළණි පාලම ලබන මස අවසන් සතියේ විවාත කිරීමට නියමිත බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

කටුනායක අධිවේගී මාර්ගය, කොටුව අධිවේගී මාර්ගය සහ ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා ඉදි කෙරෙන අධිවේගී මාර්ග යා කරමින් මෙම මාර්ගය ඉදිකරයි.

කටුනායක සිට මෙම පාලම ඔස්සේ කොටුවට පැය භාගයකින් ළඟා විය හැකි බව ද ඉංජිනේරුවෝ පවසති.

ඡායාරුප ශාන්ත රත්නායක 

 

 



අදහස් (24)

අධිවේගී තුනක් යා කරන කැලණි කේබල් පාලමේ වැඩ අවසන් අදියරේ

podi malli Tuesday, 14 September 2021 09:21 AM

ඕක විවෘත කරනකොටත් බෙර,නැටුම්,උත්සව,පෙළපාලි නැතිව කලොත් තමා වටින්නේ. මොකද මේවා හදපුවට ගෙවන්නේ හිඟන්නා කන බනිස් ගෙඩියේ ඉදන් ගහන බදු වලින් මිසක් එන එන පාලකයෝ ගෙදරින් ගේන ඒවගෙන් නොවේ.

:       14       123

RaveendraTuesday, 14 September 2021 02:41 PM

ඔබගේ අදහස් "200%ක්" නිවැරැදිය. අපේ රටේ පමණයි මෙවැනි ගොන් පාට් වැඩිපුරම තිබෙන්නේ... අනෙත් වැදගත්ම දේ නම් සියලුම දේශපාලුවන් තමන්ගේ එක ශතයක්වත් වියදම් නොකර බෝඩ්වල මූසල නම්ගම් පතරංග ජාතක අකුරුවලින් ලියා ගැනීමයි. මෙය සෑම බලයට පත්වූ දේශපාලුවන්ගේ "මානසික" ලෙඩකි.

:       3       35

රංජිත්Wednesday, 15 September 2021 07:55 AM

ණය ගෙවන අදියරේ වැඩ පටන් ගන්නෙ කවද්ද?

:       1       1

මාම Tuesday, 14 September 2021 10:00 AM

කිරිඇල්ල කියයි අපියි හැදුවෙ කියල, ජෝන කියයි අපියි කෙරුවෙ කියල, ඔය එක්කෙනෙක් වත් කියනවද මේව කලේ ජනතාවගේ සල්ලි වලින් කියල.

:       6       111

wimal Tuesday, 14 September 2021 11:54 AM

ලස්සනයි, අපිට, අපේ රටට හොඳ දෙයක්...

:       5       36

himal Tuesday, 14 September 2021 12:13 PM

මේ පාලම ගොඩ නැගීමට ආධාර දුන්නේ ජපානයයි.

:       1       49

jayath Tuesday, 14 September 2021 12:44 PM

දැන් ඉතින් දේශපාලකයෝ ටික පොරකාවී ඕක කොරේ අපි කියල කවුරු කොරත් මේක නම් හොද වැඩක්. මොකද මෙතනින් යන එන අපියි දන්නේ සමහර දවසට මෙතන තියන කරුමය

:       4       33

manoj Tuesday, 14 September 2021 01:21 PM

කොළඹ තවත් හොඳට හදන්න පුළුවන්... තැන තැන තියෙන පොඩි ගොඩනැගිලි වෙනුවට කෙළින්ම තට්ටු 50ට එහා ටවර් හදන්න පුළුවන් නම්.. එතකොට ගොඩක් ආයතන නිවාස පිහිටි එකතැනකට ගේනවා. එවිට ගොඩක් ඉඩ ඉතුරු වෙනවා. ඕන විදිහට පාරවල් හදන්නත් පුළුවන්. කුණු බක්කියක් වගේ උඩ ඉඳන් බැලුවාම මැච් එක වෙලාවට පෙන්නනවා. බලන්න කැතයි. මීට වඩා හොඳ ප්ලෑන් එකක් ඕනෑ කොළඹ හදන්න.

:       1       32

aseTuesday, 14 September 2021 03:49 PM

කොළඹ තියෙන්නේ ලංකාව ඇතුළතද? නැවත ලංකාව තියෙන්නේ කොළඹ ඇතුළතද? තට්ටු 50? අපට හරිහැටි යාගන්න පාරක් නැහැ. පාරේ ලාම්පුවක් නැහැ. 6න් පසු බසයක් නැහැ. අපි ලංකාවේ නොවෙයිද?

:       5       10

wimalasena H.D.Wednesday, 15 September 2021 12:22 AM

මේක හදලා ඉවර වුනාම ලස්සනට තියෙයි.

:       1       7

NuwanWednesday, 15 September 2021 05:44 AM

හදන්න පුලුවන් තැන හදාගන්න. චීනෙ හැදුවෙ ආර්ථික කලාප 4ක්. ඒ 4 නිසා රටටම ප්‍රතිලාභ ලැබෙනවා. දුප්පත්කම නැති කරන්න අවශ්‍ය නියම ධනවාදය රටේ තාමත් ස්තාපිත නොවුනේ ජාතිවාදීන්, සහ මාක්ස්වාදීන් කරපු ත්‍රස්තවාදී ක්‍රියා නිසා. 77 ඉදන් අවුරුදු 44 අපතේ ගියා. වැඩ කරන විරුවො ඉන්නෙ පුද්ගලික අංශයේ. නමට විරුවො ඉන්නෙ ආන්ඩුවෙ. කාඩ්බෝඩ් වීරයො ඉන්නෙ විපක්ෂයේ.

