IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දීය බෙරවාදන මධ්‍යයේ ජනපති පිළිගනී

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (28) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටි අතර ඉන්දියාවේ සාම්ප්‍රදායික බෙරවාදන මධ්‍යයේ ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරය කරන අතර මෙම සංචාරය ජනාධිපතිවරයාගේ පළමු නිල සංචාරයයි.

(ඡායාරූප -  ඒ.එෆ්.පී.) 

055



අදහස් (19)

ඉන්දීය බෙරවාදන මධ්‍යයේ ජනපති පිළිගනී

d.upul Thursday, 28 November 2019 02:23 PM

අපේ ජනපතිට එන්න කියලා ආරාධනා කරලා, පිළිගන්න නිලධාරීන් එවන එක හරි මදි වගේ. අපි නම් කුඩෙත් ඉහළනවා.

:       74       597

රූපසිංහ Thursday, 28 November 2019 10:26 PM

ඉතින් කරන්න තියෙන්නේ ඒ ආකාරයෙන්ම සලකන එකයි. ඉන්දියානුවන් ටිකක් ආඩම්බරයි. ඔබ හරි අපේ රටේ පලවෙනි පුරවැසියා පිළිගැනීම සදහා එව්වේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්. එය අප රටේ ජනතාව නියෝජනය කරන්නේ අප ජනාධිපතිවරයා. ඉතින් එසේ සැලකීම අපට කල මදිකමක් නේද? කොතරම් බෙර පැලෙන්න ගැහුවාට මදි. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම අනුව සාමාන්‍යයෙන් පිළිගන්නේ අවම වශයෙන් රටේ විදේශීය ඇමති. ඇත්තට මට නම් කණගාටුයි මේ ගැන.

:       1       1

kamalFriday, 29 November 2019 02:41 AM

යක් බෙර ගහලා වගේ පිළිගන්නේ

:       1       1

Weear SankiliFriday, 29 November 2019 05:58 AM

ඇයි මීට ඉස්සර සිරිසේන මහත්තයා ඉන්දියාවේ නිල සංචාරයකට ගිහිල්ලා මෝදිට කුඩේ ඇල්ලුවා මතක නැද්ද?

:       1       1

MO77 Thursday, 28 November 2019 03:51 PM

ගෝඨාභයව ඉන්දියාවේදී ඉහළ කොට සලකනු ලබනවා.

:       372       229

නන්නාදුනන හාදයා Thursday, 28 November 2019 04:22 PM

ඒක තමයි නිකම්ම නිකම් කාර්යාල නිලධාරියෙක් ආවේ පිළිගන්න.. අපි අපි ගැන ලොකුවට හිතාගත්තාට අපි ඇවිල්ලා ",බහුතරයක්" ගෝත්‍රිකයින් වෙසෙන චුටි දුපතක්. නිතරම ජාති, ආගම්, කුල මල නිසා එකිනෙකා සටන් කරගන්නවා. රට පාලනය කරන්නෙත් ගෝත්‍රික කණ්ඩායම් දෙකකි. ඉතින් ඒවගේ වනචාරී දුපතක ලොක්කව පිළිගන්න එන්නේ ඒ රටේ සාමාන්‍ය නිලධාරියෙක්... අපේ ලොක්කා යන ඊළඟ රටවලත් ඕකම තමයි සිදුවන්නේ...

:       1       1

NishanqThursday, 28 November 2019 10:06 PM

මේ එන්නේ රටක ජනාධිපති කෙනෙක් මිසක් නිලධාරියෙක් නෙවෙයි. පහුගිය දවස් ටිකේ මෙහෙ වෙච්ච දේවල් මෝදී අගමැතිට ආරංචි වෙලා ඇති.

:       1       1

Hemantha Thursday, 28 November 2019 04:16 PM

උපුල් ඔයා දන්නේ නැද්ද, රටකින් තව රටකට ගියාම කෙලින්ම අගමැති මැදුරට හෝ ජනාධිපති මැදුරට බහින්නේ නැති බව? ගුවන් තොටේ බැහැලා අදාළ තැනට යන්නේ... ඒකට පිළිගැනීමේ නිලධාරී පිරිසක් මිස අගමැති, මැති ඇමතිවරු එහෙ යන්නේ නැහැ.

