(කාංචන කුමාර ආරියදාස)
ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු කිලෝ ලක්ෂ 50 කට අධික ප්‍රමාණයක් අද (26) ලැබීමත් සමඟ නගරයේ වාහන තදබදයක් මෙන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලින් ජනතාව ඉවත් වීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
උදෑසන සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිරිපිට පිහිටි ඒ 9 ප්‍රධාන මාර්ගය දෙපස එළවළු රැගෙන ආ ලොරි රථ දිගු පෝලිම් දැකගැනීමට හැකි විය.
ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත ද සෑම මාර්ගයක්ම එළවළු ලොරි වලින් පිරී ඉතිරී ගොස් තිබිණි.
ගොවීන් විසින් රැගෙන ආ එළවළු බොහෝමයක ඉතා මධ්‍යස්ථව මිල පැවති අතර ඇතැම් එළවළු ඉහළ මිලකට අලෙවි විය.
තවත් එළවළු වර්ග කීපයක් ඉතා පහළ මිල ගණන් යටතේ අලෙවි වීම සිදු වූ බව වෙළෙන්දෝ පවසති.
මේ අතර එළවළු රැගෙන ආ සහ මිලදී ගැනීමට පැමිණි බොහෝ දෙනා ආර්ථික මධ්‍යස්ථානය තුළ සේවය කරන බොහෝ දෙනා සොඛ්‍ය ආරක්ෂිත ක්‍රම වලින් ඉවත්ව කටයුතු කරන අයුරු අද 26 උදෑසන ආර්ථික මධ්‍යස්ථානයේ දී දැක ගැනීමට හැකිවිය
විනාඩි 5කට වරක් අර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කරගෙන සෞඛ්‍ය ආරක්ෂිතව සිටින ලෙස උපදෙස් ලබා දීම සිදු කරති .එමෙන්ම අත සේදීම සඳහා සබන් ජලය තබා තිබුණද ඒවා කිසිවක් බොහෝ දෙනකු අනුගමනය නොකරන අයුරුද ආර්ථික මධ්‍යස්ථාන දී දැක ගැනීමට හැකි විය.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අංශ මගින් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන සෑම අයකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම සිදු කරදී එහෙත් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළත වීමෙන් පසු වූ බොහෝ දෙනෙකු මුඛ ආවරණ ඉවත්කරමින් මීටරය දුර පරතරය තබා ගැනීමකින් තොරව සිටින අයුරු දැකීමට හැකිවිය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙදින වම්බටු මෑකරල් බණ්ඩක්කා කරවිල පතෝල ආදී පහත රට එළවලු සඳහා ඉහළ මිලක් ලැබෙන බව වෙළෙන්දෝ කියති. කැරට් කිලෝව රුපියල් 40 සිට 60 දක්වා මිලකට අලෙවි විය බෝංචි කිලෝවක් රුපියල් 200 ඉක්මවා අලෙවි වීම ද විශේෂත්වයකි කින්නියා වලින් ලැබී තිබු මුරුංගා කිලෝව රු 125 කට අලවි විය .
සමස්තයක් ගත්කල ගොවියාටත් පාරිභෝගිකයාටත් මධ්‍යස්ථ මිලක එළවළු අලෙවි වන බව වෙළෙන්දෝ කියති.
දඹුල්ල නගර මධ්‍යයේ ද දැඩි වාහන තදබදයක් දැක ගැනීමට හැකි වූ අතර ඇතැම් බස් රථ වල මගින් ප්‍රමාණයට වඩා වැඩියෙන් පටවා ගෙන යන අයුරුද ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට දී දැක ගැනීමට හැකිවිය.
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඇඳිරිය ඉවත් කිරීමෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය එළවලු වලින් පිරී යයි
vidya Tuesday, 26 May 2020 06:04 AM
අපි කොපමණ සතුටුද මෙවැනි දසුනක් දකින්න? මින් ඉදිරියටත් මහන්සි වී වැඩකර අපර අහාර සපයන අයට දිරිය ලැබේවා! ඔවුනට සෙතක් සෑදේවා!
ranaTuesday, 26 May 2020 06:59 AM
ඔබට ගරු ! දැන් සිතන්න අපි සැවොම වගාව පටන් ගතහොත් මේ අය ?
sunil perera Tuesday, 26 May 2020 08:32 PM
මේ මහන්සිවී වැඩකරන අහිංසක අපේ ගැමි ජනතාව සොබාදමින්ම ආරක්ෂා කර දෙත්වා ...!! තෙරුවන්ගේ මහානුභාව සම්පන්න බලෙන් ඔබ සැමගේ ජීවන මග කායික මානසික සුව බව ආරක්ෂාවේවා... පනවා ඇති නීති ගැන දැනුවත් වේවා ...!!