IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අනතුරින් පසු බසයට ගිනි තබයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)

අවිස්සාවේල්ල මානියම්ගම මාර්ගයේදී 65 හැවිරිදි පාපැදිකරුවකු ඇඟලුම් කම්හල් සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයකට යට වී මිය යාමත් සමඟම කුපිත නගරවාසීන් බස් රථයට ගිනි තබා විනාශ කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 65 ක වයෝවෘද්ධ පුද්ගලයයෙකි.

බස් රථයට ගිනි තැබීම හේතුවෙන් අවිස්සාවේල්ල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මානියංගම මාර්ගයේදී යතුරුපැදිකරු බස්රථයට යට වීමත් සමගම බස් රථයේ රියැදුරු පලා ගොස් තිබූ අතර අවිස්සාවේල්ල පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු බස් රථය පණගන්වා අවිස්සාවේල්ල නගරයට ගොස් පොලිසිය කරා පැමිණෙමින් සිටියදී කුපිත වූ නගරවාසීන් බස් රථය වටකරගෙන ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

ගිනිතැබීමෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 



අදහස් (23)

අනතුරින් පසු බසයට ගිනි තබයි

යෝගා Saturday, 15 January 2022 08:25 PM

අයිතිකාරයා කවුරු වුණත් දේපලක් විනාශ කිරීම රටට වෙන පාඩුවක්... ගිනි තියපු අයට දැඩි දඬුවම් දිය යුතුයි.

:       0       2

Rohana Saturday, 15 January 2022 09:54 PM

රියදුරා වැරදිනම් ඔහුට දඩුවම් කරනු විනා ගමන්යාමට ඇති බස් රථය විනාශකිරීමෙන් ඇති ඵලය කුමක්ද? මෙයින්වන්නේ එම මාර්ගයට බස් රථය අහිමිවීම පමණයි.

:       4       23

BamunuarachchiMonday, 17 January 2022 08:03 AM

ඒක තමයි සිද්දිය දැක්ක මිනිසුන්ගේ ආවේගය. ඇමරිකාවේ බ්ලැක් ලයිව්ස් මැට්ටර් ක්‍රීයාත්මක උනේ අන්න එනිසා. සුදු පොලිස්කාරයාට දඬුවම් ලැබෙන විට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. ලෝකේ මේ තාක් දුරට වෙච්ච සිද්දි ගැන හිතලා කතා කරන්න තද වෙච්ච බස් ඩ්‍රයිවර් කෙනෙකුගේ තත්වයට වැටෙන්නේ නැතිව. නීතියෙන් ලැබෙන දඬුවමට වඩා බයයි පාරේ මිනිසුන්ගෙන් ලැබෙන දඬුවමට. පික්පොකට් කාරෙයෙක් අසුඋනාම ගෙදරට පන්න හොරෙක් අසු උනාමත් නීතිය ක්‍රීයාත්මක කරනකන් බලන් ඉන්නවාද ? ඇයි මේ බොරු කතා?

:       0       0

SujeewaMonday, 17 January 2022 07:41 PM

නව බස්රථයක් නිපදවීමට හෝ අලුත් බස්රථයක් ආනයනය කිරීමට ඩොලර් 30,000ක් පමණ වැයවේ. ඩොලර් අර්බුදයක් ඇතිකළ වකවානුවක ජනතාව ක්‍රියාකළ ආකාරය, රටේ ඉන්නේ මන්ද බුද්ධික ජනතාවක් යැයි සනාථ කිරීමකි.