:       1       1

ලියනගේ Thursday, 28 November 2019 05:23 PM

ඉන්දියාවේදී රතු කාපට් දමා නැතිබවක් පෙනේ.

:       1       1

Chathuri Thursday, 28 November 2019 05:45 PM

අපි කොහොමත් දෙකට තුනට නැමිලා කුඩේ අල්ලන්න හරිම දක්ෂයි. ඒ අපේ නිවටකම. ඡන්දෙන් පසු තවමත් කිරිබත් උයන මෝඩ රැලක් ඉන්න රටක්, ඉන්දියාව කියන්නේ උගතුන් පිරි නීතියට හිස නමන රටක්. ලෝකේ මොන නායකයා ආවත් ඒ ඇත්තෝ දන්නවා පිළිගන්න ආකාරය. ආචාර වෙඩිමුර දීලා පිලිගත්තනම් ඉන්දියාවට හිනහ වෙන්නේ ලෝකේ අනිත් රටවල්. අද ගෝඨාභයට චෝදනා තිබුනේ නැතිනම්, මහින්දට වැඩිය පිළිගැනීමක් තියෙනවා. අපිට මොන විදියේ පට්ටම් ලැබුනත් වැඩක් නැහැ, ලෝකය දන්නවා ඒවා ලබා ගත්තේ කොහොමද කියලා

:       1       1

binkunndaa Thursday, 28 November 2019 06:07 PM

ඉන්දියාවේ පිළිගැනීම ඉතා අඩුපාඩු සහිතයි

:       1       1

දිවියා යසවර්ධන Thursday, 28 November 2019 06:42 PM

ඉන්දීය විදේශ ඇමති එන්න එපාය පිළිගන්න, ඇයි අපේ රනිල් මහත්තයාව එහෙමනේ පිළිගත්තේ

:       1       1

නෙලුම් Thursday, 28 November 2019 07:47 PM

කොන්ද පණ ඇති නායකයාට ලෝකෙම ගරුකරනවා. කුහක බමුණන්ගෙන් පරිස්සම් වියයුතුයි.

:       1       1

සෑම් Friday, 29 November 2019 12:32 AM

මම හිතන්නේ ඉන්දියාව ගැලපෙන හොඳම සැලකිල්ල දීලා තියනවා. පොරගේ හැටි දන්නා නිසා සහ ජයග්‍රහණයට පසුබිම සාදා ගත්හැටි හොඳින් දන්නා නිසා.

:       1       1

nishantha Friday, 29 November 2019 01:06 AM

තිරුපති යන එක පිළිගන්න දේවාලෙන් මිසක් මෙහෙමවත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ආපු එකම මදැයි

:       1       1

anura Friday, 29 November 2019 01:45 AM

දේශද්‍රෝහී පාරම්පරික යූඑන්පී දේශපාලනය මෙරටින් තුරන් කළ යුතුව ඇත.

:       1       1

Bamunuarachchi Friday, 29 November 2019 02:00 AM

අපේ සර්ට තියෙන පිළිගැනීම දැක්කම හරිම සතුටුයි, සිංහලයෙක් වීම ගැන ආඩම්බරයක් දැනෙනවා!

:       1       1

Sarath Friday, 29 November 2019 03:16 AM

කෝ මෝදී?

:       1       1

jayath Friday, 29 November 2019 03:40 AM

මම නම් දැක්කේ ඕවා නොවේ මෙතුමාගේ අතේ අර නූල් , කරකවන බෝල, විවිද ආයිත්තම් නැහැ. මම හිතන්නේ මගුල් මුද්ද විතරක් ද කොහෙද තියනවා. මේ මගේ දැක්මට අනුව හොඳ දෙයක්.

:       111       165

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 106 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6638 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6276 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7691 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18358 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1318 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 124 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 913 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site