IMG-LOGO

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා


ඉලන්තඩියේ කස වනාන්තරය මුහුදට බිලිවෙයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ඉලන්තඩිය වෙරළ තීරයේ ඇති  සුළං බාධකයක් ලෙස පවතින කස වනාන්තරය මුහුදු ඛාදනයට ලක්වී විනාශ වෙමින් ඇති බව  පරිසරවේදීහු  චෝදනා කරති. මේ වන විට කස වනාන්තරයේ දැවැන්ත ගස් සිය ගණනක් මුහුදට ගසා ගොස් තිබේ.
 
වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව 2006 වසරේ නැවත වන වගාකිරීමේ ව්‍යපෘතියක් යටතේ කිලෝමීටර් තුනකට වැඩිදුරකට හා මීටර් 200 පළලට මෙම කස වනාන්තරය ස්ථාපිත කර තිබුණි. මෙම කස වනාන්තරය ආරම්භ කිරීමට මුල් වී තිබුනේ යළි සුනාමි ව්‍යසනයක් මතු වුවහොත්  මෙම කස වනාන්තරය ඊට බාධකයක්ව, සිදුකරන හානිය අවම වීම සලකමිනි.
 
එසේම වයඹ මුහුදු තීරයට වාරකන් කාලවලදි හමා එන දැඩි සුළං ප්‍රවාහය ගම්මාන වෙත කඩා වැදීමට ද මෙම කස වනාන්තරය බාධකයක් ලෙස සැකසු බව එකල මෙම වනාන්තරය ආරම්භ කිරීමට කැපවු පිරිස පවසති.
 
මේ පිළිබඳව අදහස් දැක්වු  දළුව  ක්‍රිස්ටි අප්පුහාමි මහතා මෙසේ පැවසීය.
 
“වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මේ කස වනාන්තරය ආරම්භ කළේ 2006 වසරේ. මම කස පැළ රැගෙන ඒමටත් දායකත්වයත් දැක්වුවා. හැබැයි එදා සිතුණේ නැහැ මේ වනාන්තරය මේ තරම් විශාල වනාන්තරයක් වෙයි කියලා. වනාන්තරය ආරම්භ කරන්න මුල් වුනේ 2004 සුනාමි ව්‍යසනයෙදී කස වනාන්තර තිබූ ස්ථානයේ සිදුව තිබු හානිය අඩුවීමයි. මේ කස වනාන්තරය වැදගත් වුනේ වාරකන් සමයන් වලදි මුහුදේ සිට හමා එන සුළං ගොඩබිමට එම වළක්වාලන්නයි. එහෙම තිබුණු මේ වනාන්තරය අද මුහුදට බිලිවෙලා”
 
පුත්තලම දිසා වන කාර්යාලයේ අඩවි වන නිලධාරි ඩබ්ලියු. එම්. සී. කේ.වාසල මහතා මෙසේ කීය.
 
“ මේ කස වනාන්තරය මුහුදු ඛාදනවීම වැළැක්වීමට ගල් වැටි දැමීම අවශයි. ඒ පිළිබදව අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට දන්වා තිබෙනවා. නමුත් ප්‍රතිපාදන ගැටළුවක් නිසා ගල් වැටි දැමීම ප්‍රමාද වුණා”
 
වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මිය කළ විමසීමේදි පවසා සිටියේ මෙවැන්නකි.
 
“ අපි වසර ගණනාවකට කලින් මේ තීරයේ ගල් වැටි දැමීමට සුදානම් වුවිට ධීවරයින් එයට විරෝධය පෑවා. එනිසා තමයි මේ කස වනාන්තරය අද දරුණු මුහුදු ඛාදනයට ලක්වී තිබෙන්නේ. නමුත් ඉදිරියේදි පවතින තත්වය අනුව ඉදිරි කටයුතු කරන්න අපි සුදානම්” යැයි ඇය පැවසුවාය.