:       0       1

හෆීස් Saturday, 15 January 2022 10:46 PM

මුලිං පාපැදිකරුලු පස්සෙ යතුරුපැදි කරුලු..මොනවද මේ වගකීමක් නැති පුවත්..අබිලිංල එන්සිනාල මාජ්ජ කාරයො මාජ්ජ කතෘවුනාම වෙන දේවල් තමා ඉතිං

:       3       11

Prabha Sunday, 16 January 2022 03:04 AM

අතට ගත් විට ඔබේ රථයේ ඉගිලිලා නොයනු .80 ගණන් වල ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරපු ගීතය මතක් උනා

:       1       8

සිරිකාන්ත Sunday, 16 January 2022 05:49 AM

මානියංගම පාරෙ යන්නෙ පාර තමන්ගෙ පමණක් කියලා හිතන අය.දවසක් අපේ පවුලේ අය තල්දූවට ගොස් පනාවල හිතවත් මෙන්ම දුරින් නෑයෙක් සිටින නිවසට මානියංගම පාරේ ගියා අවිස්සාවේල්ලේ උසාවිය පසුකර ටික දුරකසිට ඉදිරියෙන් ගිය ත්‍රීවීලර් එකක් දකුණට සිග්නල් දමාගෙන පාර මැදින්ම පනාවල දක්වාම පැයට කි,මීටර් 20 ක පමණ වේගයෙන් ධාවනය කලා .අපට බොහෝ ප්‍රමාද වුනා මෙහි සයිකල් කරුත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්

:       0       8

Bamunuarachchi Sunday, 16 January 2022 08:11 AM

මේවගේ ඒවා කීපයක් සිද්දවෙනකොට නිකම්ම බස් කාරයෝ හැදෙයි.

:       15       8

JagathSunday, 16 January 2022 02:08 PM

නීතිය හරියට ක්‍රියාත්මක වෙන රටක මේ වගේ සිදුවීම් සිදු වෙන්නේ නෑ.ගොන් වහල් මැට්ටාට ඒක තෙරුම්ගන්න බෑ.

:       0       15

BamunuarachchiMonday, 17 January 2022 07:25 AM

ගොන් මැට්ටෝ නීතිය හරියට ක්‍රීයාත්මක වෙන නිසාද ඇමරිකාවේ බ්ලැක් ලයිව්ස් මැට්ටර් ක්‍රීයාත්මක උනේ.

:       0       0

BamunuarachchiMonday, 17 January 2022 07:27 AM

මැන්ගොට්ටෝ, මිනිසුන්ට ආවේගය ආවාම නීති හොයන්නේ නැහැ. ඒකයි කොස් ගෙඩියට, පොල් ගෙඩියට මිනී මරන්නේ... !

:       0       0

BamunuarachchiMonday, 17 January 2022 07:32 AM

පිට පළාතකින් යන කෙනෙක් බලපිටිය පැත්තේ ඇක්සිඩන්ට් එකක් කරගන්න භය මොකද නීතිය නිසාද? නැහැ... ගමේ අයියලා එන්නේ අනින මඩේ අරන්. පිටින් යන මිනිස්සු බිය නීතියට නොවෙයි, ඇක්සිඩන්ට් එක වුණොත් ලැබෙන දේටයි. තේරුණාද ගොයියෝ...?

:       0       0

BamunuarachchiMonday, 17 January 2022 07:53 AM

ප්‍රයිවෙට් බස් ඩයිවර් කෙනෙකුට තද වෙලා වගේ? පරිස්සමින් බස් එක එලවපන් නැතිනම් ඔය සැන්තෑසිය තමයි හම්බ වෙන්නේ.

:       0       0

Ruhunu Sunday, 16 January 2022 10:31 AM

ඒක හොඳ ක්‍රියාවක්

:       11       3

fairoos Sunday, 16 January 2022 12:41 PM

මෙහෙම කඩා කප්පල් වැඩ කරන අයට නිසි දඬුවම් දිය යුතුමයි

:       2       8

BamunuarachchiMonday, 17 January 2022 07:38 AM

පාරේ ගිය මිනිහාගේ ජීවිතය කඩාකප්පල් කරපු එකාගේද? පාරේ ගිය මිනිහාගේ ජීවිතය කඩාකප්පල් කර පැනලා ගිය ඩ්‍රයිවර්යාගේද? බස් එක ගිනිතබා කඩාකප්පල් කරපු එකාගේද? මම දකින විදිහට නිසි දඬුවම් ලැබිලා තිබෙනවා.

:       0       0

BamunuarachchiMonday, 17 January 2022 07:40 AM

මෙච්චර කැක්කුමක්? බස් එක මුසල්මානුවෙකුගේ වත්ද?

