(නිමල් ජයරත්න)
වෙහෙරගල ප්‍රදේශයේදී මාදුරුඔය ඉසෙඩ් ඩී ප්‍රධාන ඇළට වැටී සිටි වන අලියෙකු අද(28) වනජීවි නිලධාරීහු පිරිසක් ගොඩගෙන අලුත්ඔය රක්ෂිතයට මුදාහැරීමට පියවර ගත්හ.
වෙහෙරගල අඩවි සහකාර ආර්.ආර්. ශාන්ත මහතා ඇතුළු වෙහෙරගල වනජීවි කාර්යාලයේ නිලධාරීහු සහ ප්‍රදේශවාසීහු අලියා ගොඩගැනීමට පැය හතරක මෙහෙයුමක් ක්‍රියාත්මක කළහ.
අලියාගේ වයස අවුරුදු 35 ක් පමණ වන බවත්, කිලෝමීටර් හතරක් පමණ දුරක් සැඬපහරට ගසාගෙන ගොස් ඇති බවත් ශාන්ත මහතා පැවසීය.
ප්‍රදේශවාසීන්ගෙන ලද තොරතුරකට අනුව එහි ගොස් ටයර්, කඹ සහ යකඩ දම්වැල් ආධාරයෙන් අලුත්ඔය ප්‍රදේශයෙන් අලියා ගොඩගත් බවත් වෙහෙරගල අඩවි සහකාරවරයා සඳහන් කළේය.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ඉසෙඩ් ඩී ඇළට වැටුණු වන අලියා ගොඩගනී
Champa Thursday, 28 November 2019 10:16 AM
කිලෝ මීටර 4ක් විතර වතුරේ ගහගෙන ගියා නම් තව පොඩ්ඩෙන් අලියාගේ ජීවිතෙත් නැති වෙන්න තිබ්බා. එහෙම වුණා නම් තවත් අලියෙක් ගැන කණගාටුදායක කතාවක් අහන්න වෙනවා. අනේ වනජීවී නිලධාරීන්ට සහ ප්‍රදේශයේ ජනතාවට ස්තුතියි අලියව බේරා ගත්තට... අපේ මිනිස්සු සතා සිවුපාවට ආදරය දයාව කරුණාව දක්වන එක ගැන මට හරිම සතුටුයි.
aliya Thursday, 28 November 2019 10:18 AM
ඇලවල් කපලා හැමතැනම... මාව ගොඩට රන් පත්තරේ දාපු හැමෝටම පින් නමුත් මේ ඇලවල් කපපු ගොයියා අහු වුණොත්....!!
Bamunuarachchi Friday, 29 November 2019 02:02 AM
අලි දැන් ඇලේ! උන් ගොඩ ගන්නෙත් අපේ ආණ්ඩුව! හැබැයි සර්ලා ඕවා කරන්න ඕන කැලේ අලින්ට විතරයි. අර කකුල් දෙකේ අයට නම් ආයේ කල්පෙකටවත් ඉහ ගහගන්න දෙන්න හොඳ නැහැ,
ආනන්ද පිටබැද්දර Friday, 29 November 2019 06:10 AM
ඉතාම හොඳ පින්වත් සත් ක්‍රියාවක්. අපේ අයගේ ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව සතෙක් වුනත් කරදරයකට පත් වුනාම එක් සිත්ව එක්සත්ව කටයුතු කිරීම හරිම සතුටුයි. දුකට පත් අලියෙක් බේරාගත් සැමට සියළු දෙවි රැකවරණය හා උතුම් රත්නත්‍රයේ පිහිට ලැබේවා. ඔබලාගේ පවුල්වල අයටත් නිදුක් නිරෝගී බව හා සියළු ආරක්ෂාව ඇතිවේවා.