IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම්

(ඩබ්. ඒ. පියතිලක/ ක්‍රිෂාන් ජීවක ජයරුක්/ ජයමාල් චන්ද්‍රසිරි සහ රංජිත් රාජපක්ෂ)

දිවයින පුරා ඉන්ධනහල් රැසක මේ වනවිටත් දිගු පෝලිම් දැකිය හැකිය. 

කොළඹ, මහනුවර, මාතර, පොළොන්නරුව ආදී පෙදෙස් රැසක ත්‍රී රෝද රථ, යතුරුපැදි, මෝටර් රථ ආදී වාහන රැසක් ඉන්ධනහල් අසල පෝලිම්වල රැඳී සිටින අතර ඇතැම් ඉන්ධනහල් තුළ ඉන්ධන තිබුණද දිග පෝලිම් හේතුවෙන් බොහෝ දෙනකුට ඉන්ධන ලබා ගැනිමට නොහැකි වු බව කියති.  

කෙසේ වෙතත් පෝලිම්වලදී නිසි ක්‍රමවේදයකට අනුව පෙට්‍රල් ලබා දෙන විට ආරවුල් ද ඇති වන අයුරු දැක ගත හැකි විය.
මාතර නගරයේ ඉන්ධන පිරවුම්හල් දෙකක පමණ පෙට්‍රල් නිකුත් කළ අතර අනෙකුත් පිරවුම්හල් වසා දමා තිබිණි.

කෙසේ වෙතත් වතුකරයේ ප‍්‍රධාන නගරවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වල තවත් සතියකට පමණ පෙට‍්‍රල් ඉන්ධන සංචිතයක් පවතින බව ඉන්ධන පිරවුමිහල් හිමියෝ පවසති.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

(ඡායාරූප - ක්‍රිෂාන් ජිවක ජයරුක්)

(ඩබ්. ඒ. පියතිලක)

(සමන් විජය බංඩාර)

 



අදහස් (8)

ඉන්ධනහල් අසල අදත් දිගු පෝලිම්

hasitha Monday, 06 November 2017 06:16 AM

දැන්ම ටික ටික පුරුදු වෙන එක හොඳයි. තව ටික දවසකින් හාල්, පොල් , එළවලු ගන්න කොහොමත් පෝලිමේ ඉන්න වෙනවා සත්තයි. අපිට ගොඩක් සතුටුයි ලක්ෂ 62 ක ගේ බලාපොරොත්තු ඉටු වීම ගැන.

:       1516       2145

saman Monday, 06 November 2017 08:40 AM

අඩුවට වාහන ගන්න හිතාගෙන ඡන්දෙ දීලා... අන්තිමට තියෙන වාහනේටත් පෙට්ට්‍රල් ටික නැති වුණා. කොහොමද එ්ක වුණේ?

:       222       705

ත්‍රීවීලර්කාරයා Monday, 06 November 2017 08:42 AM

ඡන්දෙට ඉස්සර තෙල්ගාන කීයක් හරි අඩුකරනවා. තියෙන ටික වැඩිගාණට ඉක්මණින් විකිණීමට ගහපු ප්ලෑන් එකක්. අයි.ඕ.සී. නැවේ ප්‍රශ්නේ සිපෙට්කෝ එකට බලපාන්නේ කෙසේද? තෙල්ගාන අඩුකළාට බස්ගාන තිබුණු විදියමයි. ඒ ගොල්ලෝ සද්ද නෑ. හැබැයි ඡන්දෙ ඉවරවුනු ගමන් අඩු කළා තෙල්ගාන නැවත වැඩිකරනවා. ඔන්න එතකොට බස්කාරයෝ ගාන වැඩිකරනවා. අන්තිමට බස්ගාන වැඩි වෙනඑක විතරයි අපිට වෙන්නේ....

:       23       157

de silva Monday, 06 November 2017 09:16 AM

ත්‍රිවිල්කාරයා මහතාගේ අදහස මමත් අනුමත කරමි. තෙල් මිල අඩු කරන්න අවශ්‍ය නැහැ. ඔය තියෙන මිලටම ලබන අවුරුදු 2 තෙල් දෙනවා කියලා අපිට ලිඛිත පොරොන්දුවක් දෙනවා නම්... අපේ චන්දෙ ඔබතුමාලට දීම ගැන සලකලා බලන්න පුළුවන් ...

:       296       468

Lakvidu Monday, 06 November 2017 09:53 AM

සියයට 20 ක් තියෙන අයි.ඕ.සී. එක තෙල් නැවක් ප්‍රතික්ෂේප වුණාම මෙහෙම වෙනවා නම්, ඇති වැඩේ මොකක්ද? ඒකත් අයි.ඕ.සී. එකටම දීලා දැම්මානම් ඉවරයි.

:       39       153

hasitha Tuesday, 07 November 2017 02:38 AM

රටට මෙහෙම වෙන එක පුදුමයක්යැ.....මේ වගේ බඩගෝස්තරය ගැන විතරක් හිතන අය බහුතරයක් ඉන්න කොට..

:       0       0

opinion Tuesday, 07 November 2017 06:42 AM

පොඩි දුරක් යන්න පවා වාහන, මෝටර් සයිකල්, ත්‍රීවීල් හොයන අපි ඔක්කොටම මේක හොද පාඩමක්. ආණ්ඩුවෙන් කරන්නේ වාහන නැති කලාප නගරයෙන් නගරයට ඇති කිරීමයි. ලංකාව වගේ උෂ්න කලාපිත රටක ඒක කරන්න අමාරු උනත්, ඒත් උදෑසන සහ සවස වේලාවල් ඇතුළත වාහන තහනම් කරල පුලුවන් තරම් බයිසිකල් සහ ඉන්දන නොමැති වාහන භාවිතයට මිනිස්සුන්ට පොලබවන්න ඕනේ. දෑන් කිලෝමීටර් බාගයක් යන්නත් මිනිස්සු හොයන්නෙ ත්‍රීවීල්. ඒකයි දෑන් ලෙඩ්ඩු වැඩි...

:       0       73

ravi Tuesday, 07 November 2017 09:51 AM

ඔබට සතුටුයිද දැන්........?

:       0       72

ඔබේ අදහස් එවන්න

 

 
 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 126 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6694 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6300 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7700 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18380 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1333 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 71 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site