IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙයි

(ඡායාරූප සහ විස්තර - නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ)

කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් ජලය ගලා බසින කෙසෙල්ගමු ඔයෙන් පෝෂණය වන ගිනිගත්හේනේ පිහිටි ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධය කිරිමට පියවර ගෙන ඇති බව අඹගමුව ප‍්‍රාදේශිය සභාවේ ලේකම් එස්. සරවනබවන් මහතා පවසයි.

ඇළදෝනා ඇල්ල වශයෙන් හැදුන්වු මෙම දියඇල්ල සුදු අධීරාජ්‍යවාදින් විසින් ඇබර්ඩින් ඇල්ල වශයෙන් නම් කර ඇත. කෙසෙල්ගමු ඔයේ අවසන් දිය ඇල්ල ලෙස ගලා හැලෙන මෙම දියඇල්ල ලක්‍ෂපාන දියඇල්ලට පහලින් කැළණි ගඟට එක්වන අතර ඇර්බර්ඩීන් ඇල්ල උසින් අඩි තුන්සිය විස්සක් (320) කි. 

කෙසෙල්ගමු ඔයේ ජල ධාරිතාව වැඩි වන අවස්ථාවල එහි ජලය දියඇලි දෙකක් සේ පහළට ගලා බසී.  ඇර්බඩින් ඇල්ලට ඉහළින් තවත් කුඩා දියඇලි තුනක් තිබීම නිසා ඇබර්ඩින් ඇල්ලේ සුන්දරත්වය වැඩි වෙයි.

එය නැරඹිමට දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන්  අඹගමුව ප‍්‍රාදේශිය සභාව විසින් දියඇල්ල පහළට ගලා බසින ස්ථානයේම නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකර තිබේ. ඇබර්ඩින් දියඇල්ලේ සංචාරක ප‍්‍රවර්ධන වැඩ සටහනෙන් අනතුරුව ලක්‍ෂපාන දියඇල්ලද සංචාරක ප‍්‍රවර්ධන ව්‍යපෘතියක් ලෙස සංවර්ධනය කිරිමට නියමිතය.



අදහස් (11)

ඇබර්ඩින් දියඇල්ල සංචාරක ප‍්‍රවර්ධන ව්‍යාපෘතියක් වෙයි

Pradeep Liyanage Monday, 15 May 2017 01:36 PM

සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී පරිසරය ගැනත් හොදින් අවධානය යොමුකරනවා නම් වටිනවා. මොකද සංචාරකයන් රැගෙන එන ඝන අපද්‍රව්‍ය ඔය ප්‍රදේශ වලට මුදා හැරීමට තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩියි. විශේෂයෙන්ම ප්ලාස්ටික් සහ වීදුරු. අප රටේ බොහෝ ප්‍රදේශවල මම දැකලා තියනවා හිස් මත් පැන් බෝතල් කුඩුකර ජලාශ සහ ගොඩබිම් පරිසර වලට බැහැර කරලා තියනවා. මෙවන් ක්‍රියා නොකරන ලෙස දැන්වූ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම සහ වෙනත් ආකාරයේ දැනුවත් කිරීම් මගින් මේ සිදුවන, සිදු කරන පරිසර විනාශයන් වලක්වා ගැනීමට පියවර ගන්නවා නම් ඉතාමත් වටිනවා.

:       2       82

lalith Monday, 15 May 2017 06:33 PM

එහෙනම් ඔය පෙනෙන කැලැවේ සැහෙන ගස් ප්‍රමාණයක් කපන්න ප්‍රාදේශීය සභාවෙන් කොන්ත්‍රාත් දෙයි වගේ? වංගු වංගු දාලද පාර කපන්නේ? පාර කොන්ක්‍රීට් කරන්න කොන්ත්‍රාත් දෙන්නේ එහෙම නැතිද? ප්‍රවර්ධනය කරනවා කියන්නේ ඔය පෙනෙන කළුගලත් කඩනවද හැඩ වෙන්න? කඩ පෙළක් ගහල බදු දෙන්නත් පුළුවනි? මාර ඉල්ලමක්නේ?

:       1       9

ranjith bogoda Tuesday, 16 May 2017 12:22 AM

මෙවැනි ව්‍යාපෘති වලින් සිදුවන්නේ නරකක් මිස හොඳක් නම් නෙමෙයි. ලංකාවේ කිසිම එවැනි ව්‍යාපෘතියක් මෙතෙක් සාර්ථක වෙලා නෑ

:       6       9

sarath Tuesday, 16 May 2017 12:10 PM

කරන ඕන අටමගලයක් වෙන තැනක කරන්න ඔය අපුරුවට තියෙන ස්වභාවික සම්පත විනාශ කරන්නේ නැතුව? ඔය දියඇල්ල ප්‍රාදේශීය සභාවට අයිති දෙයක් නෙමෙයි. ජාතිය සතු දෙයක්.

:       2       12

Gihan Wednesday, 17 May 2017 01:02 AM

ලඟදි ජි එස් පි ප්ලස් එනවා අඩු තරමින් ලේන්සුවල්වක්වත් මහල පිටරට යවන ව්‍යාපෘතියක්වත් පටන්ගන්න ඔය ලස්සන දියඇල්ල කන්නේ නැතුව

:       0       4

ධම්ම Friday, 19 May 2017 03:35 AM

ලලිත් ප්‍රාදේශීය සභාවේද වැඩ කරන්නේ. ඔබ හොඳට දන්නවා එයාලගේ වැඩ.

:       0       3

indika Tuesday, 23 May 2017 06:04 AM

කරන ඕන අටමගලයක් වෙන තැනක කරන්න ඔය අපුරුවට තියෙන ස්වභාවික සම්පත විනාශ කරන්නේ නැතුව? ඔය දියඇල්ල ප්‍රාදේශීය සභාවට අයිති දෙයක් නෙමෙයි. ජාතිය සතු දෙයක්.

:       0       1

lalith Tuesday, 23 May 2017 03:44 PM

ධම්ම අවාසනාවට ඔයාගේ ඇස කන් අබාධිත උනාට මුළු රටම දන්නවා ඕක?

:       0       1

Indika Monday, 29 May 2017 11:00 AM

මෙවන් ලස්සනට තියන තැන විනාශ කරන එක හෙන ගහන අපරාධයක්... වහාම මේවාට වග කියන්න ඕන රජයේ දේශපාලකයන්.... ලස්සනට තිබුණු දිය අැලි කියක් නැතිවුණාද?

:       0       2

S.Samarawickrama Monday, 29 May 2017 03:03 PM

මෙම ව්‍යාපෘතිය වහාම නැවත්වීමට සුදුසු පියවර ගැනීමට කටයතු කරන මෙන් කාරුණිකව ආයාචනය කරනවා

:       1       1

Indika Tuesday, 30 May 2017 05:27 AM

ස්වභාවික සම්පත් ටිකත් කන්න හදන්නේ. මේ අය කරන අපරාද වලට වන්දි ගෙවන්නේ අපි වගේ අසරණ මිනිස්සු. මේ අයගේ ඇස පෙන්නැද්ද. රටට වෙලා තියන අපරාදේ. මේවා කරන්න හදන අයගේ මොලේ කොහෙද තියෙන්නේ මේවගේ ගොන් අදහස්. මේවා ජාතික අපරාද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6693 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1129 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site