:       0       0

Lal Sunday, 16 January 2022 12:59 PM

නීතිය වලපල්ලටම ගිහින් තිබෙන රටක මෙවැනි දේ සිදුවීම අරුමයක් නොවේ...

:       3       17

BamunuarachchiMonday, 17 January 2022 07:50 AM

මිනිසුන්ට ආවේගය ආවාම නීති හොයන්නේ නැහැ. එකයි කොස් ගෙඩියට පොල් ගෙඩියට මිනී මරන්නේ? මිනිස්සු බස් කාරයින්ගේ කෙරුවාවල දන්නවා. නීතියේ හැටියට බස් ඩ්‍රයිවර්ට ඇපලබෙනබව දන්නවා එහෙමනම් මියගිය පුද්ගලයාට වෙන සාදාරයන මොකක්ද? බස් ඉන්සුව්රන්ස් එක නිකම්ම වන්දිගේවන්නේ නැත. ඒ සඳහා නඩු කිවයුතුයි. කව්ද මියගිය පුදගලයා වෙනුවෙන් නඩු කියන්නේ?

:       0       0

ගමේ එකාලා Sunday, 16 January 2022 10:48 PM

මෙහෙමත් ඉවක් බවක් නැතුව වැඩ කරන මෝඩ මිනිස්සු . බස් එකට ගිනි තිබ්බම ඔක්කොම හරි කියලා හිතාගෙන ඇති .අල්ලගන්ඩ තිබුනේ රියදුරාව?

:       0       0

හසිත අම්බලන්ගොඩ Monday, 17 January 2022 11:08 AM

88,89 කාලේ ජේවීපී සහෝදරවරැ කලෙත් මේකම තමයි. රියාදුරැ හොද නැත්නම් ඔහු ඉන් ඉවත් කරලු විනා බස් රථය ගිණි දැමීම සුදුසු නැහැ.මෙහෙම අපරාධ කොච්චර කලාද..ඇත්ත කථා කරනව නම් ඒවත් අපේ රට මේ තත්වයට පත් වෙන්න හේතුවක් වුනා.අම්බලන්ගොඩ ඩිපෝවේ බස් 28 ක් පමණ ගිණි තැබුවා. ඇඹිලිපිටිය,කතරගම,මාතර වැනි ඩිපෝවල බස් 100 කට වඩා ගිණි තැබුවා.ජේආර් ඒවා රැපියල් 100 ට විතර වික්කා.මේව බොරැද.හැම එකාම කල පව් දැන් අපි ගෙවනවා.

:       2       10

උද්ධිකTuesday, 18 January 2022 08:09 AM

මම අහලා තියෙනවා, වේරහැර බස් කර්මාන්තශාලාව විකිණීමෙන් පස්සේ ඒ ගත්තු පුද්ගලයා බස් රථවල ඩිෆරන්සර් සහ අනෙකුත් ද්‍රව්‍ය යකඩ වලට විකුණලා ඒ වියදම් කළ ලාභය හොයා ගත්තා කියලා. දකුණු ආසියාවෙන් අපේ ලංගම තමා ඉස්සෙල්ලාම අර්ධ සුඛෝපභෝගීඑ බස් රථයක් නිෂ්පාදනය කරලා බදුල්ල සිට කොළඹට ධාවනය කරලා තියෙන්නේ. කෙසේවෙතත්, බස් රථ හෝ අනෙකුත් වාහන අනතුරකට පස්සේ ගිනි තැබීමෙන් වාහනයේ සාක්ෂි විනාශ වෙනවා. රියදුරා නිදහස් වෙනවා. ඔහු වැරදි වුණත්, ඒ වගේම පාරේ යන අනෙකුත් අය තම තමන්ගේ ආරක්ෂාව බලාගන්න ඕනෑ... මොකද ගෙදර සාලේ ඇවිදිනවා වගේ පාරේ යන්න බැහැ...

:       0       0

sam Tuesday, 18 January 2022 11:52 AM

හඳ පලුවේ සෙට් එකක් වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6187 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7638 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18277 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1255 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9437 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 592 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36121 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site