අදහස් (6)

ඉලන්තඩියේ කස වනාන්තරය මුහුදට බිලිවෙයි

පූජා Tuesday, 11 August 2020 09:24 AM

අනේ, කස වනාන්තරයට වෙලා තියෙන දෙයක්... ආපහු කස ගස් හිටවලා, ගල් වැටි අතුරන්න තියෙන්නේ.. ගල් වැටි අතුරනවාට ධීවරයන් විරුද්ධ වෙන්නේ ඇයි? හොඳ වැඩක්නේ කරන්න යෝජනා කරලා තියෙන්නේ... කස වනාන්තරය මුහුදට බිලිවුනු එක ගැන, පින්තූරයේ අන්තිමට ඉන්න පොඩ්ඩන් දෙන්නාට නම් ගානක්වත් නැහැ වගේ.. එයාලා එයාලගේ ළමා ලෝකේ...

:       0       138

පූජාTuesday, 11 August 2020 10:32 AM

කස ගස්, මුහුදු ඛාදනය, ගල් වැටි, ධීවරයන්ගේ විරෝදය, පොඩ්ඩන්ගේ සුන්දර ළමා විය, කිසිම දෙයක ගානක් නැතිව හැම දෙයක්ම මුහුදට ඇදගෙන නිසලව ඉන්නා මහ මුහුද, සිතිවිලි සයුරක ගිලී සිටින මගේ සිත, පොඩ්ඩනි, නුඹලා කෙතරම් වාසනාවන්තයෝද.? ළමා කාලය තරම් සුන්දර කාලයක් තවත් තිබේද.?

:       0       118

sanath Tuesday, 11 August 2020 11:11 AM

ගල් වැටි දැමීමට ධීවරයින් විරුද්ධ වන්නේ ඔවුන්ට වෙරළේ පහසු තැනකින් මුහුදට යාම සහ ඒම අපහසු වන බැවිනුයි. වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගල් වැටි දැමීමට නොහැකි වුයේ මුදල් හිඟ කමින්. මෙවැනි දේ දුප්පත් රටවල සිදුවිය හැකි දේවල්ය. එබැවින්, මෙවැනි දේට විරෝධය පෑම හෝ චෝදනා කිරීම අර්ථයක් නැති දෙයකි.

:       0       140

Galwaduge Sanath Arachchi kettuwa Tuesday, 11 August 2020 01:50 PM

ඔක්සිජන් එපා කියපු අයට මොන කසාගස්ද?

:       0       119

sharm warn Wednesday, 12 August 2020 06:36 AM

ලංකාවේ ඉන්න හොඳම පරිසරවේදියෝ තමයි පාරම්පරික ධීවරයන් සහ පාරම්පරික ගොවීන්.. මේ දෙගොල්ලොම දන්නවා පරිසරයේ වෙනස්කම් එක්ක තමන්ගේ කර්මාන්තය කරගෙන යන්න. ඒ දැනුම කවදාවත් අදාළ අමාත්‍යාංශ හෝ ඒවායේ ඉන්න උගත් නිලධාරින් ප්‍රයෝජනයට ගත්තද කියලා සැකයි. කොහොම වුණත් ධීවරයන්ගේ විරෝධයට හේතු මොනවද කියලා හරියට අධ්‍යයනයක් කරලා බලලා, ඒ හේතුවල පදනමක් නැතිනම් වහාම ගල්වැටි අතුරන්න පටන්ගත යුතුයි. කවුරු කිව්වත් පදනමක් නැතිනම් ඒ කතා කරාට ගන්න එක නෙමෙයි නිලධාරීන්ගේ වගකීම. හැබැයි ඉතින් ධීවරයන්ගේ පිටිපස්සේ ‘ඡන්දය‘ නැතිකර ගන්න අකමැති මන්ත්‍රීලා ඇමැතිලා ඉන්නවා නම් ඉතින් නිලධාරින් පව් වෙනවා. කොහොම වුණත් මේ ගැන පාරදෘශ්‍ය කතාවක් අවශ්‍යයි.

:       0       0

rana Wednesday, 12 August 2020 09:28 AM

අපිට මොටද කසා වනන්තර...? අපිට තියෙනවනේ වරාය නගරය, අල වගේද ගෝවානේ..?

:       100       0

ඔබේ අදහස් එවන්න

 

 

සේයා රූ

දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය
2024 දෙසැම්බර් මස 22 107 0

රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු


ට්‍රම්ප් දිනුම්
2024 නොවැම්බර් මස 06 6640 25

රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ


විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6277 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7691 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18358 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1319 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 169 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site