(ඩයනා උදයංගනී)
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පෙහෝ දිනය අදට (24) යෙදී ඇත.
ශ්‍රී ලාංකික ජනතාවට සුවිශේෂී වූ දිනයක් ලෙස පොසොන් පෝය දිනය හඳුන්වාදිය හැකිය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස නිර්මල බුදුදහම රැගෙන වැඩම කරවනු ලබන්නේ ද අද වැනි දිනකය.
අනුරාධපුරය, මිහින්තලා පර්වතයට වැඩම කළ මිහිදු මහරහතන් වහන්සේ ලක්දිව එදා පාලනය කළ දෙවන පෑ තිස් නිරිදුන් හමු වූ ඓතිහාසික දිනය වූයේ ද අද වැනි පොසොන් පොහෝ දිනකය.
තවද පොසොන් පුන් පොහොය දිනයේ දී සිදුවූ සුවිශේෂීවු සිදු වීම් කිහිපයක් ගැන ශාසන ඉතිහාසයේ සඳහන් වේ . ඉන් වැදගත්ම එකක් නම් අප මහ ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි” වැඩහිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදු පියාණන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීමද,
ලක්දිව ප්‍රථම මහණ උප සම්පදාව වන “භණ්ඩුක” උපාසක මහණ උප සම්පදාවද මෙම උතුම් පොහොය දිනදී සිදු වන්නේ ද අද වැනි පොසොන් පොහෝ දිනකදීය.
“මිහිදු” මහ රහතන් වහන්සේ ඇතුලු ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා මුණ ගැසීමෙන් අනතුරුව රජතුමා ඇතුළු පිරිස පංච සීලයේ පිහිටුවා ඔවුන් හට “චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කළේද මෙම උතුම් පොසොන් පොහොය දිනයේ දීය.
ජාතියක් වශයෙන් අපේම වූ ආගමක්, සංස්කෘතියක්, කලාවක්, සමාජ සාරධර්ම,සාහිත්‍යය ලෝකයම පිළිගත් ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක් කරන්නට මිහිදු හිමියන්ගේ ලංකා ගමනය ඉවහල් වු බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.
කොවිඩ් වසංගතතත්වය රට පුරා ව්‍යාප්තවීම හේතුවෙන් මෙවර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ දී ද ආගමික කටයුතු නිවසට පමණක් සීමා කිරීමට බෞද්ධ ජනතාවට සිදුව තිබේ.
කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වෙමින් නිවෙස්වලමට වී ආගමික වතාවත්වල නිරත වන ලෙස මහ නා හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය ද බෞද්ධ ජනතාවට උපදෙස් දුන්හ.
මෙවර රාජ්‍ය පොසොන් උත්සවය ඓතිහාසික මිහින්තලා පුදබිම කෙන්ද්‍රකර ගනිමින් අද (24) පැවැත්වෙන අතර එය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංවිධානය කර ඇත.
රාජ්‍ය පොසොන් උත්සවයට සමඟාමීව සිතුල්පව්ව සහ තිස්සමහාරාම රජ මහා විහාරස්ථාන මූලික කරගනිමින්ද උත්සව මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙම උත්සව සංවිධානය කර ඇත.
මීට අමතරව සීමාසහිත විජය පුවත්පත් සමාගම ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී වාර්ෂිකව පවත්වන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් අද (24) පස්වරුවේ පැවැත්වේ.
කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ඉකුත් වසරේද ජනතාවට පොසොන් පොහොය නිවසේ සිට සැමරීමට සිදුවූ අතර 2019 වසරේද පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් පොසොන් සමරන්නට සිදුවූයේ සීමා යටතේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පොහෝය අදයි
Manjalee prasadi abewickrama Saturday, 27 August 2022 05:07 PM
අපි නොදන්න දේවල් ගැන දැන ගැනීමට මෙය අපිට පිටුවහලක් විය. තවතවත් ඔබසැමට තෙරුවන් සරණයි..!
LeSaturday, 13 May 2023 09:59 PM
ප්‍රථම රහතන් වහන්සේ කවුද?
පක්ෂීන් ගැන කොළඹ හා Friday, 29 December 2023 10:54 AM
මෙම ක්‍රමය භාවිතා නොකර සිටීම සහ එරට රජය නොමසුරුව අවශ්‍ය වන අතර එහි ඇති වැදගත්කම අඩු කිරීම මම හෙට ඉස්කෝලේ කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් ඕනෑ විදිහකට නොමිලේම එවන්න. මෙන්න ලිපිනය බලන්න. මම හෙට ඉස්කෝලේ එන්නේ නෑ. ගෙදර ඇවිත් කෑමත් කාලා නෑ.