:       0       1

චන්දන Wednesday, 15 September 2021 08:06 AM

ඔබ කියන කතාව ඇත්ත. නමුත් බලන්න මේ අදහස් වලට විරුද්ධ අය කීයක් ඉන්නවද කියල. එහෙම එකේ රටක් සංවර්ධනය වේද. ඉස්සර කොළඹ ලස්සන කරන කොට කී දෙනෙක් විරුද්ධ උනාද. දියත උයන හදන කොට කියපු දේවල් මතකද. හැබැයි ඉවර වුනාට පස්සේ දැන් මාර ගතියි කියාගෙන ඇවිදින්න යන්නේත් එයාලම තමා.

:       0       2

kamal Tuesday, 14 September 2021 01:24 PM

තාම කවුරුවත් කිව්වේ නැතිද මේක ලෝකෙ ලොකුම එක, දිගම එක, පළලම එක වගේ ලෝකෙ පරද්දන කියමනක්...?

:       10       25

chanaka Tuesday, 14 September 2021 02:21 PM

මේක කළේ ජපානයේ ජනතාවගේ සල්ලිවලින්...

:       3       17

kamalTuesday, 14 September 2021 03:05 PM

ජපානේ මිනිස්සු වැඩ වර්ජන කරන්නේ නැතිව දවසකට පැය 10-12 වැඩකරලා ගෙවූ අයබදුවලින් සෑදු මෙවැනි දෙයක් ලබන්න අපේ ජාතිය සුදුසු නෑ..

:       0       29

ChandimaWednesday, 15 September 2021 06:14 AM

එහෙනම් ඒ පාලමෙන් නොයා ඉන්න. ඉවරයිනේ කතාව

:       1       1

ganegoda Tuesday, 14 September 2021 02:27 PM

විවෘත කරනවද? ජනතා අයිතියට පත් කරනවද?

:       1       9

Bishan Wednesday, 15 September 2021 12:04 AM

කමක් නෑ බයියන් සතුටින්නේ ඉන්නේ

:       8       5

Chandima Wednesday, 15 September 2021 12:14 AM

මාරයි ඒ පාලමත් අර නෙලුම් කුලුන වාගේ සතුටට එක පාටක් ශෝක වෙන්න තව පාටක් තරහ ගියාම තව පාටක් දාන්න පුලුවන්නේ.?

:       5       6

bandara Wednesday, 15 September 2021 12:15 AM

අපට පාරේ පාට පාට ලයිට් විතරයි අඩුවක් තිබුනේ. දැන් එකත් හරි.

:       11       7

karuWednesday, 15 September 2021 10:00 AM

මොනවා නැති උනත් සෝබන සෙවල දර්ශන වලනම් කිසිම අඩුවක් නැහැ

:       2       1

සුදත් ශ්‍රී Wednesday, 15 September 2021 07:06 AM

මම ඉන්න රටේ, මම වැඩ කරල ගෙදර යන පාරෙ අලුතින් ගුවන් පාලමක් හැදුවා. අවුරුද්දකට විතර පස්සෙ පාලමේ වැඩ ඉවරකරලා, වැඩ කරපු අය දෙපැත්තෙන් වහල තිබුන පොලිතින් පටි ටික සුද්ද කරල දාල ගියා. එදා ඉඳලා පාලම වාහන වලට විවෘතයි.

:       1       5

sugathWednesday, 15 September 2021 10:06 AM

ඔය ඉන්න රටේ පාලම හැදුවේ එයාලගේම මුදල් වලින් ,අපේ රටේ මොනවා හැදුනත් හැදෙන්නේ ණය ආධාර සම්මාදන් මුදල් වලින් .ඒ නිසා තමයි ඔය තොරණක වගේ පාට විදුලිබුබුලු දාගෙන දාන්න තියන හැම සෝබනයක්ම ,දර්ශනයක්ම දාගෙන උඩ පනින්නේ

:       1       1

wicky Wednesday, 15 September 2021 07:23 AM

ඔතන පාළම හදල දැන් සාමාන්‍ය පාරෙ වතුර පිරෙනවා. මේක වහින රටක්.. වතුර බහින්න තියෙන්න ඔනි. මොක හැදුවත් දැන් ඕකෙන් අපිට යන්න බැහැනෙ. අපි යන පාර යට වෙනවා. ආපහු ට්‍රැෆික් වෙනවා. වැඩක් කරනකොට තිබ්බ පාර කාල දානවා. ඔක ගිහින් ඔරුගොඩවත්තෙන් බහිනකොට. ඔරුගොඩ වත්තෙ ඉදල පාර පළල්ද ? මන්තීරු කීයද? දැනටත් හිර වෙන තැන් විදියට දකින්නෙ ඔරුගොඩ වත්ත. එ ටිකත් හරිනම් පහු කරගෙන යන්න ඔනි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 127 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6697 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1334 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 559 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 302 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 453 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site